මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට දුන්නේයැයි කියන ‘මොනෑක්‘ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වූ අනිකා විජේසුරිය මහත්මියට හා ඇගේ ඥාතීන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබේ.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියෙකු බව කියන පුද්ගලයෙකුගෙන් එල්ල වු බව කියන ජීවීත තර්ජන හේතුවෙන් එම ආරක්ෂාව ලබාදී ඇතැයි වාර්තා වේ.
බැඳුම්කර කොමිසම කළ නියෝග මත පොලිස්පතිවරයා විශේෂ පොලිස් ආරඬාවක් ලබාදී තිබේ.
අනිකා විජේසුරිය මහත්මියගේ වැඩිමහල් සහෝදරයා වන විජිත විජේසුරිය මහතාටත් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බෑණා කෙනෙකු බව කියන ශනිල් නෙත්තිකුමාර නමැත්තා දුරකතන ඇමතුමක් මඟින් මරණීය තර්ජන එල්ල කොට ඇති බවද මෙම තර්ජන හේතුවෙන් අනීකා විජේසුරිය මහත්මිය රටහැර ගොස් ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පසුගිය දිනෙක කොමිසමට දැනුම් දුන්නේය.
තර්ජන සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇති බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරි බෑනා සහ හොර මාමණ්ඩිය පිළිබද ආදරකතා වස්තුව " මොනක් චිත්‍රපට ශාලාවේ" දැන් තිරගතවනවා ඇත.මෙය නැරබීම සදහා " තම අර්ථසාදක මුදල් අහිමිවූ " ලක්මවගේ දුදරුවන් අති විශාල පිරිස් පැමිණෙන බැවින් ඔබගේ ප්‍රවේශ පත්‍රය කලින් වෙන්කරවගන්න. අපගේ මතකයට එනවා මේ උන්දැ හොදම මුදල් උන්නැහේට ලැබුන " කෙසෙල් දල්ලේ " ලියනලද සහතිකෙත් අරගෙන මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැකීමටත් ගියනේද ?
තර්ජනය කරපු එකාට කිසි ප්‍රශ්නයක් නෑ වගේ....අනේ කාලේ වනේ වාසේ කීවලු......
කියන්නේඅපි හොරු නෙවෙයි, අපි මිනි මරුවන් නෙවෙයි, අපි බබාල කියල, බලන කොට ඇත්තනේ, තොත්ත බබාල දැන් තිර ගත වෙයි.
නීතිය නවන එකක් නැහැ නේද , පොලිසිය ?
යකෝ මේක පුදුම රටක්නේ ... එකෙම්ම ඔප්පුවෙනවා මුන්ගේ ගේමේ තරම .... තකඩියන්ට ගිය රට....
නීතිය නවලා ආරක්ෂාව අයින් කරන එකක් නැහැනෙ ?
රවී කරුණානායක බෙල්ලටම අසුවී තිබෙන්නේ බැඳුම්කර වංචාවට.. ඒ නිසා ඔහුගේ ගැලවීමට ඕනෑම දෙයක් කරනවා. බලය අහිමි වී ගිය නිසා ප්‍රවේසම් වෙන්න.
ඇයට පොලිස් ආරක්ෂාව ලබාදීම හොඳ දෙයක් එහෙත් තර්ජනය කල කෙනා නිදැල්ලේ ඉන්න එකනේ පුදුමේ.
කොහොමද හිටපු ඇමතිතුමාගේ පතලෙත් සම්බන්දකම් නැතුවම නෙමෙඉනෙ , දෙමට ගොඩ පැත්තේ ලොකු මිනිස්සු අපේ ඇමතිතුමාගේ ලගම හිතවත්තුනේ
එතකොට ශනිල් නෙත්තිකුමාරව අත්අඩංගුවට ගන්නේ නැත්ද?
සාක්‍ෂිකරුවන්ට ආරක්ෂාව සපයන්නේ මරණ තර්ජන නිසා ඔවුන් රට හැර ගොස් එය මාධ‍්‍ය මගින් හෙළිකලාටත් පස්සෙද? සමහර විට මේ ගැන පත්තරෙන් තමයි දැනගන්න අැත්තේ.
ඔබලා මේ රටේ ඉපදුනේ රටේ හා රටේ මිනිසුන්ගේ අවාසනාවට... කියලයි මට හිතෙන්නේ..
ආසියාවේ හොඳම හොරා දැන් චණ්ඩිකමත් පටන් අරන් වගේ.
දැන්වත් නිකන් අඳුරේ අතපත ගෑම නවත්වලා, සැකකාරයෝ අත්අඩංගුවට අරන් නඩු පවරන්න. ලොක්කොත් විවෘත්ත කිරීම් උත්සව වලදී සුරඟන කතා කියමින් රට වටේ යනවා මිසක් වැඩක් කරන බවක් නොපෙනේ.
මේ නාට්ටිය කවදද ඉවරවෙන්නේ. හොරුන් තවමත් නිදල්ලෙනේ.
තර්ජනය කලකෙනාව දැන් ලංකාවම දන්නවනේ.. ඒ අයටම ගිය රට. අපේ අවාසනාවක් මේ වගේ රටක ඉපදීම නම්.
වෙනත් රටක නම් පොඩි වංචාවක් කලත් මහජන නියෝජිතයෙක්, අලාබය අයකරගෙන ධුරයෙන් පහකරලා නීතිමය දඬුවම් දෙනවා. අවාසනාවකට ඉල්ලන් කෑවේ, ඇමතිධුරය පමණක් අහිමිකර අනිත් සියලු වරප්‍රසාද එහෙම්ම ලබාදෙනවා. දූෂකයා සාක්ෂි කරුවන්ට බලපෑම් කරන තත්වයට පත්වන්නේ ආර්.කේ.ලට නීතිය නැමෙන නිසාද ?
පැමිණිල්ලක් දාල රටෙන් පැනලත් ගියහම අමාරුවේ වැටෙන්නේ විත්තිකාරයයි.. කවුරු කිවුවත් හිතුමතේ පැමිණිල්ලක් දාපු පලියට කෙනෙක්ව අත්අඩංගුවට ගන්න නීතියේ හැටියට බැහැ. පැමිණිල්ල ගැන හොයලා බලලා මොකක් හරි කරනකන් නෙත්තිකුමාරගෙන් හැංගිලා මෙයාට ටික දවසක් ඉන්න ලංකාවේ වෙන තැනක් තිබුනෙම නැද්ද?
සාක්‍ෂිකාරියට මරනීය තර්ජනයක්, දන්වන්නේ අතිරේක සොලිසිටර් ඡෙනරාල්, තර්ජනය කරන්නේ රාත්‍රී සමාජ ශාලා හිමි, පාතාල කෙරුමෙක්, රවීගේ නෑයෙක්, ඒ හේතුවෙන් දැන් අනීකාට ආරක්‍ෂාව විතරද? තර්ඡනකරු අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි?
අනේ මෙහෙම ලංකාවක්...! අපේ පෙර පිනකට තමයි මේ රටේ ඉපදුනේ...!! ඊළඟ ආත්මයෙත් මේ රටේම සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදේවා...!!!
ඇත්තටම මේ අය කියන්නේ හිඟන්නෝ... මේ විදියට හොරකම් කරලා තමයි අද මේ ලොකු සල්ලි කරයෝවෙලා ඉන්නේ.. ඇත්තටම ලැජ්ජයි...
තර්ජනකාරයා අත්අඩංගුවට ගන්න බැරි මොකද? සමහරවිට පොලිස් පතිට කවුරු හරි " සර් " කෙනෙක් කෝල් එකක් දීලා එය අර "ඇරෙස්ට් කරන්නේ නැහැ සර් ප්‍රොමිස් යු සර්" මන්තරය මතුරනවද දන්නේ නැහැ....
නීතිය නැමීම දෙපාර්තමේන්තුවේ ලොක්කා කෝ ?
අනිකාට පොලිස් ආරක්ෂාව නම් "ඒකාට" ආරක්ෂාව කොහෙන්ද අත්අඩංගුවට පත් නොවී ඉන්න.
මේක පුදුම රටක්නේ... මරණ තර්ජන කරපු කෙනා හිරේ දමන්න.
අනිකාට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව දෙනකොට තර්ජන කාරයාට පොලිසියේ අැමැති ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව දෙනවා ඇති... මේවට වියදම් කරන්නේ අපේ බදු මුදල් තමයි.
මේකට සම්බන්ද ඔක්කොම කට්ටිය දැන් හත්පොලේ නාගෙන ඉන්නේ. හැබැයි කවදා මේවට දඬුවම් කරයිද කියන එක දෙවියෝ තමයි දන්නේ.
මෙම තර්ජන ගැන අමෙති තුමා කිසිදෙයක් දන්නේ නැතුව ඇති , මේවා කරන්න ඇත්තේ එතුමාගේ පවුලේ උදවිය වෙන්න ඕනේ ?
රවීන්ද්‍ර ඔයා වෙත හිඟන්නෝ හිඟා කන්නේ හොරකම් කරන්න ලජ්ජා හින්දයි මූට හිඟන්න කිවුවොත් පිනක් කරගන්නවත් හින්ගන්නෙක්ව හොයා ගන්න බැරිවෙයි
දැන් රවී කියයි එයා දන්නේ නෑ.....බෑනාගෙන් අහන්න කියලා...
ලංකාවේ මිනිස්සු පාරවල් වහගෙන උද්ඝෝෂණ කලේ සයිටම් වැනි කුඩා දේවලටය. මෙම වංචාව නිසා රටේ දළජාතික නිෂ්පාදනයෙන් 1/5 තරම් විශාල මුදලක් රටට අහිමි විය. නමුත් මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව නඩු පැවරීමක් මෙතෙක් සිදුවී නැත. මෙම හොරකමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස රජයට බලකර අප දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක් කල යුතුය. මේ සම්බන්ධව කොමිසමක් පත්කර ඇතත් මොවුන්ට දඬුවම් කිරීමට බලයක් නැත. නමුත් කොමිසම හමුවේ ප්‍රකාශ වුණු කරුණු කාරණා අනුව මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට හොඳටම සාක්ෂි ඇත. අඹගෙඩි 3 හොරෙන් කැඩුවා කියා කාන්තාවක් අධිකරණයට ගෙන ගිය පොලිසිය ඩොලර් කෝටියකට වැඩිය මහජන මුදල් හොරකම් කර ඇති සැක කරුවන්ට විරුද්ධව අද හෙටම ක්‍රියාත්මක විය යුතුය.
ඔය "අම්බලම" රත් කරන 225ම ඔහොම තමයි. මේ අය ඔය අම්බලමේ පුටු රත් කරන්න ඇවිල්ලා තියෙන්නේ මිනිසුන්ගේ ලේ උරා බොන්නයි.