(විනීතා එම් ගමගේ)
විදේශ රැකියා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් ප‍්‍රසිද්ධ කිරිපිටි සමාගමකින් රුපියල් 13,77,750 ක් වටිනා කිරිපිටි පැකට් 3500 ක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳ එම අමාත්‍යංශය අභ්‍යන්තර පරික්ෂණයක් අරඹා ඇත.
විදේශ රැකියා අමාත්‍යංශයේ අවශ්‍යතාවයක් උදෙසා කිලෝ ග්‍රෑම් එකේ කිරිපිටි පැකට් 1000 ක් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට් 2500 ක් ලබා දෙන ලෙස දන්වමින් එහි අතිරේක ලේකම්වරයකු හා විධායක නිලධාරියකු ලෙස පෙනී සිටින දෙදෙනෙකු අස්සන් කරමින් ඉකුත් 21වැනිදා ඊමේල් පණිවිඩයක් යවා ඇත.
අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් අදාල නිලධාරින්ගේ නිල මුද්‍රා පවා යොදා ගෙන මෙකී ඉල්ලීම ඊමේල් කර ඇති අතර එහි සඳහන් දුරකථන අංකයන්ට කථාකර කිරිපිටි සමාගමේ නිලධාරින් බඩු එවිය යුතු ස්ථානය විමසා ඇත. ඒ අනුව කඩවත අධිවේගී මාර්ගය ආසන්න ස්ථානයක් පවසා එහි ගෙන එන මෙන්ද එතැනදී ලොරියකින් ඒවා භාරගන්නා බවද මෙම පුද්ගලයින් පවසා ඇත.
ඔවුන් පැවැසූ ස්ථානයට ප‍්‍රවාහනය කළ කිරිපිටි වෙනත් ලොරියකින් භාර ගෙන තිබේ. එම භාණ්ඩ සඳහා වන ගෙවීම්වලට අදාලව ඇනවුම් විස්තර අමාත්‍යංශයට අද(24) ගෙන ආ අවස්ථාවේ එවැනි නමක් ඇති නිලධාරින් දෙදෙනෙක් අමාත්‍යංශයේ නොමැති බව හෙළි වීමත් සමඟ සොයා බැලීමේ දී මෙය මහා පරිමාණ වංචාවක් බව හෙළි වී යැයි විදේශ රැකියා අමාත්‍යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසිය.
ඊමේල් පණීවිඩය යවා ඇත්තේ විදේශ රැකියා අමාත්‍යංශයේ ප‍්‍රසම්පාදන අංශයේ අතිරේක ලේකම් තනතුරින් වන නමුත් අමාත්‍යංශයේ එවැනි අංශයක් නැතැයි ද එම නිලධාරියා පැවැසීය.
අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාල මහත්මියගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කරන බව ද එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය යහපාලනයද?
සැබෑ ජීවිතේ "කූබියෝ". මේවා හොද පාඩම අමාත්‍යංශ වලට.
යහපාලනයේ තවත් එක යහපත් සිදුවීමක්
යහපාලනයයි මේ සිද්ධියයි අතර කිසි සම්බන්ධයක් නැහැනේ. මේක වංචාවක්. කළ අය සොයා දඩුවම් දියයුතුයි. එච්චරයි.
ගයාන් යහපාලනය නිසා තමයි මේවා අහුවෙන්නේ .දඬුවම් ලැබෙන්නේ චින්තන කාලේදී නම් මේවා අහුවෙන්නේ නා. කිරි නෙමේ අලි පැටවුත් හොරකම් කල කාලයක් අපට තිබුනා.මෙවැනි හොරුන්ට තරා තිරම න්බලා දැඩි දඬුවම් කල යුතුයි. අප ඉල්ලා සිටින්නේ දණ්ඩ නීති සාගරයේ ලබා දෙන දඬුවම් දෙගුණයකින් වැඩි කරන්ඩ කියයි. මරණීය දඬුවම අපී රටේ ක්‍රියාත්මක විය යුතුයි.
මෙතන තිබෙන්නේ කිරිපිටි සමාගමේ නිලදාරින්ගේ දුර්වල කම සහ . රජයේ මැති ඇමති සහ රජයේ නිලදාරීන්ට තිබෙන ගැතිබව. අපට පීසා හට් එකකින් පීසා එකක් ඕඩර් කර ගෙන්න ගන්න බැරිය ඔය විදිහට. ඔවුන් හොඳට සොයාබලා තමයි පීසා එක ගෙදරට ගෙනත් දෙන්නේ. කෙනෙකුගේ නිල ලාංච්නයක් තිබුන පලියට ඒගැන නොසොයා කෙලින්ම ගෙදරටම බඩු ප්‍රවාහනය කලානම් අදාළ නිලදාරීන්ගේ පාඩුව අයකර ගන්න.
මේ වගේ වැඩකදි නිසි නිතිමය කටයුතු කරනනති ඇමති ගේ උපදෙස් ඔනද බොල. ඔකේ ඉන්න නිළදාරින්ට උපදේස් නැතුව තිරණ ගන්න තරමි කොන්දක් නැද්ද
ඉපදුනු අපහට ලක් පොලවේ සුරුවිරුකම් උපතින් හුරුවේ .......