(අමල් වික්‍රමරත්න)
දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ලබන නොවැම්බර් 01 වනදා සිට 50 % කින් ඉහල දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම මෙතෙක් ඉතාම ලාබදායී වූ බව භාණ්ඩ ප්‍රවාහනයට උනන්දුවී සිටි බොහෝ දෙනෙක් පවසති.
කෙසේ නමුත් මෙම ගාස්තු සංශෝධනය වසර ගණනාවකට පසුව කළබව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.
මේ අනුව වාණිජ නොවන පුද්ගලික අවශ්‍යතාවලට ප්‍රවාහනයකරන භාණ්ඩ සදහා කිලෝ ග්‍රෑම් 25 දක්වා අවම අයකිරීම රුපියල් 50.00 වන බවදුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙතෙක් පැවති ගාස්තුක්‍රමය වෙනස් කරමින් වාණිජ අවශ්‍යතා සදහා අයකරන ගාස්තු ප්‍රමාණය සහ වාණිජ නොවන ආකාරයේ ගාස්තු යනුවෙන් ක්‍රමදෙකකට ගාස්තු අය කිරීමට ගත් තීරණය නිසා මහජනතාවගේ පුද්ගලික අවශ්‍යතාවලදී මෙම ගාස්තු ක්‍රමයේ යම් සහනයක් දීමට හැකිවූ බවද එම ප්‍රකාශකයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගාස්තු වැඩි කරපු එකේ වරදක් නැහැ. මිල වැඩි කලාට පස්සෙත් රුපියල් පනහකට කිලෝ විසිපහක් ගෙනියනවා කියන්නේ තාම අය කරනවා ඇත්තේ සිලිං, පැන්ස වලින් වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.
දුම්රිය ගාස්තු වැඩි කර අලුත් දුම්රිය ගෙන්වා හොඳ සේවයක් ලබා දෙනවා නම් ඕනේ තරම මිනිස්සු ඉන්නවා ආදරෙන් දුම්රියේ ගමන් කරන්න. දැන් කට්ටියම දොස් කියාවි. මෙවැනි සුළු මුදලකට නවීන පන්නයේ දුම්රිය ගෙනවිත් හොඳ සේවයක් දෙන්න බැහැ. අරක්කු වල මිල ඉහළ ගියාට කවුරුවත් කතා නොකර කියන මුදලට අරගෙන යනවානේ...
ප්‍රධාන නගර අතර භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය වැඩිපුර යොදවන්න. මහපාරේ වාහන තද බදය අඩු කරන්න. සිමෙන්ති, ගඩොල්, සීනි, හාල්, අැස්බැස්ටෝස් ශීට්, වගේ බර ද්‍රව්‍ය නිසා ප්‍රධාන පාරවල් අවහිර වෙනවද?
යහපාලනයේ තවත් යෝධ පියවරක් ඔබේ දෝතට.
ඇත්ත වශයෙන්ම දුම්රිය ගාස්තු වැඩිකොට. හොඳ දුම්රිය සේවයක් ලබා දෙන්න. උදේ 09 ට මහනුවර සිට ඇල්ල දක්වා රුපියල් 2000 ක මුදලකට සුව පහසු දුම්රියක් ධාවනය කරවන්න. විශේෂයෙන්ම විශාල සංචාරකයින් සංඛ්‍යාවක් ඉන්නවා ඇල්ල දක්වා යන්න.
සිරිපාල ඇමතිතුමා ගිය තැනක ඔහොම දේවල් කරනවා