(නිමල කොඩිතුවක්කු)
අධ්‍යාපන අමාත්‍යාංශය වසර තුනකට ආසන්න කාලයක් ගුරු උසස්වීම්වලට අදාළ වැඩපිළිවෙලක් සකස් නොකිරීම හේතුවෙන් ගුරුවරුන් ලක්ෂයකට අධික පිරිසකගේ උසස් වීම් මේ වනවිට ඇණහිට ඇති බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
1994 වසරේ ආරම්භ කළ ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව 2014.10.23 දින ගැසට් පත‍්‍රයකින් සංශෝධනය කර නව ගුරු සේවා ව්‍යවස්ථාවක් නිකුත් කළ අතර නව සේවා ව්‍යවස්ථාව නිකුත් කර වසර තුනක් ගතවී තිබුනද මේ දක්වා උසස් වීම් සකස් කර හිඟ වැටුප් ලබාදීම අවසන් කර නොමැති බවද ඒ මහතා කියයි.
ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව උසස් වීම් ලබාගැනීමේදී කාර්යක්ෂමතා කඩයිම් වෙනුවෙන් මොඩියුල 20ක් සම්පූර්ණ කළ යුතු වේ.
වසර 03ක් ගතවී තිබියදී එම මොඩියුල මුදු‍්‍රණය කර ක‍්‍රියාත්මක කිරීමට අදාළ අවසන් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර නොමැති බවත් මේ හේතුවෙන් පසුගිය 23 වැනි දා සිට ගුරු උසස් වීම් නතර වී ඇති තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඒ මහතා පැවසීය.
ගුරු සේවා ව්‍යවස්ථාවේ අන්තර්කාලීන විධි විධාන කාලය දීර්ඝ කරන ලෙසත් වසර තුනකට ආසන්න කාලයක් ඒ සම්බන්ධ වැඩපිළිවෙලක් සකස් නොකිරීම පිළිබඳ සොයා බලා එම කටයුතු කඩිනම් කරන ලෙසත් එම සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගුරු උසස්වීම් ලක්ෂය දීල දැම්මොත් ඉතින් ආණ්ඩුවට ඡන්ද ලක්ෂයක් ෂුවර්.
රාජ්‍ය ආයතනවල මේ වගේ ගැටළු නොවිසිඳී ගොඩ ගැසීමට ප්‍රධානම හේතුව රටට කිසිදු වැඩක් නැති අනවශ්‍ය උත්සවවලට ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු ඇමතිවරුන්ට ආරාධනා කිරීමයි. තමන්ට එකදාගන්න විදුහල්පතිවරයෙක් ආරාධනා කරනවා අධ්‍යාපන ඇමැතිතුමාට නිවාසාන්තර ක්‍රීඩා උත්සවය කොට හෝ තෑගි බෙදාදීමකට. මේවගේ දේවල්වලට යොදන කාලය ඉහත සඳහන් කල ගුරු, ගැටළු ආදිය විසඳීමට යොදනවා නම් වඩා ඵලදායක නැද්ද? වෘත්තිය සමිති මේ දේවල් පෙන්වා දිය යුතුයි. ජනාධිපතිතුමාගේ කාලයත් එහෙමයි. අක්තපත්‍ර බෙදාදීම ආදියට වැයවෙනවා. නොගියොත් හාමුදුරුවෝ තරහ වෙනවා. මේ වගේ උත්සවවලට ගතකරන කාලය අධීක්ෂණ කටයුතුවලට වැයකරනවා නම් රාජ්‍ය සේවය මීට වඩා හුඟාක් කාර්යක්ෂම වෙනවා.. ජනතාවට මීට වඩා විශාල සේවයක් රජයෙන් වෙනවා.
දහම්නෙත් මතාගේ අදහස සහතික ඇත්ත , අද ලොකු දේශපාලකයෝ කරන්න තිබෙන අත්‍යවශ්‍ය වැඩ පසෙකට දමලා විවෘත කිරීම් වැනි දේවල් කරමින් කාලය කාදමනවා
දේශපාලකයෝ දන්නවා පැරදිලා ගෙදර යන්න වෙන්නේ හොඳටම කුජීත වෙලා කියලා. ඒ නිසා මුල්ගල් තියන හා විවෘත කිරීම් උත්සවවලට ගිහින් කළු ගල් පුවරුවක නම කොටා තියනවා. අහවල් උත්තමයා මේක විවෘත කළා කියලා. ගුරුවරුන්ට උසස්වීම් නොදුන්නට තම තමන්ගේ වරප්‍රසාද වැඩි කර ගන්නත් ඇඟේ බර වැඩි කරගන්නත් උකටලී වුණු දේශපාලකයෙක් ලංකා ඉතිහාසයේ නොසිටි තරම්.