(නිමන්ති රණසිංහ)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරට හා අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(31) ඇප නියම කළේය.
පසුගියදා මාලබේ සයිටම් ආයතනයට එරෙහිව කොල්ලුපිටියේ දී උසාවි නියෝග කඩකරමින් උද්ඝෝෂණය කළැයි ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොවිසදුනු අරගලයට නැවතත් පිළිගනිමු.. ඔබලාට ජය...
මොකක්ද? ඩ්‍රාම එක මේකත් යහපාලනය ද?
මොවුන්ගේ නිදහස් විමයි හෝ රිමාන්ඩ් කිරීම මේ රටේ ජිවත්වන අපට කිසිම ලෙසකින් බල නොපාන බැවින් සහ සයිටම් ප්‍රශ්නය විසඳා ඇති බැවින් මෙය මේ රටේ සිටින සාමාන්‍ය ජනතාවට අනවශ්‍ය කරුණක් වී ඇත.
මෙම මෝඩ පිරිස කරනා මේ ක්‍රියාවන් තුලින් ලෝක දර්ශකයේ ලංකාවේ විශ්ව විද්‍යාලවල ප්‍රමුඛත්වය දිනෙන් දිනම පහල යන බව මේ මෝඩ මිනිසුන්ට නොතේරේ. එය වැදගත් වනුයේ වැදගත් ලෙස වෙන රටක සේවය සඳහා හෝ මේ රටේ පිළිගත් රටක ආයෝජනය කරන ආයතනයක රැකියාව සඳහා යාමේදී බව මේ නුගතුන්ට කිසි දිනක නොතේරේ.
මේ රට හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය කාදමන මේ පිරිස ඇතුළෙම තියන එක තමා හොඳ.
දැන් ඉතින් එළියට ඇවිල්ල කරන්න සෛටම් සටනකුත් නෑ.
මොවුන් වැරදිකරුවන් යැයි කෑ ගසමින් බිලියන ගණන් හොරකම් කළ පුද්ගලයන් දැක දැක නිදා වැටෙන අප ගැන කවර කථාද?
දොස්තරලා සයිටම් විසඳුම පිළිගන්න බවක් කියද්දී ජ වී පෙ යි, අන්තරෙයි කියනවා සටන අත් හරින්නේ නැහැ කියල. ඇත්ත නේන්නම්, බංකොලොත්කම වහ ගන්න නම් සටන පවත්වා ගන්න ඕනෑමයි කොහොම හරි. ලෝකේ වෙන මිනිස්සු ඉස්සරහට යද්දී මේ බන්කොලොත්කාරයෝ මෝඩ රැල දක්කාගෙන ආ පස්සට යනවා. පිට රටක හෝ උසස් කියාවකට ගිහින් දියුණුවෙන්න නම් මේ ආත්මෙදිවත් බෑ මේ මෝඩයින්ට.
ඔබ දෙපලටම ජය...
ලහිරු සහ ටම්පිටියේ හාමුදුරුවනේ හොඳට ඉගෙන ගෙන රට ඉදිරියට ගන්න වැඩ පිළිවෙලකට උදව් දෙන්ඩ. කඩා කප්පල් වැඩවලින් කාටවත් ප්‍රයෝජනයක් නැහැ.
එන ඡන්දෙට ඉල්ලන්න.
මේ තමයි සමාජය විනාශ කරන සමාජ පිළල. මොවුන්ව සමාජයට මුදා හැරීමට ප්‍රථම පුනරුත්තාපනය කල යුතුයි. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන්ට ප්‍රථමයෙන් මෙවන් උන්මන්තකයින් පුනරුත්තාපනයට රජය හෝ සිවිල් සංවිධාන ප්‍රමුඛත්වය දිය යුතුයි.
විශ්ව විද්‍යාල සිසුන්, වෛද්‍යවරු, වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියන් සටන් කරන්නේ ආත්මාර්ථය තකා මිස නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යයි යමෙක් සිතන්නේනම් හේ මන්ද බුද්ධිකයෙකි.
හිරගෙවල් වල ඉඩ නැති වුනත් මේ අයව රජයේ වියදමින් ඇතුලෙම තියා ගන්න.
ලහිරු කියන්නේ සමාජයට පිළිලයක්. මෙවුන්ව සදාකල් හිරගෙට යවන්න ඕන. අහිංසක ළමයින්ව මෙයා හරවාගෙන දේශපාලන වාසි ලබාගන්න හදන අයට උදවු දෙන කෙනෙක් මෙයා.
දැන් එලියට එනකොට සිටම් ප්‍රශ්නය බොහෝදුරට විසන්දිලානේ , තව අලුත් ප්‍රශ්නයක් හදා ගමු පාරවල් වහගෙන පිස්සු නටන්න.....
ලහිරු කියන පුද්ගලයා විශ්ව විද්‍යාලේ විභග ගණනාවක් අසමත් වෙමින් අනිත් සිසුන්ගේත් අධ්‍යාපනය කඩාකප්පල් කරන පුද්ගලයෙක් , මොහු හිරේ දැමීමෙන් වෙන්නේ සමාජයට යහපතක්