අමල් වික්‍රමරත්න
අම්බලන්ගොඩ කොස්ගොඩ දී අද ( 29) අලුයම 3.45 පමණ සිදුවූ වෙඩි තැබීම් 3 කදී පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් 15 හැවිරිදි දරුවකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
යුදපිටිය, මැණික් ගම්මානය, කුරුදුගම්පියස නමැති ගම්මානවලදී සිදුව ඇති මෙම වෙඩි තැබීම් වලදී මරුමුවට පත්වී ඇත්තේ යුදපිටිය සිදුවූ මෙම වෙඩි තැබීම්වලින් පියා සහ පුතුන් දෙදෙනකු වන අතර අනෙක් පුද්ගලයා කුරුදුගම්පියස පදිංචි පුද්ගලයෙකි.
මෙම සිද්ධීන් දෙකට අමතරව මැනික්ගම්මානය ප්‍රදේශයේදී තවත් වෙඩි තැබීමක් සිදුව ඇතත් කිසිවකුට තුවාල සිදුවී නොමැත.
වෙඩි වැදුණු පුද්ගලයන් ඇල්පිටිය රෝහලට සහ බලපිටිය රෝහලට ගෙනයන අතරතුර මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයන් වයස අවුරුදු 50,2 1, 14 සහ 38 වැනි වියේ පසුවුවන්බව අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය ගිනි අවි සහිතව සම්පුර්ණයෙන් මුහුණු ආවරණය කළ හෙල්මට් පැළද යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකොට ඇතැයි මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
සිද්ධිය පිලිබදව මේ වනවිටත් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ ලියලා තියෙන්නේ?
ඒ ගම්මානය විතරක් නොවේ ලංකාවේ හැම තැනම දැන් යුධ පිටියක් වෙලා. මේකට ප්‍රධාන හේතුව යුධ පුහුණුව ලබා හමුදා අතහැර ගිය අය. මොවුන් සෙවීම අපහසු කටයුත්තක් නොවේ. ග්‍රාම සේවා වසම ගානේ ඔවුන් පිළිබඳ සංගණනයක් කළොත් පහසුවෙන් තොරතුරු ලබාගන්න පුළුවන්. කාටවත් මේ පිළිබඳ අවශ්‍යතාවයක් නැති වීම අවාසනාවක්...
ලිචිඡවි පාලනයක් තියෙනකොට එහෙම තමයි.. දැන් මෙයාලව ආයුධ පෙන්නන්න එක්කගෙන යන්නේ නැහැනේ.. ඉතින් පාතාලේ අය අපිට ආයුධ පෙන්නනවා.
අනේ මේ රටේ අයට ඇමෙරිකාවට වඩා ආයුධ තියෙනවනේ ... උතුරේ එහෙන් ... දකුණේ මෙහෙම... ජනතාවට ඕන ව්‍යවස්ථා නොවේ.... මේ අවි නැති කරලා, දූෂණය, වංචාව නැති කරලා මිනිසුන්ගේ ආර්ථිකය හදන එක.... එතකොට එක එක්කෙනා රට කෑලිවලට කඩන්න හදන්නේ නැහැ ...
හමුදාවෙන් පැනපු කෙනෙක් ඇති... අනිවාර්යයෙන් ගිනි අවි හොඳට හසුරවන්න දන්න.
චිකාගෝ බුල්ස් ලා පාර්ලිමේන්තුවේ ගුටි ඇන ගන්නකොට පිටත මෙවැනි දේ සිදුවෙන එක අහන්නත් දෙයක්ද?