මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
ආණුඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යන වගන්තීන් වලින් ‘ඒකීය රාජ්‍ය‘ ව්‍යුහය ‘පෙඩරල්‘ ව්‍යුහයක් දක්වා පරිවර්ථනයකට ලක් වන්නේදැයි සැක කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නැයි ඉල්ලමින් රජයට ප්‍රශ්නාවලියක් යොමු කොට ඇත.
මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි සහ නිරවද්‍ය පිළිතුරු අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයට දැනුම් දී තිබේ.
ශ්‍රි ලංකා නීතීඥ සංගමය එහි ශ්‍රවණාගාරයේදී අද (23) පවත්වන ලද විශේෂ රැස්වීමකදී ගන්නා ලද තීරණයකට අනුව ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු. ආර්. ද සිල්වා මතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක් මඟින් රජයට මේ බව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය යොමු කළ ප්‍රශ්නාවලිය මෙසේය.
01. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කුමක්ද?
02. (අ) ශ්‍රි ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් වන්නේද?
(ආ) එසේ නම්, ඒකීය රාජ්‍යය යන සංකල්පය කෙටියෙන් පැහැදිලි කරන්න.
03. පළාත් වලට කුමන බලතල පවරන්නේද?
04 (අ) මධ්‍යම රජයට හෝ පාර්ලිමෙන්තුවට අවශ්‍ය නම් එම බලතල ආපසු ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නේද?
(ආ) එසේ නම්, ඒ කුමනාකාරයෙන්ද?
05. යම් සුදුසු තත්වයන් යටතේදී ජනාධිපතිවරයාට තම බලය සෘජුව පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇද්ද?
06. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේද?
07. (අ) අධිකරණ ව්‍යුහය කුමක්ද?
(ආ) ව්‍යවස්ථාවක අධිකරණයක් තිබේද?
(ඇ) එසේ නම්, අධිකරණ සඳහා විනිසුරුවරුන් පත් කරන්නේ කෙසේද?
08. (අ) ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචානාධිකරණයට විනිසුරුවරුන් පත් කරන්නේ කෙසේද?
(ආ) 1. එම පත් කිරීම් සඳහා යම් ක්‍රමවේදයක් තිබේද?
2. එසේ නම්, ඒ ක්‍රමවේදය කුමක්ද?
09. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කරන්නේ කෙසේද?
10. දිවයින පුරා ඇති දිසා අධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණ වල විනිසුරුවරුන් පත් කරන්නේ, ඔවුන් ස්ථාන මාරූ කිරීම් හා විනය පියවර ගනු ලැබීම අධිකරණ සේවා කොමිසමෙන් පමණක් සිදු කරනු ලබන්නේද?
11. (අ) ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලාත්මක කළ හැකි මුලික අයිතිවාසිකම් මොනවාද?
(ආ) එම මුලික අයිතිවාසිකම් බලාත්මක කරන්නේ කුමන අධිකරණ වලින්ද?
12. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල පනත් සීමාසහිත කාලයක් තුළ විමර්ශනය කිරීමේ බලය අධිකරණයන්ට ඇත්ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම හදලවත් නැති ව්‍යවස්ථාවක් ගැන ප්‍රශ්න කරන්න. මොකක්ඳ ඔච්චර හඳිස්සිය?
දැන් තියෙන ව්‍යවස්ථාවේ අඩුපාඩු සකස් කරනවා මිස අලුත් උගුලක් මේ අවස්ථාවේ මොකටද? මධ්‍යස්ත පුද්ගලයින් ඔතන නැහැ. ඉන්නේ ඔක්කොම අන්තගාමීන්.
ඔය ඔබ දන්නා තරම. නීතීඥ සංගමය වෙන්න යන ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබට වඩා දන්නවා.
අනුර ව්‍යවස්ථා කෙටුම්පත හදද්දි බුද්ධිමත් මිනිස්සු මේවා ගැන අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුයි. නැත්තම් අපේ පාලක උතුමන්ලා දිව දෙකේ වගන්ති ව්‍යවස්ථාවට දාලා පස්සේ ජනතාව ගොනාට අන්දලා පස්සෙ එයාලට ඕනේ විදියට අර්ථ දක්වනවා. රටක සමාජ, අාර්ථික, අැතුලු සියල්ල යහපත් හෝ අයහපත් වෙන්නේ එ් රටේ ව්‍යවස්ථාවේ හොඳ නරක අනුව. ව්‍යවස්ථාවට පුලුවන් මිනිස්සුන්ගේ අාකල්ප වෙනස් කරන්න. මීට අවුරුදු 70 ඉස්සර ලංකාවේ බාල වයස්කාර හා බහු විවාහ සාමාන්‍ය දෙයක්. හැබැයි එ්වට නීති ගෙනාවම අද එ් දේවල් නීති විරෝධි මෙන්ම සමාජය පිලිකුල් කරනවා.
මේ මහත්වරුන්ගේ අරමුණු මොකක්ද කියල අපිටනම් පැහැදිලි. මේගොල්ලෝ කා වෙනුවෙන්ද පෙනී ඉන්නේ කියල අපි දන්නවා. මේ අයට ඕනේ ප්‍රශ්න ඉවර කරන්න නෙවෙයි ඒවා වවාගෙන කන්න.
හදිසි වෙන්න! හිටපුගමන් බස් එක ගිහිල්ල තියෙයි! ප්‍රදේශීය සභා පනත අනුමත වෙච්ච හැටි දන්නවනේ.
මෙය හරියටම පොලිසියෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් වතුර බිදක් හෝ බිමට නොදී අධික පිපාසය ඇතිවිට වතුර වීදුරුවක් ඉදිරිපිට තබා එය ලබාදෙන්නට පොරොන්දුව මත සියල්ල ඉටුකර ගැනීමට සමානය.
කෙටුම්පතක් ලෙස හෝ හදලද නැද්ද කියන එක නීතීවේදියන්ට වඩා හොඳින් දන්නෙ කවුද නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඉන්නෙ එයාලගෙ අයනෙ. ඉතින් අනුර මොකද මේ කලබල වෙලා.
නීතීඥවරුන් කල යුත්තේ රජයෙන් ප්‍රශ්න ඇසීම නොව ඔවුන්ගේ අර්ථ නිරුපන දැක්වීම බව ජනතාවගේ මතයවේ. මෙසේ ප්‍රශ්න ඇසීමේ තේරුම කිමද ? ජාතිවාදීන්ට උඩගෙඩි දීම නොවේද?
අනුර ඉලන්කෝන්, හදල නැහැ කියල අරය කියන නිසා ඔයත් පිළිගන්නවනේ.
හදන්න කලින් තමයි ප්‍රශ්න කරන්න ඕනේ. නැත්නම් හදලා සම්මත කරලා තමයි රටට කියන්නේ.
අලුත් ව්‍යවස්ථාවක් දෙකකද මේ මහත්තුරු
මේ අහන ප්‍රශ්න වැල ව්‍යවස්ථාව කෙටුම්පතේ තියෙනවා තේරුම් කරලා පැහැදිලිව. මේ සංගමයත් හරියට අර දොස්තර සංගමය වගේ. හැමදේම දකින්නේ වැරදි විදියට. අනික යහපාලන ආණ්ඩුව කියන්නේ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේම එකතුවක්.
මෙය ඉතාම හොඳ දෙයක්. කාලයක් තිස්සේ කට්ටිය බලය ගන්න J R ගේ බහුබූත ව්‍යවස්ථාව කියල, විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව අපිට කරුණු කිව්වා. බලය අරන් වෙනස් කලෙත් නැහැ. බලතල බුක්ති වින්දා. ඒ ගොල්ලන්ම දැන් ඒක වෙනස් කරනවාටත් විරුද්ධයි. මේ අලුත් එකෙන් රටට වෙන අහිතකර බලපෑම මොකක්ද කියල විමර්ශනය කරලා , උගත් මහත්වරු හොයල අපිට කියන්න. අපි වෙනස් කරන්න කියනකොටයි, එපා කියනකොටයි, දෙකටම හා කියන දේශපාලකයින්ගේ එහෙයියෝ වෙලා ඉවරයි.
ඔය මෝඩ මනුස්සයාට කියන්න. කලින් නීතිඥ සංගමය විසින් ව්‍යවස්ථාවක් සඳහා ලබා දුන් යෝජනාවලිය කියවන්න කියලා.. දෙවැනියට අර ප්‍රසිද්ධ කරලා තියෙන අතුරු වාර්තාව කියවන්න කියලා.. සිංහල තේරෙනවනම් මේ ප්‍රශ්න අහන එකක් නෑ...
ප්‍රශ්න විමසන එක කාටත් පුළුවන්. මතය ප්‍රකාශ කිරීමයි වැදගත්
ප්‍රජාතන්ත්‍රවාදය වැඩිවුණාම ඔක්කොම ප්‍රශ්න කරන එපා කියනවා. විරුද්ධවෙනවා. මේ රටේ කිසිදෙයක් කරන්න දෙන්නේ නෑ. ඒකාධිපතියෙක්ම තමා හරියන්නේ.
ප්‍රශ්න අහන්නේ කෙටුම්පතේ කරුණු පැහැදිලි නැති නිසා. පැහදිලි නැති තැන් පැහැදිලි කර ගන්න ප්‍රශ්න අහන්නේ නැතුව වෙන මොනවා කරන්නද?
ව්‍යවස්ථාව කියන්නේ රටේ මුලික නීතිය පිලිබඳ ලියවිල්ල. ඒ ගැන ප්‍රශ්න කිරීමේ සාධාරණ සහ යුක්තිසහගත අයිතියක් ඕනෑම පුරවැසියෙක්ට තියනවා. මොකද සෑම පුරවැසියෙක්ටම පුද්ගලිකව නීති සැදීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමේ ප්‍රයෝගික ගැටළු තිබෙන නිසා, ඔවුනගේ නියෝජිතයන්ට බලය පැවරීම තම චන්දයකදී කරන්නේ. ඒකවත් නොදැනද සමහර අය ප්‍රශ්න කරන්නේ, නීතිඥ සංගමයට ඇති අයිතිය ගැන? නීතිඥ සංගමය, පුරවැසියන් වන අප වෙනුවෙන් කරන මේ අත්විශාල මෙහෙය, අතිශය පැසසුම් කටයුතුයි. ජර්මනියේ මිනිස්සු එකට එකතුවෙන්න නිසඟ කැමැත්තක් දක්වන නිසා, එහි පැවැත්ම තහවුරු වී තිබුනත්, වෙන්වීමටම පිටපොට ගස සිටින අන්තවාදී දේශපාලඥයන් සිටින රටක මුලික නීතිය පිළිබඳව බැරෑරුම් ලෙස සිතිය යුතුයි. මේ වාර්තාව සම්පාදනය කිරීම සාතිශය බහුතරයක් ෆෙඩරල් වාදීන්ට බාරදීමයි වැරැද්ද. නැතුව වගකිවයුතු පුරවැසියන් ලෙස ඒ ගැන කරුණු පැහැදිලි කර ගැනුමට උත්සහ කිරීම නෙවෙයි.
ප්‍රස්නයක් ඇසීමත් තම මතය වක්‍රව ප්‍රකාශ කිරීමක් හා තම මතය සමග ගැලපේද කියා බැලීමක්.
අපටත් කියවන්න ලංකාදීපට බැරිද කෙටුම්පත සම්පුර්ණයෙන්ම පල කරන්න..
රනිල් කියන්නේ බලය ලැබෙන අලුත් ව්‍යවස්ථාවක් ගැන .අනෙක ශ්‍රීලංකා පොදුජන පක්ෂය කිව්වේ නේ එක වෙනස් කරනවා කියල.... දැන් එයාලව ආණ්ඩුවේ විදියට සලකන්න බෑ මෙතනදි.... හදපු කෙටුම් පත තම ව්‍යවස්ථාවක් වෙන්නේ නෑ. මේ පිරිස බොරු කියා කියා අපහු කොටි එක්ක සම්බන්ධ වෙන්නයි යන්නේ. දෙමල සන්ධානයට පොරොන්දු වෙච්ච ඉටු කරන්න ගියාම ඔහොම වෙනවා තමා...
ලංකාවේ එක්සත් ජාතික පක්ෂයට ව්‍යවස්ථා හෝ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව තියෙන ඉතිහාසය හොඳ එකක් නොවේ.ජේ ආර් 1972 ජනරජ ව්‍යවස්ථාව අවලංගු කරලා 1978 ව්‍යවස්ථාව ඔහුට ඕනේ විදියට ලියාගෙන සම්මත කරගත්තේ 6/5ක එ ජා ප මන්ත්‍රීන්ගේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි සාක්කුවේ දාගෙන. එයට විරුද්ධ වෙන්න ස්වදේශික චින්තනය දේශපාලන දර්ශනය කරගත් ශ්‍රීලනිපයේ හිටියේ මන්ත්‍රීන් 8 දෙනයි. ස්වදේශිකත්වය සම්පූර්ණයෙන් යටපත් කර 1978 ව්‍යවස්ථාව හැදුවත් ජේ ආර් සිංහල ජාතියට හානියක් වන දේ ඒ අවස්ථාවේදී සම්මත කලේ නෑ. 13 වන සංශෝධනය සම්මත කරවුයේ ඔහුව රජීව් ගාන්ධි බෙල්ලෙන් අල්ලා සිංහල දහස් ගණනකගේ ලේ මතින් ගමන් කරවමින්. රනිල් 2002දි ප්‍රභාකරන්ට උතුර නැගෙනහිර ලියල දුන්නේ පාර්ලිමේන්තුවේ කතානයකටවත් නොකියා. එවැනිම කපටි වැඩක් පසුගියදා පනත් සම්මත කිරීමේදී කළා. සිංහලයින් මෛත්‍රී රනිල් ප්‍රමුඛ එජාපය මේ ව්‍යවස්තාවේදී විශ්වාස කිරීම සිංහලයාගේ සියදිවි හානිකර ගැනීමයි.
අනුර මහත්මයාණෙනි ව්‍යවස්ථාව ගැන ප්‍රශ්න කිරීමට පෙරකදෝරු මහත්වරුන්ගේ සංගමය විසින් අනිවාර්යයෙන් කලයුතුය. නැත්නම් මේවගේ ප්‍රතිපල අපට විදින්න වෙන්නේ ඉදිරියට