ඩයනා උදයංගනී
මාලබේ ‘සයිටම්‘ පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කිරීමටත්, ඒ වෙනුවට ලාභ නොලබන නව ආයතනයක් බිහි කර දැනට අධ්‍යාපනය ලබන සුදුසුකම් සහිත සිසුන් එයට අනුයුක්ත කිරීමටත් රජය තීරණය කර තිබේ.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ සයිටම් ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවේ යෝජනා සැලකිල්ලට ගනිමිනි.
එම යෝජනා අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා හිමිකාරීත්වය දරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි කෙරෙන අතර යෝජිත නව රාජ්‍ය නොවන ආයතනය එහි ආදායම ආයතනයේ සංවර්ධනයට, පර්යේෂණ කටයුතුවලට හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යෙදවීමට එම යෝජනාවලියේ සඳහන් කර තිබේ.
සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති කමිටුව ඉදිරිපත් කර ඇති විසඳුම් ඇතුළත් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (29) නිකුත් කළේය.
සයිටම් ආයතනය වර්තමාන හිමිකාරිත්වයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ද යෝජනා කර තිබේ.
වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිතිය ගැසට් කිරීමට ද එමගින් යෝජනා කර ඇති අතර මේ සමස්ත ක්‍රියාවලිය අගෝස්තු 31 වැනිදාට පෙර අවසන් කළ යුතු බව ද සඳහන් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ තීරණයක්. අනිවාර්යයෙන්ම පුද්ගලික වෛද්‍යවිද්‍යාල ලංකාවේ සිථාපිත විය යුතුමයි. නමුත් ප්‍රමිතියකට අනුව විය යුතුයි.
මේ ඉතින් කලින් කියපුවාම තමයි.. කෝ සයිටම් ජනසතු කරලා නෑනේ.. මම හිතන්නේ දැන් නම් ටිකක් කලබල වෙලා වගේ..
රජයේ තවත් විහිළුවක්... රෝහල පවරා ගත් කතාවේ අනික් විහිළුව තමයි.
ඉතා වටිනා තීරණයක්. මෙම ආයතනය ලාභ නොලබන ආයතනයක් බවට පත් කොට, නිසි ප්‍රමිතියට, රජයේ හා වෛද්‍ය සභාවේ නියාමනය යටතේ මේ නව ආයතනය පවත්වා ගෙන යාමට ගත් තීරණය පිළිබඳ අපි සැමදෙනා සතුටු විය යුතුයි. රාජ්‍ය අනුග්‍රහයක් හෝ රජයේ නියාමනයක් නොමැතිව මේ රටේ කිසිම අධ්‍යාපන ආයතනයක් නොතිබිය යුතුයි. අපි මෙතෙක් කලක් "සයිටම්" මාතෘකාව යටතේ අදහස් පල කලේ, සයිටම් මුදලාලි වෙනුවෙන් නොව, රටේම සමස්ත පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් බව මතක් කරමි. රටක උසස් අධ්‍යාපනය වැනි උතුම් දෙයක් පටු දේශපාලනය වෙනුවෙන් යොදා ගැනීම ගැන අපි ජාතියක් ලෙස කණගාටු විය යුතුයි. යම් කිසිවෙක් මේ තීරණයට එකඟ නොවේ නම්, ඔවුන්ව වෙනම මොලේ පරීක්ෂාවකට ලක්කල යුතු බවද දන්වමි.
ජී.එම්.ඕ.ඒ කට්ටියට ඕනෑ මහින්ද මහත්තය ආපහු බලේට එනවා දකින්න මිසක් මේක අහෝසි කරන එකම නෙවේ. ඒ නිසා සටන නවතින එකක් නෑ.
දැන් බොහොම පරක්කු වැඩියි. මීට පෙර කරන්න තිබුනේ. දැන් මොන දේ කලත් ආණ්ඩුව අනාගන මිනිසුන්ගේ අප්‍රසාදයට පත් වුණාට පස්සේ දැන් ගත්ත තීරණේ පරක්කු වැඩියි. රාජිත ඇතුළු නඩේගේ බේගල් වලට රටේ නායකයින් කන් දීම තමයි ප්‍රශ්නේ... මේ දෙය දුර දිග ගියේ හොර කඩෙන් රාජිතගේ ලේලිව දොස්තර කර ගන්න තමයි. අන්තිමේ ජනතාව දිනුවා...
මේ දොස්තර මාෆියාව කවදාවත් ඉවර වන්නේ නැහැ, මේක ඉවර වුණාට පස්සේ වෙන දෙයක් කරලියට ගෙනත් වර්ජනය කරාවි. මොන රජය ආවත් මේ අය කියන විදියට වැඩ කන්න ඕනෑ. මේකයි මෙයාලගේ ප්‍රතිපත්තිය...
බැලූබැල්මට සාධාරණ තීන්දුවක්, එ්ත් ඉතින් ලංකාවේ ඉන්න දේශපාලකයොත් එක්ක කිරි හට්ටියක්වත් පිළිවෙලකට කන්න බැහැනේ... බලමුකෝ තාම මොකුත් කියන්න කල් වැඩියි..
එතකොට අර සයිටම් එක ඉස්සරහට දාලා, මේ රටේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට වැට බඳින්න කටයුතු කල සහ මේ තුලින් ආණ්ඩු පෙරලියක් සිදු කරන්න පෙරුම් පුරපු වෙද සංගමයේ බලාපොරොත්තු වලට මොකද වෙන්නේ? අනේ පව් අනේ එයාලා ඔය ආයතනයේ නම වෙනස් කරලා අලුතෙන් තීන්ත ගාන්න අවුරුදු කීයක් මහන්සි වුණාද?
මෙය සාධාරණ තීන්දුවක්. අනිකුත් රටේ ඉල්ලුමක් ඇති අනිකුත් සියලු ක්ෂේත්‍ර මෙන්, වෛද්‍ය අධ්‍යාපනයත් පුද්ගලික අංශයෙන් ලබා ගැනීමේ අවස්ථා තිබිය යුතුයි. ඇත්ත වශයෙන්ම මෙවැනි ආයතන බිහි කිරීමට තිබුනේ අද නොව,.. මීට අවරුදු 40/50 පමණ පෙර සිටයි. එවැනි ආයතන අතීතයේ පටන් ගත්තා නම්, අද මෙවැනි ආයතන වලින් අධ්‍යාපනය ලබා ගැනීමේ පිරිවැය බොහෝ දුරට අඩුවීමට තිබුණා.
විශ්ව දැනුම උසස් අධ්‍යාපනය ලැබිය හැක්කේ අපිට පමණි. වෙන කාටවත් එතැනට කිට්ටු වෙන්න හෝ එම පොත්පත් පරිහරණය කරන්න බැහැ. අපේ ඇඟේ ගෑවෙන්න එනවට අපි කැමැති නැහැ. අපි මෙතැනට ආවේ මැරීගෙන පාඩම් කරලා... අනිත් අයට හොරෙන් අපි පාඩම් කරලා ලකුණු ගත්තේ.
මේක අහෝසි කළා කියලා සමහර දොස්තරලාගේ කුහකකමයි ආත්මාර්ථකාමි කමයි නැති වෙන්නේ නැහැ. තමන් විතරයි ඉගෙන ගන්න්න ඕනෑ. තමන්ගේ ළමුන්ට විතරයි සුපිරි පාසල් ලැබෙන්න ඕනෙ. තමන්ට විතරයි වාහන ලාභ ලැබෙන්න ඕනෙ කියලා හිතන එක නවත්වන්නේ නැහැ. මේ ප්‍රශ්නේ කෙළවරක් වුණාම තමන් පාරේ යනකොට රටේ මිනිස්සු කාණුවට බහින්න ඕනෙ කියලා වර්ජන කළත් මට නම් පුදුම නැහැ.
මුනිච්චාවක් නේද? මේ යෝජනා තිබුණු ඒවම නේද? ඇයි මේක කියන්න ගමරාල බයේ හිටියේ? මෙයාගේ දැන් එකම අරමුණ එජාප එකට පහර ගැසීමයි. අපරාදේ අපේ ඡන්දේ...
මුළු රටේම පුද්ගලික අංශ වහලා, දොස්තරලාට විතරක් ගිය රටක් කරලා, අනෙක් මිනිස්සු මල පොතේ අකුරක් නොදන්නා තත්වයට පත් කර ගන්න එක කොච්චර මරුද කියලා හිතන උදවියත් ඉන්නවානේ !
දොස්තර සංගමය කිව්ව දේ ආණ්ඩුව පිළිගෙන ඇතිබව පේනවා.
කෙසේ හෝ පුද්ගලික වෛද්‍යවිද්‍යාල ලංකාවේ ස්ථාපිත කරන්න. දොස්තරයන්ගේ කීම් මේවාට අදාළ කර ගන්න එපා. එය යුගයේ අවශ්‍යතාවයක්. දොස්තරවරුන්ගේ කීමට හිස නැමීම රජයේ පරාජයක්. සයිටම් එක වෙනස් මූණුවරයකින් එනු ඇතැයි අපි විශ්වාස කරමු. පුද්ගලික වෛද්‍ය විද්‍යාල 10 ක් පමණ ලංකාවේ ස්ථාපිත කරමු.
බොහොම ස්තුතියි ජනාධිපතිතුමා, කිරිඇල්ල ඇමැතිතුමා ඇතුළු ආණ්ඩුවට.... වෛද්‍ය සිසුන් වන අපේ ඉල්ලීම් ඉටු කළාට. හෙට ඉඳන් අපි නැවත දේශනවලට යනවා.
හත්වලාමයි.., මේ තිරණය ගන්න මෙච්චර කල්මරපු උදවියට මඩුවලිගෙන් තැලිය යුතුයි. කීදාහකගේ වටිනා කාලය වැඩකරන පැය කීයක් නාස්තිකළාද? මෙමගින් රටට වූ පාඩුව ඔවුන්ගෙන් අයකරගත යුතුයි. පාලකයන් මේ විදිහට වැඩකළොත් රටේ ඉතිරි ටිකටත් සොරිම තමයි!
සයිටම් වෙනුවට වෙන නමක් දාන්න යොජනාවක් නේ දීලා තියෙන්නේ. නියම උත්තරයක් දීලා හැමෝම සතුටු වෙන්න.
පහුවෙලා හරි මෙම අර්බුදයට විසඳුව එක නම් හොඳයි. නමුත් රජයක් හැටියට ගොඩක් ප්‍රමාදයි.
කෝ? ජනසතු කරලා නැහැ. මේක කොලේ වහලා ගහපු ගේමක්..
සයිටම් වගේ ආයතන තිබිය යුතුමයි. අද වෛද්‍ය සේවය බිස්නස් එකක් වෙලා. රටේ වෛද්‍යවරු පුදුම බයකින් ඉන්නේ පුද්ගලික රෝහල් හරහා අහිංසක ලෙඩ්ඩුන්ව හුරගෙන කන තමන්ගේ ඒකාධිකාරය නැතිවෙයි කියලා. G M O A එක විරුධ්ධවෙන්නේ ප්‍රමිතිය ගැනනම් සයිටම් එකේ උගන්වන්න G M O A එකටම ආරාධනා කරන්න ඕනේ. 200% විශ්වාසයි , එහෙම ආරාධනයක් කලොත් මොවුන් කටක් අරින්නේ නැහැ.
සත්‍යපාල නොහොත් සත්‍යයා නොහොත් කලින් බන්දුල පෙරේරා තවමත් පා.ම. මහින්දගේ පිටිපස්සේ යමින් දොඩවන කෙනෙකි.
මේ විසදුම සම්පුර්ණ වීමටනම් මෙහි දැනට අධ්‍යාපනය ලබන සිසුන්ට වන්දි ලබාදී මෙම ආයතනය වසා දැමිය යුතුයි.
මේ විසදුමත් හොදට බැලුවොත් මේඩ් ඉන් නෙවිල් ප්‍රනාන්දු...
යහපාලන රජය ඉතා නිවැරදි අභීත තීන්දුවක් දීලා රජයේ වෙද සිසුන්ගේ ඉල්ලීම් සියල්ලම ලබා දීලා තියෙනවානේ .හෙට ඉඳන් සියලු සිසුන් දේශන වලට සහභාගී වෙනවා .ඉතා සතුටුයි .
මේ තියෙන්නේ අර කමිටුවේ නිර්දේසවලින් සකස් කරන ලද නිවේදනයක්. ජනාධිපති හෝ වෙනත් බලධරයෙක් කරන ප්‍රකාශයක් නෙමෙයි. මේ කමිටු නිර්දෙස ජනාධිපති පිළිගත්තද? එහෙනම් එතුමා ප්‍රකාශයක් කරන්න ඕනේ මේක තමයි විසදුම කියල. ප්‍රවුර්ති දෙපාර්තමේන්තුව කියන්නේ රජයේ නිවේදන මාධ්‍යවලට නිකුත් කරන ආයතනයක් මිසක් තීන්දු ගන්න ආයතනයක් නෙමෙයි නේද?
රෝහණ ඔයා ඔය දොඩවන්නේ කාගේ පස්සේ යන ගමනද කියලත් කිව්වා නම් හොඳයි..
ලෝකෙන්ම ඉහල සාක්ෂරතාවයක් තියන රටේ සමහරක් මිනිස්සුන්ගේ කියවීමේ හැකියාව දැක්කම හිනා යනවා. පිටු තුනක, පරිච්චේද අටක් කියවලා හරිහැටි කියවලා තේරුම් බේරුම් කර ගන්න බැරි අය තමයි මේ පත්තර වලටත් අදහස් ලියන්නේ? එක අතකට මෝඩයින්ව පිනවීමට, ආකර්ශනීය මාතෘකාවක් පමණක් ප්‍රමාණවත් බව මටත් අද පැහැදිලි වුණා. මේ රටේ බුද්ධිමත් ජනතාව සතුටු වෙන තීන්දුවක් රජය ගෙන තිබෙනවා. අපි එයට ගරු කරමු. ආයේ ඒ සයිටම් බිල්ලා ඔයාලව භය කරන්න එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ප්‍රමිතියෙන් සන්නද්ධ විය යුතු, නව පෞද්ගලික වෛද්‍ය පීඨයට අපගේ ශුභ පැතුම් !!!
පරණ වයින් අලුත් බෝතලේකට!