(අතුල බණ්ඩාර)
අනුරාධපුර - පුත්තලම ඒ 4 ප්‍රධාන මාර්ගයේ බුලංකුලම ප්‍රදේශයේ දී ඊයේ (26) තරුණියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන අනුරාධපුර පොලිසිය, එම තරුණියන් යට කළ හරක් ලොරිය පසුපස කැබ්රථයකින් පන්නාගෙන ගිය පොලිස් සැරයන්වරු දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ ජයනි චතුරිකා ජයකොඩි (32) සමාධි නවෝදනා ජයකොඩි (29) එකම පවුලේ අක්කා නගෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නූතන කැකිල්ලේ තීන්දුවක්නේ. මීට පස්සේ අපරාධකාරයින් ලුහුබැඳීම පොලිසිය විසින් නොකර ඉඳියි.
තම බලය හා රාජකාරිය ඉක්මවා යාම සහ අයුතු බලය, ලඟම තිබෙන පොලිසියට අයි දන්වන්න බැරි? අලුත් තාක්ෂණය තියන පොලිසියට මොවුන් අගෞරව කර තිබේ. පොලිස්පතිතුමා ඉතා සාධාරණයි.
මෝඩ තීරණයක්.
මේ පොලිස් දෙදෙනා අනතුර වෙනවා දැකල මාරු වෙලා ගිහින් .. ඒක නිසා තමා වැඩ තහනම
හරක් ජාවාරම්කරු ගේ පිටුපස දේසපාලන හස්තයක්ද
මේ පොලිස් දෙදෙනා අනතුර වෙනවා දැකල මාරු වෙලා ගිහින් .. ඒක නිසා තමා වැඩ තහනම
අපි ඕන තරම් අහල තියෙනවා නේද රිය අනතුරක් වුනාට පස්සේ ඒක දැක්කෙ නෑ වගේ වාහන පහුකරගෙන ගියා කියල ප්‍රවෘත්ති වල. මට නං එව දැක්කාම හිතෙන්නේ අනිත් වෙලාවල හොඳට උදව් කරන්න ඉදිරිපත් වෙන මිනිස්සු ඒ වෙලාවේ ඇතිවෙන ක්ෂණික තැතිගැන්ම හින්ද දැන් කරන්න ඕන මොකක්ද කියල හිතාගන්න බැරිව එතනින් ඉවත් වෙනවා. පස්සේ ඒ ගොල්ලෝ කනගාටු වෙනවා තමන් කරපු දේ ගැන. ඒක හින්දා ඔහොම ලොකු ජිවිත හානියක් වෙන දෙයක් තමන්ගේ ඇස් ඉදිරිපිට දැක්කහම ඒ මිනිස්සු දෙන්නත් මොකුත් හිතාගන්න බැරිව හැරිල එන්න ඇති. බොහෝ විට මේවගෙ දෙයක් දැක්ක පලමු අවස්ථාව වෙන්නත් ඇති. මොනවා වුනත් මේ මරණ වලට නියමින් හෝ අනියමින් හරක් මස් කන මිනිස්සුයි හරක් ප්‍රවාහනය කරන්න අනුබල දුන්න මිනිස්සුයි වගකියන්න ඕන.
මේක පුදුම පොලිසියක්.
හරක් මස් ගෙනියන්නේ මුස්ලිම් ජනතාවට කන්න. එක දවසක් හරි ගව මස් හිඟයක් ආවොත් අපේ ලොක්කන්ට දුක හිතෙනවා. ඒ තරමට ලොක්කෝ මේ අයට ආදරෙයි. එකයි පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කලේ.
අනතුර සිදුවීමෙන් මේ පොලිස් නිලධාරීන්ට පහසුවක් නේද වුණේ? තමන් ලුහුබැඳ ගිය ලොරි රථයේ රියදුරා අල්ලාගැනීමට පහසුවක් වුණේ.
ඇත්තටම ලොරිය හඹා ආවද? එහෙම නැතිව ලොරියට ආරක්ෂාව සපයමින් ආවද? කියා සැකයක් ඇතිවෙනවා. පොලිසිය පලායාමෙන් මෙවැනි හොර හරක් ප්‍රවාහනයට පොලීසිවල අතලොස්සක් සහය වනබව අහලා තියෙනවා.
මස් සඳහා හරකුන් මැරීම මුළුමනින්ම තහනම් කල යුතුයි. මස් කන්නම ඕන මිනිසුන්ට දඩාවතේ යන සුනඛයන් මරාගන කන්න කියමු !
අපෝ මෙයාලා හරක් ලොරි වලින් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. මාදම්පේ පැත්තේ කතාවට මිනිස්සු කියන්නේ ගොම ගඳට පොලිස් කාරයා පාරට එනවා කියලයි.
මේ අයට නීතියෙන් දඬුවම් දෙන්න ඕනේ. හොරහරක් කියන්නේ ලයිසන්ස් පිළිබඳ ප්‍රශ්නයක්. එ්කට මිනිස්සු මරන්න අයිතියක් නැහැ. ඇයි ඉස්සරහින් නවත්තන්න තිබුණනේ? එහෙම කළොත් පගාව නැතිවෙනවනේ, එකී හරවන් ගිය පොලිසියව වෙන රටවල නම් එල්ලා මරනවා..
මේ පොලිස් නිලධාරීන් දෙදෙනා අනතුර වෙනවා දැකල මාරු වෙලා ගිහින් .. ඒක නිසා තමයි වැඩ තහනම... මේ ටික නොකළේ මන්ද? මේ නිසා විනයගරුක නිලධාරීන් අධෛර්යමත් වෙනවා .
වැඩ තහනම් කළ එක නම් හොඳයි. ඔව්, සැනෙන්ම වාර්තා කරන්නේ සම්පූර්ණයෙන්ම ඡනතාවගේ අදහස් විකෘති වන ලෙසටනේ. හොරු අල්ලා තවත් තරුවක් උර හිසේ පැළඳ ගන්න හෝ හොරුන් අල්ලා කප්පම් ගැනීමට.... අනික් කරුණ අනතුරක් දුටුවිට ඡනතාව ඉදිරිත් වන්න බයයි. ඒ ලෙඩා රැගෙනයන අයට පසුව ඇති වන කරදර නිසා. පොලිසියට කට උත්තර දීම ඊටත් වඩා නිතරම උසාවි ගානෙ රස්තියාදු වීමට සිදුවීමත් නිසා...
පස්සෙන් පන්නන්න ඇත්තේ අත්අඩංගුවට ගන්න නෙවෙයි. ගාන කපන්න වෙන්න ඇති... ඒකනේ හිමින් මාරු වෙලා ගියේ.
මෙහෙමත් නිව්ස් පලකරලා ජනතාව නොමග යවන්න එපා. නිව්ස් එකද? නැත්නම් කොමෙන්ට්ස්ද අපි පිළිගන්න ඕනේ?