(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට දුන්නේ යැයි කියන ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මියට රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියකු බව කියන පුද්ගලයකුගෙන් එල්ල වු බව කියන ජීවිත තර්ජන පිළිබඳ පරීක්‍ෂණ රහස් පොලිසියෙන් ඉවත් කරන්නැයි පොලිස්පතිවරයාට දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.
අනිකා විජේසුරිය මහත්මියට සහ ඇගේ ඥාතීන්ට එල්ල වු බව කියන තර්ජන හේතුවෙන් බැඳුම්කර කොමිසම කළ නියෝග මත පොලිස්පතිවරයා විසින් අනිකා විජේසුරිය මහත්මියගේ සහ ඥාතීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මීට පෙර අවස්ථාවක විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ද ලබාදී තිබිණි.
මෙම තර්ජන වලින් පසු ජීවිත ආරක්‍ෂාව පතා විදේශ රටකට ගොස් ඇතැයි කියන ඇය එහි සිට තමන්ට එල්ල වු ජීවීත තර්ජන පිළිබඳව විද්‍යුත් පණිවිඩයක් මඟින් රහස් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා වාර්තා කරන ලෙස දැනුම් දෙමින් පොලිස්පතිවරයා මෙම පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කොට ඇති අතර ඒ අනුව රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ පසු මෙම පරීක්‍ෂණ කටයුතු රහස් පොලිසියෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න යහපාලනය, හොදයි නේද?
යහපාලනේ තියෙන්නේ. කලින් හිටපු අය වගේ නෙමෙයි. පොලිසියට එහෙම බලපෑම් කරන්නේ නෑ. මේක හදලා කිව බොරුවක්. ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න.
රහස් පොලිසයට ඊමේල් එක්කක් එව්වනම්, ඒ පොලීසය ඒතරමට රහස් නැත.
මම ඔය තර්ජන කතාව කරලියට එනකොටම මම මගේ අදහස ලිවුවා කව්රුහරි" සර්" කෙනෙක් මෙයට කතාකරල කියල , තර්ජනය කරපු සැක කරය තවම අත්අඩංගුවට අරන් නැහැනේ ? ඉතින් තවදුරටත් මේ ගැන කතා කිරීමෙන් පලක් නැහැනේ ?
මෙම සිද්ධියම යහපාලනය පිළිබඳව හොඳ තක්සේරුවක් ලබා දෙයි. කලින් රජය පැවතුනා නම් මෙහෙම ප්‍රවෘත්ති පල වන්නේ නැත. එහෙම වුනා නම් එක්කෝ ලංකාදීප කාර්යාලය ගිනි ගනී. නැත් නම් පොලිස්පති ගෙදර යයි. ඒ හැමටම වඩා තමන්ගේ රජය සමයේ සිදු වුන බවට කෝප් වාර්තා මගින් පවා එකල ඔප්පු වූ කෝටි ගණන් වංචා පිළිබඳව කවදාවත් පරීක්ෂණයක් වත් පැවැත්වුනේ නැති බව මතක් කරගන්න. වෙනස සිතුවාට වඩා අළු පැහැතිය. එහෙත් තිබූ තරමට කට්ට කළු නැත.
මේ දෙපැත්තේම ඉන්නේ හොරු ඒ නිසා හොරු රකින්න හොරු ඉදිරිපත් වෙනවා පොලිස් පති තුමනි නිතිය හරියට කරන්න පක්ස පාටනැතිව
ඇති වෙන්න මඩ නාලාඉන්න පොලිස්පති කූඩුකරන්නයි ඔය හදන්නේ මේක ලෝකෙම බලා ගෙන ඉන්නේ
මන් කඩේ යනවා ඕව හදපු බොරු අපේ පොකට්ටුවට ගැහුවේ රවී මහත්තය නොවේ සන්දානේ බුදු සරණේ රටකට ගිය කල මන් කඩේ යනවා හාල් 250 පොල් (බැයක්) ගෙනෙන්න දවලට කන්න
අනිකා විජේසුරිය ඉඳල තියෙන්නේ බාලි දුපතේ නිවාඩුවක් ගත කරමින් එහි සිටින ගමන්ම ඇය ඊළඟ නිවාඩුවක් සඳහා එංගලන්තයට යන බව ටුවිටර් සටහනක් තබා තියෙනවා පසුව ඇය ලංකාව හරහා දවසක් මෙහි ගත කර ඔක්තෝබර් 6 එංගලන්තයට ගොස් තිබෙනවා , නමුත් ඇයගේ ඔය ජීවිත තර්ජන දුරකථන ඇමතුම ඔක්තෝබර් 13 අපු එකක් ලු , ඉතින් අර රන්ජන් රාමනායක කියනවා වගේ මේකත් මුදලට නඩු නිම්ති වෙනස් කරන අයගේ වැඩක් බව පැහැදිලියි. ඇයගේ නිවාඩු ගැන ෆේස් බූක් සටහන් අන්තර්ජාලයේන් බැලීමට පුළුවන් .
රට 3 වෙනි පාර්ශවයකට බර නොදුනහොත් ඉදිරි වසර 5න් පසු රටට වෙන දෙය හිතා ගන්නවත් බැහැ මුන් දෙගොල්ලම කරන්නේ එකම දෙයනේ හොරකම් තක්කඩි අපරාද අවනීතිය මේවා දෙගොල්ලම නැහැ නැහැ කියා කියා ඇස්පනාපිට පෙනී පෙනී කරන දේවල් අපේ රටේ මිනිස්සු පට කන්නාඩි වලින් මේවා දෙස බලනතුරු මුන් මේ අය තක්කඩි කම් කරනවා
අඹ ගෙඩි 3 ක් සොරකම් කල ගැහැනියක් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන රටේ, මහාපරිමාණයෙන් අල්ලස් දීම්, අල්ලස් ගැනීම්, බැංකු වංචා, බදු ගෙවන්නන්ගේ මුදල් වංචා සහගත ලෙස අයිති කරගැනීම, එසේ කිරීමට ඉඩ විවර කරදීම, රහස්‍ය තොරතුරු විකිණීම, රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවල යෙදීම සහ එවන් ක්‍රියා වසන් කිරීමට සාක්ෂි සපයන්නන්ට මරණ තර්ජන කිරීම ඉතා භයානක අපරාධ ගණයට ලා සැලකේ. එම චෝදනා ලද්දන් වහාම අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනේ. වරක් ද්‍රෝහී වූ ඔවුන් නැවත ද්‍රෝහී නෙවෙයි කිසිවෙකුත් ඇප නොවන හෙයින් නැවත මහජන නියෝජිතයන් වීම වැලක්වීමට ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබේ. ඔවුන් රටින් පිට කර ඇත්තේ වංචා කරන ලද මුදල් බැවින් ඒවා නැවත මෙරටට වහාම රැගෙන එනු ඇත...! මිතුරු මිතුරියනි ... මේ මා දුටු සිහිනයකි. කිසිවෙක් කලබල නොවන්න..!!!
පොලිස්පතිතුමාත් දෙශපාලනඥයෙක් නිසා එහෙම බලපෑමක් අවශ්‍ය වන්නෙ නෑ.