අජන්ත කුමාර අගලකඩ
නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අලුතින් ප්‍රාදේශීය සභා හතරක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අද අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින නෝවුඩ් සහ මස්කෙළිය යන ප්‍රදේශ දෙක ද, අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින අගරපතන සහ කොටගල යන ප්‍රදේශ දෙකද වෙනම ප්‍රාදේශීය සභා ලෙස ගැසට් කෙරෙනු ඇත.
ඒ සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා අටක් දක්වා ඉහළ යනු ඇත.
මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කාලයක් සුළු ජාතික මන්ත්‍රීන් උන්නේ ගානට. දැන් මේ යහපාලනය ව්‍යසනය නිසා සුළු ජාතික මන්ත්‍රීන් ප්‍රමාණය වැඩිකරවාගෙන ඔවුන්ගේ බලය තර කරගන්නවා. ලෝකේ සුළු ජාතික ඇමතිවරුන්ට මහා ජාතියක ඉරණම තීරණය කරන්න දීපු පලවෙනි රට වෙන්නේ ලංකාව. ගොඩක් කනගාටුයි.
සීමා පුවරුවේ නුවර එළිය ඉංග්‍රීසියෙන් ලියලා තියෙන හැටි වැරදියි. බලධාරීන් මෙතෙක් එය දැක්කේ නැද්ද.
සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතන, චන්ද කොට්ඨාස පිහිටු වන්නේ ජනගහනය සහ බිම් ප්‍රමාණය අනුවයි. නමුත් දැන් එහෙම නොවෙයි වෙන්නේ. පුද්ගලික අරමුණු සඳහා තමයි මේ දේ වෙන්නේ.
වියදම වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ
සමාවන්න මටයි වැරදුනේ. සීමා පුවරුවේ දෙමළෙන් කියා ඇති දේ ඉංග්‍රීසියට හරවලා තියෙන්නේ.
පළාත් පාලන ආයතන යනු රටකට අත්‍යවශ්‍ය ආයතයක්. ඒවා වැඩි කල යුතුයි.
අදහස් නැත