(මනෝප්‍රිය ගුණසේකර)
සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපල රුපියල් ලක්ෂ 15 කට අධික අලාභයක් කරන ලදැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී මණ්ඩලයේ කැඳවුම්කරු රයන් ජයලත්ට රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා නියෝග කළේය.
අධ්‍යාපන කටයුතු සළකා බලා මෙලෙස ඇප නියම කරන බවත් යළි උද්ඝෝෂණ වලට සහභාගී වන බව දැන ගන්නට ලැබුණ හොත් ඇප අවලංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා කොන්දේසියක් ද පැනවනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මූ කරන අධ්‍යාපනය ආයෙත් පිකටින් තමයි
පුතේ ඔය විකාර වැඩ නවතා හොඳට ඉගෙන ගනින්. නැත්නම් අපිටත් කියන්දවෙන්නේ උඔව හිරේ දාපන් කියලයි.
මේ පුවත් පතේම තියනවා ලිපියක් ප්‍රථම කෘතිම බුද්ධි ඇමති කියලා ලිපියක්. ඔහුගේ වයස අවුරුදු 27ක්. ඔවුන්ගේ ඉලක්කය 2117 වර්ෂය. ඔන්න බලාගන්න දියුණු වන රටවල සැලසුම්. ඔහු ඉලක්කගත අධ්‍යාපනයක් අවසන් කරලා රට වෙනුවෙන් රටේ දියුණුව වෙනුවෙන් තම තරුණ ජවය, තම උගත් ශිල්පය තම උපන් බිමට දායාද කරලා. අපේ තරුණ පරපුර ආදර්ශයට ගන්න ඔහුව.
හරි වැඩක් නේ උද්ගෝෂණය කරන්ඩ තියන ඓයිතිය තහනම් කරන්ඩ පුලුවන්ද
දොස්තර මුණක් කෙසේ වෙතත්, අලුගෝසු මූණක් තමයි පේන්න තියෙන්නේ...
උද්ඝෝෂණයට අයිතිය තිබුණු පමණින් රාජ්‍ය දේපල විනාශ කරන්න අයිතියක් නැහැ. තමන්ගේ ගෙදරට කවුරු හරි කඩන් වැදිලා ගෙදර බඩුමුට්ටු පොලවේ ගැහුවාම තේරේවි. මේවා රයන්ගේ පුද්ගලික දේපල නෙවෙයි. රටේ මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් උපයපු බදු මුදල් !
චන්දිම වැඩිය කතා කළොත් ඇතුලට දානවා.
කුමාරි, රයන් කෘතිම බුද්ධි ඇමැති වෙනකං බලාගෙන ඉන්නේ නැතිව ඔයාට වෙන්න තිබුනේ. දොස්තර මුහුණ, ඉංජිනේරු මුහුණ, ගුරු මුහුණ, ඇමැති මුහුණ, බැංකු හොරු මුහුණ. එහෙම මුහුණ බලලා කියනවද? අහෝ රටකට ගිය කලක්.
අපේ රටේ නිදහස් අධ්‍යාපනය අර්ථවත් ලෙස වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ. මුලින්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගය නැවත රටට අවශ්‍ය දේ ඉගැන්වීමට කාලය ඇවිත්.
කවුරු ආවත් කමක් නැහැ.. පොදු දේපළ විනාශ නොකර කරන දෙයක් කරගන්නයි තියෙන්නේ..
අනේ ඇයි නිදහස් කළේ? තව අවුරුද්දක් විතර තිබ්බා නම් කැම්පස් ස්ට්‍රයික් එක ඇදගන්න තිබුණද? එතකොට පුද්ගලික කැම්පස්වල ළමයි අවුට් වෙලා. නිදහස් අධ්‍යාපනයේ විනාශය...
මෙයාට දෙහිවල සූ එකේ කාමරයක් දෙන්න බැරිද?
මෙයාගේ හතර වරිගයේම කාටවත් රජයේ රැකියා දෙන්න එපා. රාජ්‍ය දේපල විනාශ කර නෙයියාඩගම් නැටුවාට නිකම් අත ඇරලා හරියන්නේ නැහැ.
මෙන්න මගෙන් තවත් නොවරදින අනාවැකියක්. සයිටම් ප්‍රශ්නයට ඉදිරි සතිය තුල සතුටුදායක පිළිතුරක් ලැබෙනවා. හේතුව පොඩි මාළුවකු ඇමට යොදා ලොකු මාළුවකු අල්ලාගැනීමට. රට බෙදන ව්‍යවස්ථාව ගෙනෙන්නට පෙර සයිටම් රජයට පවරාගෙන ඒ සතුට අස්සේ රට බෙදන ගිවිසුම එලියට එනවා.
සිසු ව්‍යාපාර වල යෙදෙන මේ අය අධ්‍යාපන කල යුතු කාලයෙන් වැඩිම කාලයක් මහජන මුදල්ද දේපලද කාදමමින් ඒ අයටත් රටටත් අවැඩ දේවල නිරත වෙමින් මුළු මහත් විශ්ව විද්‍යාල පද්ධතියටම ඇනයක් වෙමින් පවතී.