කැටලෝනියානු පාර්ලිමේන්තුව විසින් ඒක පාර්ශ්විකව වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරනු ලැබීම හෙළාදකින බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අද (28 වැනිදා) ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාව සහ ස්පාඤ්ඤය දීර්ඝ කාලයක් තිස්සේ යහපත් සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඒ විතරක් නොවේ, ස්පාඤ්ඤය යුරෝපා සංගමයේ වැදගත් සාමාජිකයකු වශයෙන්ද සලකනු ලබනවා” යයි විදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනයෙන් කියැවේ.
“ශ්‍රී ලංකාවේ රජය කිසිදු සැක සංකාවකින් තොරවම ස්පාඤ්ඤ රාජධානියේ ස්වෛරීභාවයත් අවංකත්වයත් වෙනුවෙන් සහයෝගය දක්වයි. එසේම කැටලෝනියාව ස්පාඤ්ඤයේ වැදගත් කොටසක් ලෙසත් සලකනු ලබයි.”
“ස්පාඤ්ඤයේ ව්‍යවස්ථාව සහ නීතිරීති මාලාව අනුව එක්සත් ස්පාඤ්ඤයක් වෙනුවෙන්, දෙපාර්ශ්වය අතර සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට එළඹෙන ලෙසත් ශ්‍රී ලංකාව ආයාචනා කරයි” යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර කැටලෝනියාව වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ රජය දැඩි පියවර කිහිපයක්ම ගෙන තිබේ.
කැටලෝනියානු පාර්ලිමේන්තු තීරණය සහමුලින්ම නිෂ්ප්‍රභා කරමින් එහි සභාපතිවරයා, උප සභාපතිවරයා මෙන්ම සියලුම මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තු සභිකයන් නෙරපා දැමූ ස්පාඤ්ඤ රජය කැටලෝනියාවේ පාලනය සියතට ගනිමින් දෙසැම්බර් මස 21 වැනිදා ඡන්දයක් පැවැත්වීමටද තීරණය කර තිබේ. කැටලෝනියාවේ පොලිස්පතිවරයා තනතුරෙන් පහකර දැමීමටද මැඞ්රිඞ් (ස්පාඤ්ඤයේ අගනුවර) පාලනය අද (සෙනසුරාදා) පියවර ගත්තේය.
ස්පාඤ්ඤ අගමැති මර්ජානෝ රසෝයි මහතා විසින් කැටලෝනියානු පාර්ලිමේන්තුවේ මෙම ක්‍රියාව හඳුන්වනු ලබන්නේ “අකීකරුකම ඉහවහායාමක්” ලෙසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කියලා බැරිවෙලාවත් කැටලෝනියාව කැඩිලා ගියොත් තානාපති කාර්යාලයක් වත් දාගන්න බැරිවෙයි. අනික ලංකාවේ බෙදුම්වාදයට යුරෝපීයයන් හැමදාම කළේ උදව් කරපු එකයි.
කැටලෝනියානු පාර්ලිමේන්තුව ගත් අදූරදර්ෂී ක්‍රියාව ලෝකයේ ඉන්න අනෙකුත් බෙදුම් වාදීන්ට උඩගෙඩි දීමක්....
ඔන්න ලංකාවටත් හොඳ පාඩම්. මහා සඟරුවන අපිට දෙන්න යන අලුත් ව්‍යවස්ථාව ගැන කියන්නේ නිකම් නෙවෙයි.
අකීකරුකම නෙමේ ගොන්කම් ඉහවහා යාමක්. ඇති යන්තම් අපේ රජයට මෙහෙම නිවේදනයක් කරන්න පණක් තිබුණා. දැන් කට්ටිය රැල්ලට රටවල් කඩන්න පටන් ගනීද දන්නේ නෑ. අන්තිමට කැඩිල වෙන් වුනාම ගලේ පැහැරූ බළලා වගේ මොකක් හරි අවුලක් ආවම තමා රඟේ තේරෙන්නේ...
ස්පාඤ්ඤ ඉතිහාසය නොදැන ලංකාවේ පැත්තෙන් විතරක් බලලා කැටලෝනියානු නිදහසට විරුද්ධ වෙන එක සාධාරණ නැහැ. ජෝර්ජ් ඔර්වල්ගේ කැටලෝනියාව ගැන පොත කියෙව්වා නම් ඒ ඉතිහාසය දැනගන්න පුළුවන්. කැටලෝනියාවේ මිනිස්සු සටන් කරන්නේ ලංකාවත් එක්ක තියෙන තරහකට නෙමෙයි.
ඊලාම් රාජ්‍ය ශ්‍රී ලංකාවෙන් වෙන්වීම ස්පාඤ්ඤය හෙළා දකී.. ඉස්සරහට මෙහෙම දෙයක් දකින්නට ලැබුණොත් පුදුම වෙන්න දෙයක් නැහැ.
මේ යන විදියට ඉහලින් ඉන්න අය දැනටමත් පිඹුරුපත් ඇදලා කොලේ වහලා ගහන්න ලෑස්තිවෙන ලක්ෂණ පහලවේගෙනයි එන්නේ..
ඇති යාන්තං.... පිට කොන්දක් තියන කියමනක් කිව්වමද කොහෙද?
ශ්‍රී ලංකාව වැනි ලෝකයේ බලසම්පන්න සුපිරි රාජ්‍යයක සහාය ස්පාඤ්ඤය වැනි රටකට ලැබීම එරටට විශාල ශක්තියක්.
කැටලෝනියව මුළු රටෙන්ම ධනවත්ම ප්‍රදේශයයි.මේ රටේ බෙදුමට 40% පමනයි චන්දය පාවිච්චි කලේ.
මේවා අපිට හොඳ පාඩම් !!!
අව්රුද්දෙ වැඩි දවසක් අපේ රටේ අගනුවර පාරවල් වහගෙන මොකක හෝ කණ්ඩායමක් උද්ගෝෂණය කරනවා , පසුගිය සතියේ කියුබාවට ඇමෙරිකාව බලපෑම් කරනවා කියල කණ්ඩායමක් මෙහෙ උද්ගෝෂණය කරනවා මෙම උද්ගෝෂණ ටික කළමනාකරණය කරගන්න බැරුව දඟලන ආණ්ඩුව දැන් යනවා කටලොනියාවට උපදෙස් දෙන්න , ඕක කිවුව කියල හෙට අනිද්දා මොකෙක් හරි එකෙක් කොළඹ පාරක් වහල උද්ගෝෂණ කරන්න අවොත් අමාරුවේ වැටෙන්නේ අපි , ආණ්ඩුවේ ලොක්කෝ නම් හෙලිකොප්ටරෙන් හරි තමන්ගේ ගමන් බිමන් යාවි
එකම ජනවර්ගයක් රටෙහි එක තැනකට එකතුවුනහොත් එහි අනිවාර්ය බෙදුම්වාදී ගතියක් ඇතිවෙනවා ,ඉදිරියට ලංකාවේ ප්‍රාදේශීය සභා මුත් මේවගේ යෝජනා නොගෙනාවොත් තමයි පුදුම.අලුත් ව්‍යවස්ථා කෙටුම්පතත් එයට උල්පන්දම් දෙනවා
කැටලෝනියාවෙ ඉතා සුළුතරයක් බෙදුම්වාදී වුවද, ඒ සුළුතරය රටට කරන හානිය සුලු පටු නොවේ. මේවා අපට හොඳ පාඩම්. බලය බෙදන්න ඕනෑ අය මේ අනතුර අඳුනාගෙන ඒ ගැන යමක් කිව යුතුය.
පළාත් ආණ්ඩුවලට රටක් බෙදුවට පස්සේ මෙවැනි පසු කාලීන ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න වෙනවා. මේක නව ව්‍යවස්ථාවක් මගින් බලය බෙදන්න ඕනේ කියන අපේ වර්තමාන පාලකයන්ටත් බලාගන්න තිබෙන හොඳම උදාහරණයක්.
ව්‍යවස්ථා සංශෝධනයකින් රට කැඩුවට පස්සේ අපේ රටට ඔහොම කියන්න කවුරුවත් නැති වේවි !!!