(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවේ නිල කාලය අවසන් වීමෙන් පසුව සියලු නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට බඳවා ගැනිමේ පරිපාටියද උල්ලංඝනය කරමින් සේවකයන් 25 දෙනකු බඳවා ගෙන ඇති බව උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා පවසයි.
උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරියද තවමත් පේෂල ජයරත්න මහතා ඇතුළු හිටපු මැති ඇමතිවරුන් උතුරු මැද පළාත් සභාව තම පුද්ගලික බුදලයක් ලෙස සිතා ගෙන අයුතු පත්විම් ලබාදීමත් වක්‍රව පළාත් සභාවේ පාලනය සියතට ගෙන සිටින බවතට ඔහු චෝදනා කරයි.
අනුරාධපුර සම්බන්ධිකරණ කාර්යාලයේදි අද(22) පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසිය.
‘‘ඉදිරි මැතිවරණයේ දී ජන්දය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තම හිතවතුනට පත්වීම් ලබාදීම දිගින් දිගටම සිදුකරමින් පවතිනවා. මේ වන විට යළිත් පසු ගිය සතියේදී උතුරුමැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට නීති විරෝධී ලෙස 25දෙනකු බඳවා ගෙන තිබෙනවා. ඉදිරියේදී මෙම පත්වීම් සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට වග උත්තර බැදීමට සිදුවනවා.
මේ පිලිබදව ඉදිරියේදී මිට එරෙහිව නීතිමය පියවර ගන්නවා දේශපාලකයන්ගේ නීතිවිරෝධී වැඩ වලට සහය වී පත්වීම් ලබාදුන් නිලධාරීන්ට නිතිය ඉදිරියට යාමට සිදුවන බවද මෙහිදි රංජිත් මහතා පැවසිය.
මේ පිළිබදව උතුරුමැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති කිත්සිරි විජේසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරිම සදහා විධිමත් පරිදි 16දෙනකු බඳවා ගත් බවත් ඔවුන් බඳවාගනු ලැබුවේ ඉල්ලුම්පත් කැඳවා විධිමත් පරිදි සම්මුඛ පරීක්ෂණ තබා බවත් ය.
මේ සදහා කිසිම දේශපාලන මැදිහත්වීමක් සිදුව නැති බවත් පරීක්ෂණ මණ්ඩලවල තීරණය අනුව සුදුසුකම් ඇති අය තෝරා ගත් බවත් ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතේ හිටිය පූසා ඇරලා ඉසෝ ඉසෝ කිව්වා වගේ වැඩක් නේ ඔහෙට වෙලා තියෙන්නේ... කමක් නෑ... වැරදි කරපු අයට විරුද්ධව නඩුවක්වත් දැම්මොත් නේද හොඳ?