(මනෝප්‍රිය ගුණසේකර)
විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහාමරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි විසිහයාමාරකට අධික මුදලක් වැය කිරීමෙන් විශාල වංචාවක් සිදු කොට ඇති බව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් මඟින් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට දැනුම් දී ඇත.
ඉන්වොයිස් පත්‍රවල අලියාගේ වටිනාකම විශාල ලෙස වැඩියෙන් සඳහන් කොට 2007 වසරේදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගෙන ඇති බව පෙන්වා දෙන එම ඒක පුදගල කමිටුව මෙම වංචාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර මෙයට වගකිවයුතු සියළු දෙනාට දඬුවම් නියම කිරීමටද නිර්දේශ කොට ඇත.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඒක පුද්ගල විමර්ශන කමිටුව විසින් සිය වාර්තාව මඟින් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට මේ බව දැනුම් දී ඇති අතර අමාත්‍යවරයා එම වාර්තාව පාර්ලිමෙන්තුවට යොමු කොට ඇත.
රේගු දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ සමන්ත ගුණසේකර මහතා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කමිටුව පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකත් එකටම මේ අලියා "ඉහල" කුලයේ අලියෙක් වෙන්ට ඇති !
මේවගේ උතුම් තැනකට වංචා කරන්න පුළුවන් අය, පුළුවන්කමක් තිබේ නම් ඕනෑදෙයක් විකුණන් කයි.
අපිට ඉතුරුවෙලා තිබුණු දළදා මාලිගාවත් මේ මිනිස්සු විකුණගෙන කයිද?
ආගමත් විකුණන්කන දේශපාලකයෝ සහ හෙන්චයියෝ. මේ රට මේ වසර 70 තුල විනාශ කරපු හැමෝටම සාප වෙයි.
අද ඉතින් ආගම, දහම කියන්නේ හොඳ බිස්නස් එකක්නේ. එතකොට සොච්චම් මුදල් ගනුදෙනු එතන වෙන්න විදිහක් නැහැනේ. හැබැයි ඉතින් කවුරු හරි ඇත්ත හෙළි කලෝතින් එහෙම පණපිටින් අපා ගත වෙනවා. අම්මෝ ඕවා ගැන කතා කරන්නේ බලාගෙනයි.
ඒක පුද්ගල විමර්ශන කමිටුවේ පුද්ගලයාගේ ශාසන ඉතිහාසය ගැන දැනීමක් නැති බවයි පෙනී යන්නේ. දළදා කරඬුව වැඩම කරවන්න ඕනෑම ඇතෙකු යොදා ගැනීමක් කරන්න බැහැ. එම ඇතුන්ගේත් මංගල ලක්ෂණ තිබෙන්න ඕනේ. උස ප්‍රමාණය, දල දෙකේ විශාලත්වය, කන්පෙති වල විශාලත්වය කිහිපයක් පමණි. මෙම මංගල ලක්ෂණ ඇති මංගල හස්තියෝ සිටින ඇත් කුලයන් තිබෙනවා. හැම ඇතෙක්ම යොදාගන්න පුලුවන් නම් ලංකාවේ කැලේකිනුත් කිසිම වියදමක් නැතුව අල්ලගන්න පුළුවන්... උදාහරණයක් විදියට අයාලේ ඇවිදින සුනකයන් මෙන්ම ලක්ෂ ගණන් වටිනා සුනඛයන් අපිට වෙළඳපොලේ දැකිය හැකියි....
2007 කාලේ මේ වගේ වංචා නොවුනා නම් තමයි පුදුමේ. ඕවා සෝඩා බෝතලේ ඇරියා වගේ සද්දේ විතරයි වැඩ නැහැ. කවුරුත් හිරේ යන්නේ නැහැ. අපිට නම් දැන් ඔක්කොම හොරු.
මේකෙන් ඔප්පු වෙනවා දළදා මාලිගාවත් නිකම්ම ගඩොල් ගොඩක් විතරයි කියලා, නැතිනම් ඔය කියන විදිහේ බලයක් තියෙනවා නම් මේවායේ හොරුන්ට දඬුවම් දෙන්න එපායැ !!!
දේශපාලනයයි, ආගමයි අතර ලොකු වෙනසක් නැහැ. කියන දේ සහ කරන දේ අතර තියෙන්නේ ලොකු පරතරයක්.
බෞද්ධ විරෝධී ප්‍රතිචාර දාන මාෆියාවක් ඉන්නවා පාඨකයන් අතර. භද්‍රානි, චානක ලොස් ඇන්ජලිස් ඒ අතර ප්‍රධානයි.
මාර කෙනෙක් තමයි පැමිණිල්ල කරලා තියෙන්නේ. මගෙනුත් පගාව අරන් තියෙනවා.
ලක්ෂ 20ට කාර් එකක් ගන්න තියෙද්දී ලක්ෂ 60කට කාර් එකක් ගත්තා වගේ කතාවක් කියලා හිතෙනවා.
මේ කතාව මඩ ගැහිල්ලක් මෙවැනි පුවත් පලකලාම බුදු දහමට අපහාසයක් වෙනවා නේද?
අලියව ගන්න ඉස්සෙල්ලා බලන්න මියන්මාර් යන්න කට්ටියගේ වියදම් රුපියල් කෝටි 2. අලියාගේ මිල රුපියල් කෝටි 5 යි. අලියව ගත්ත තැන ඉඳල මියන්මාර් ගුවන්තොටුපොළට ගෙන්න රුපියල් කෝටි 1 යි. එහෙ සිට කටුනායකට ගුවනින් ගෙන්න රුපියල් කෝටි 5 යි. රේගු බද්ද කෝටි 5 යි .. කටුනායක සිට මහනුවරට අලියව ගෙනියන්න ලොරියට වියදම කෝටි 1 යි . එහෙදි අලියව නාවා පිරිසිඳු කර සෙන් පවුඩර් ගැසීමට වියදම රුපියල් කෝටි 1 යි .. එකතුව මුළු වියදම රුපියල් කෝටි 20 යි .. එ්ත් කෝටි 6 කට වෙච්ච දෙයක් නෑනේ ..
දැන් අස්‌ගිරි විහාරයෙන් සහ මල්වතු විහාරයෙන් මහානායක හිමිවරු ප්‍රමුඛ සංඝ සභාවේ ස්‌වාමින් වහන්සේලා නව ව්‍යවස්‌ථාවට ප්‍රබල විරුද්ධත්වයක් ප්‍රකාශ කර තිබෙන මොහොතක එම හිමිවරුන්ගේ කටවල් වහලා නව ව්‍යවස්‌ථාව ගේන්න හදන උපක්ක්‍රමයක්ද දන්නේ නැහැ. ඒ මොකද මේ විමර්ශන කමිටු වාර්තාව එන්න තිබුනේ මීට සෑහෙන කලකට ඉහතදීය.
තනතුරු ගන්නකොට දොලපිදේනි දෙන්නේ අපිට ආදරයට නොවෙයි නේද?" මේ අදෘශ්‍යමාන අලියා පෙරහරේ යන්න ඇති නේද?
මියන්මාරයෙන් හෝ වෙන කිසිම රටකින් අලින්ව ආනයනය කිරීමට අවශ්‍ය රටක්ද අපේ රට? හෙන ගහන වැඩනේ මේවා....
කෝ අපේ මහා සංඝරත්නය? මෙන්න අපේ රජතුමාට, බුද්ධාගමට පහර ගහනවා... ජනතාවනි එක්වෙන්න. මේවා ගැන කතාකරන ජාති ද්‍රෝහී, දේශ ද්‍රෝහී, ආගම් ද්‍රෝහී පිටරට සල්ලි වලින් යැපෙන්නන් ඉවත් කර දමන්න.
මේ ඔක්කොටම මුල අද මිනිස්සු බුදුරදුන් පෙන්වා දුන් මාර්ගය අතහැර වෙනත් මගක යාම. තුන්පිටකයට අනුව නෙමෙයි වැඩ කරන්නේ. හරියට බුදු හාමුදුරුවෝ හඳ පෙන්නද්දි අඟිල්ල දිහා බලනවා වගේ. වෙසක් පෝය දවසට නගරයකට රෑට යන්න පුළුවන්ද? අාගම වෙනුවෙන් පණ දෙන්න කතා කළාට පන්සිල් පද පහවත් රකිනවද? පන්සලේ ප්‍රධාන දායකයෝ කවුද? මුදලාලිලා. එ් මොකද? මුදල් කෑදරකමට. බුදුහාමුදුරුවෝ වදාලේ ප්‍රතිපත්ති පූජාව පිළිබඳව. එ්ත් දැන් පස්සේ හදා ගත්ත අාමිස පූජාවට තමයි මුල් තැන දෙන්නේ. එ්ක ඔය හැමෝටම ලාභයි සහ ලේසියි. හැබැයි දර්ශනයක් නෑ. සැබෑ බෞද්ධයනි සැබෑ බෞද්ධ දර්ශනය රැක ගනිමු. සැබැ දර්ශනය (තුන් පිටකය) ඉගෙන ගනිමු. ධනවාදයෙන් පන්සල බේරා ගනිමු. නැත්තම් අනාගත පරපුර අාගම විදියට දකින්නේ මේ වැඩ. එවිට ඔවුන් බෞද්ධ දර්ශනයෙන් බැහැර වේවි.
ඒ කාලෙ කිව්වේ බුරුමෙන් තෑග්ගක් දුන්න කියලා නේද? තාත්තා රජතුමාගේ පාසැලේ එකම පන්තියේ වෙච්චි, පුතා දියවඩන නිලමෙ වෙච්චි ඉතින් තව මොනවද? දැන් බලාගෙන ඉඳිමු, පාර්ලිමේන්තුවේදි ගම්මන්පිල සහ විමලේ මේ ගැන කියන දෙය ගැන...
ඇතා ඉහල කුලයකට අයත් විය යුතු කියන එක මිථ්‍යාවකි.බුද්ධ ධර්මයට කුල බේදයක් නොමැත.මම පෙරහැරවල් බැලීමෙන් වැලකි සිටිමි.අලි ඇතුන් සම්බන්දවන හා එම සතුන් පාවිච්චි කිරීම ගැන මගේ විරෝධයක් ඇතා.අලි පස් දෙනෙක් ගියත් දෙසිය පනහක් ගියත්, වෙනස මට නොපෙනේ.බුද්ධ ධර්මය දැක්මෙන් හා චිත්‍ර වලින් ප්‍රධර්ශනය කරන්න නොහැක.බුද්ධ ධර්මය ඒ තරම් බොලද නැත.
හොරකම විතරක් නෙමේ, ඒ දිව්‍යමය හොරකම සාධාරණීකරණය කරන උම්මන්තක රැළකුත් අප අතරම ඉන්නවනේ. මෙච්චර අලි ඇත්තු ඉන්න රටේ මංගල හස්තිරාජයෙක් මියන්මාරයෙන්, බදුත් ගෙවලා ආනයනය කරන්න කරන්න සිදුවුණා කියපුවම අපිට නම් අර කොහෙන්ද මන්දා හිනායනවා. කොහොමත් වෙළඳ පොලේ ෆොරින් භාණ්ඩවලට හොඳ ඉල්ලුමක් තියන බව අපිත් දන්නවා. එ්ත් ඉතින්, දේශ ප්‍රේමේ ඉහවහා ගිය භික්ෂුන් ඉන්න රටේ ෆොරින් ඇතෙකුම දළදා වහන්සේ වැඩම කිරීමට යොදා ගන්න සිතුවේ, පින්වතුන්ගේ ඇස්දෙක හා මනස රවටන කොලිටිය ඒ ෆොරින් අත්තුන්ගේ තියන නිසාම වෙන්න ඇති. ශ්‍රී දළදා වහන්සේට කෙසේ වෙතත්, අලි ඇතුන්ට වැඳ නමස්කාර කරන සැදැහැවතුන් පිරිසක් නිර්මාණය කර තිබීම ගැන උන්වහන්සේලාට අපි කෘතඥ විය යුතුයි.
අම්මපා 2007 දී ලංකාවේ අලි එකෙක්වත් හිටියේ නැද්ද? ආවුරුදු 10 ක් ගියාද අලියෙක් මෙච්චර වටිනවා කියලා ගණන් හදන්න?
ඒ කාලෙත් මේව ගැන හෝඩුවාවල් තියෙන්න ඇතිනෙ, හැබැයි පත්තර මල්ලිල හිට්යෙ පන බයේනෙ, නැත්නම් ලසන්තට වුන දේ තමයි. නැද්ද ?
සුපිරි නාඩගම. හාමුදුරුවෝ ව්‍යවස්ථාවට විරුද්ධ වෙද්දී හාමුදුරුවන්ටත් මඩ ගහන්න හදන අපුරු යහපාලනය. මෙච්චරකල් හොයා ගන්න බැරි වුණු අලි දැන් තමයි යහපාලනයෙන් හොයා ගන්නේ. මේ කතා හොඳයි යහපාලනයට කඩේ යන පීචන් හෙන්චයියන්ටයි, කොන්ඩෙ බැඳපු චීන්නුන්ටයි, පොඩ්ඩක්වත් හිතන්න මොලයක් කියල නාමයක් නැති මෝඩයන්ටයි. මේ වගේ කතා වලට බහුතරයක් මිනිස්සු රැවටෙන්නේ නැහැ. මෝඩයො ටිකක් රැවටුණාට.
බුදුහාමුදුරුවන්ගෙනුත් කොමිස් ගහන මිනිස්සු දැන් නම් ඉන්නේ...
ලංකාවේ ජනතාව නොමිලේ අවුරුදු 13 අධ්‍යාපනය ලැබුවත් බුද්ධිමත් නැහැ. කැපී පෙනෙන ලෙසම දේශපාලනය පිළිබඳ තීරණ ගැනීම සහ ආගම. බුද්ධිමත් වූවානම්, රටක් ලෙස මෙතරම් අරාජික වන්නට හේතුවක් නැහැ. නිදහසින් වසර 70 ගත්වන මොහොත වන විටත් යහපත් පාලකයින් පත්කරගන්නට බැහැ. ආගම(සියලුම) කියන තැනදී මිත්‍යාදෘශ්ඨිට මුල්තැන. ආගම යනු ජීවිතය යහපත්ව පවත්වාගෙන යාමට ඇති උපදෙස් මාලවක් පමණි. එය නැණ පමණින් විමසා බලා අනුගමනය කළ යුතු දෙයකි.
සත්තකින්ම දඩුවමක් දියයුතුයි
සාදු කියන්න පින්වතුනි ...මේ ඇතා තව්තිසාවේ රාවනගේ පුත් රුවනක්
ආනයනය කරන ලද උසස් කුලයේ මේ අලියද දැන් කරඬුව ගෙනියන්නේ? අවුරුදු 2500 ඉතිහාසයක් ඇති බුදු දහමෙන් පන්නරය ලැබූ රටකට අලියෙක් නැති හැටි කරඬුව ගෙනියන්න.
මෙතන දමන ප්‍රතිචාර වලට පක්ෂව සහ අපක්ෂව පිළිතුරු කිසිසේත්ම සත්‍ය වෙන්ට බැහැ. එකම කෙනෙකු පිළිතුරු 4000, 5000, දෙනවා. මේ පිළිබඳ ලංකාදීපය දැනුවත් වන්න.
බෞද්ධ දර්ශනය පිළිපැදිය යුතු බවත් ආමිෂ පුජා, ඔය අලි කතන්දර තවදුරටත් අනවශ්‍ය බවත් තේරුම්ගන්න තරම් බෞද්ධයින්ට මොලයක් නැහැ.
මේ ලිපිය බැලුව සංඛ්‍යාව බලන්න. එ්ත් කැමැත්ත අකමැත්ත පලකල සංඛ්‍යාව බලන්න. එ්කත් හොරුන්ගේම වැඩක්. හොරුන්ටම ගිය රටක්...
"විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඒක පුද්ගල විමර්ශන කමිටුව" - එක පුලා කමිටුවට සභාපති කෙනෙක් ඉන්නවා. ලේකම් සහ භාණ්ඩාගාරික කවුද? මේ ඒකපුද්ගල කමිටුවේ වාර්තාව නිර්පාක්ෂිකද කියලා විමර්ශනය කරන්නේ කවුද?
දෙයියනේ මේකට අලියා කියන්නේ නිකන්ද?
මම උඩ බෞද්ධ විරෝධි අදහසක් දාලා නෑ. මම කිව්වේ සැබැ බෞද්ධ දර්ශනය තියෙන්නෙ. තුන්පිටකයේ එ්ක ඉගෙන ගන්න එ්ක රැක ගන්න එ්ක අනුගමනය කරන්න. එ්කයි නියම දර්ශනය. හැබැයි මගේ අදහස වැරදි කියලා 1300 විතර කියනවා. මට තියන ගැටලුව ඔවුන් අබෞද්ධයින්ද නැත්තම්. ධර්මාවබෝධයක් නැති. අඳුරෙ අතපත ගාන, අර හඳ පෙන්නනොට අැඟිල්ල බලන බෞද්ධයෝද? එහෙම අයනම් ඔයාලා ටිකක් බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න.
ලංකාවේ රජයෙන් දළදා මාලිගාවට අලි දෙන්නෙත් නැත්නම් පෙරහැර කරන්නත් තියෙනවා නම් කෝටි 26 නෙමෙයි, ඊට වඩා වැඩියෙන් වුණත් දීලා අලි ගන්න වෙනවා.
අයියෝ ඔයිට කලින් ඔය නිලමේ එයාගේ මිනි කූපර් වාහනේ මාලිගාවේ රත්තරන් වලින් ආලේප කරගත්තා. ඔය ඉන්නේ යසට තාමත්....
කවුරුත් කලබල නොවන්න. මෙය විනාඩි 10න් ඇප දිය හැකි වරදකි.
ඔක්කොටම රුදාව පෙරහැරේ යන අලි ගැන විතරයි. රුපියල් කෝටි ගණන් දීලා පොලිසියට ගන්න අශ්වයෝ ගැන කවුරුත් කතා නැහැ. මම කියන්නේ මේ වැඩේ හරි කියල නෙවෙයි.
මොකද සද්දයක් නැත්තේ .
යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධව සංවිධාන කටයුතු කලේ යැයි සිතාගෙන දියවඩන නිලමෙට ඇටෑක් එකට ආණ්ඩුවෙන් ගහපු ගැටයක් කියලයි ආරංචි...