(මහින්ද නිශ්ශංක)
තම ඉල්ලීම් ලැබෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.
දුම්රිය රියදුරු සහායකවරුන් බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කරන ලෙස බල කරමින් දුම්රිය රියදුරෝ ඊයේ (11) පස්වරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළහ.
මේ අතර අද(12) පෙරවරුවේ පොල්ගහවෙල, මහනුවර, හලාවත , මහව, ගාල්ල, පාදුක්ක, කොස්ගම සිට දුම්රිය 8ක් පමණ කොළඹට ළඟාවූ බවත් කොටුවේ සිට පානදුර දක්වා දුම්රියක් ධාවනය කළ බවත් දුම්රිය පාලක කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනයක් තිබ්බට කමක් නැත , නමුත් යම්කිසි තද පාලනයක් තිබිය යුතුයි , ප්‍රජාතන්ත්‍රවාදය කියාගෙන දින පතා මහජනයා පීඩාවට පත්කරන කඩාකප්පල්කාරීන් මර්දනය කල යුතුයි. බඳවා ගැනීමේ පටිපාටිය තීරණය කල යුත්තේ අමාත්‍යංශ මට්ටමින් මිස රියදුරු සංගමයේ අවශ්‍යතාවයට නොවීය යුතුයි.
මෙයාලත් ටිකක් හිතට අරගෙන වැඩකරන පිරිසක්. මට්ටුකරන්නනම් තියෙන්නේ ඉන්දියාවෙන් සේවකයන් පිරිසක් ගෙනත් දුම්රිය ටික ධාවනය කරවන එකයි. සිල් ගත්තොත් නයින්ගෙන් දරමිටි බඳින්න එනවා .
මගී ජනතාව අපහසුතාවට පත් කරමින් කරන වර්ජන නවතන්නේ කවදද. අපේ බදු සල්ලි වලින් පඩි අරගෙන අපිව කරදරේ දාන මේවගේ වැඩ නවත්තන්නේ කවදද. විදේශ රටක පෞද්ගලික සමාගමකට දුම්රිය සේවය පවරන්න. මේ මිනිස්සු මේක දියුණු කරන්නෙත් නැහැ. දියුණු කරන්න දෙන්නෙත් නැති මේ බහිරවයෝ ඉවත් කරන්න. කවදද මේවට පිළියම් කරන්නේ. මේකේ සේවකයෝ කීදෙනෙක් ඉන්නවද .දිනකට ධාවනය කරන්නේ දුම්රිය කීයද???
මගීන් බොහෝදෙනෙක් කියනවා රජයේ සේවකයින්ගේ වැටුප් එකවර රුපියල් දසදහසකින් වැඩිකිරීම මහා මෝඩකමක් කියා. කෙලෙහි ගුණයක් තිබෙනවානම් හිටිහැටියේ ජනතාව මෙහෙම අපහසුතාවයට පත්කරන්නේ නැත කියා
රටේ හැම පටිපාටියම වෙනස් වෙන්න ඕනෙ කාලයක් ඇවිත් තියෙන්නෙ. කොහොම වුනත් සාමාන්‍ය ජනතාව අමාරුවේ... හමුදාව දාලා හරි දුම්රිය ධාවනය කරන්න ඕනෙ
තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන්, ආණ්ඩුවට විරෝධය දක්වා අහින්සක මහජනතාව අමාරුවේ දමන්න, දුක් දෙන්න ඉතා කැමති කට්ටියක් තමයි ලංකාවෙ රජයේ සේවකයො. කොහොමත් මේ කට්ටියගේ වැඩවල කොලිටිය ගෑන උද්ඝෝෂණ කරන්න ඕනේ අපි.
ආදායම වැනි කිප ගුණයක් පාඩු ලබන මෙම ආයතනය එක්කෝ වහල දාන්න ඕනා....... නැතිනම් විකුණලා දාන්න ඕනා....
සුද්ද ලස්සනට හදල දීපු රේල් පාරවල් වල සුද්දෝ පටන් අරන් දුන්න දුම්රිය දෙපාර්තමේන්තුව අපේ රටේ බිහිවුන අයට තාම බැහැනේ හරියට කරගෙන යන්න
පාඩු ලබන ආයතන කරගෙනයාමට සේවකයන්ටම පවරන්න කොන්දේසි මත. ආයතන හා එහි දේපොළ විකුනන්න හෝ පවරන්න බැහැ වෙනත් පාර්ශවයන්ට, පරණ යකඩ හෝ අබලිද්‍රව්‍ය වශයෙන් විකුනන්න බැහැ. ලබන ආදායමින් සේවක වැටුප් ගෙවිය යුතුයි. දැනට සපයන මහජන සේවය සැපයිය යුතුයි. මේ සේවකයන් ගැන රජයේ වගකීමක් නැහැ. එසේ නැත්නම් සෞඛ්‍ය, ගමනාගමන, ඉන්ධන බෙදාහැරීම විදුලිය ජලය බෙදාහැරීම ආදී අත්‍යවශ්‍ය සේවාවලට ඉදිරියේදී සේවකයින් බදවා ගැනීමේදී වැඩ වර්ජනය නොකරන සේවකයින් පමණක් බඳවා ගතයුතුය. කාලින අවශ්‍යතා අනුව නීති රීති සැකසිය යුතුයි මහජන සුභසිද්ධිය සඳහා.
ලංකාවෙ දුම්රියක් කියල ඵකක් තියනවද? අපිනම් දැකල තියෙන්නෙ රේල් පීලි උඩ මිණී කාර් යනවා