(මනෝප්‍රිය ගුණසේකර)
තායිවාන බැංකුවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට අද (11) දැනුම් දුන්නේය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ එංගලන්තයේ පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු බවත්, ඔහුට ලංකාවේ රැදී සටීම සඳහා ලබාදී ඇති වීසා කාලය ලබන දෙසැම්බර් මාසයෙන් අවසන් වන බවත් රහස් පොලිසිය කීවේය.
මෙම සිද්ධියට අදළව ශලීල මුණසිංහ මහතාට අමතරව අත්අඩංගුවට ගනු ලැබු ජනක චමින්ද නම්මුණි නම් සැකකරු එංගලන්තයේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබු අයෙකු යැයිද රහස් පොලිසිය දැනුම් දුන්නේය.
නිව්යෝර්ක් නුවර පිහිටි ‘සිටි බැංකු මූලස්ථානයේ‘ පරිගණක ඡාලයට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා කිරීමෙන් අනතුරුව ඉන් 50% ක මුදලක් බෙදා ගැනීමට සුදානමින් සිටි ඉන්දියන් ජාතිකයෙකු පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි දැනුම් දුන් රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරමින් සිටින්නේ යැයිද කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළදී සැකකරුවන් දෙදෙනාගෙන්ම ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව රහස් පොලිසිය දැන්වූ අතර ඊට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අවසර දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන හොරු ඔක්කොම ශ්‍රී ලංකාවේ පුරවැසියෝ නෙමෙයිනේ. කොහොමද වැඩ! නඩුවක්වත් දාට බැරි විදිහේ වැඩනේ කරන්නේ.
මේ ආණ්ඩුව පත් කරපු ආයතන වල ලොක්කෝ , ලංකාවේ පුර වැසියෝ නෙවෙයිද ?
අපේ අගමැතිට ලොකු පිටරැටියෝම තමයි !!!
අපේ රටේ නම කතා කරන මෙවැනි අයට සුදුසු දඬුවම් දෙන්න. මේ ලංකාව සුද්ද කරන්න. තවත් හොරු ඉන්නවා වගේ දැනෙනවා.
පිටරැටියන්ට මෙහෙ ඇවිල්ලා හිටිපිනුම්, බඩපිනුම් ගහන්න හැකි කාලයක් දැන් උදාවෙලා තියෙන්නේ.
කාටත් නීතිය ක්‍රියාත්මක කෙරෙන අන්දමට කටයුතු කිරීම ගැන කවුරුවත් හොඳක් දකින්නේ නැත්තේ මොකද? කුහක කමද නැත්නම් මෝඩ කමද?
ගත මේ රටේ එනමුත් සිත ඇත නොරටේ... නොරටුන් නිසා මහ උන් බිම ඇනං හොටේ … උඩඟු ලෙසින් සැරිසැරුවත් ලෝකෙ වටේ ... පරගැති හදින් මෙහෙවන රට මකර කටේ ...
ලංකාවට වැඩියම හානි කරලා තියෙන්නේ පැරෂුට් වලින් බැහැපු අයයි.
පාඩු ලබපු ලිට්රෝ ගෑස් කොම්පැණියත් නග්ගලා ගත්තේ. කොහොම වුනත් ඔහුව ලංකාවෙන් පිටමං කිරීමට සිදුවෙනවා.
මහි මෝඩ අදහස් දාපු සැමට මාගේ ප්‍රණාමය.
අඩුම ගානේ අද හොරු එකින් එක අසුවෙනවා. එදා හොරු හොරකම් කොට මහත්වරු වගේ හිටියා. ණයට රට සංවර්ධනය කල චීන මිනිස්සු මෙරටට බැස්සා. මයිත්‍රීපාල මහතා ජනාධිපති වුණා. නීතිය යම් තරමකට ස්ථාපිත වුණා.. ආණ්ඩුව විවේචනය කිරීමට අවස්ථාව දුන්නා. ඒකයි වෙනස. කොයි ආණ්ඩුවේ වුනත් හොරුන්ට දඬුවම් දිය යුතුයි.
මොහුට තියෙන්නේ එංගලන්ත පාස්පෝට් එකක් නම් කොහොමද මොහු ශ්‍රී ලාංකිකයෙක් කියල තායිවානය කිවුවේ ?? මොකක් හෝ ලොකු දෙයක් හංගන්න හදනවා වගේ පේනවා ..
දැන්වත් මේ තනතරු සඳහා නිසි සුදුසුකම් මොනවද කියා ස්තාපනය කරන්න.
පාර්ලිමේන්තු කාරක සභාවක් තියනවනේද රජයේ ආයතනවල උසස් තනතුරු අනුමත කරන? පත්වීම් ලබාදෙන්න ඉස්සර පුරවැසිභාවය ගැන හොයල බලලා නොමෙයිද පත්වීම් අනුමැතිය දෙන්නේ? කාගේ කාගේත් වගකීම් පැහැර හැරලා වගේ. මුන් ඔක්කොම හොරු.
හොරකමට මේ තරම් නිදහසක් තියෙන රටක් ලෝකයේ කොහෙවත් නැහැ.
මේ යහ පලුවන් කලේ මේ රටේ මහා තැන් දුන්නෙම මේ රටේ පුරවැසි යන්ට නොවේ. මේගොල්ල තව යහ පලු පාලන ගැන කතා කරන්නේ රෙදි ඇඳගෙනද.? තවමත් යහ පාලුවන්ගේ අස්චි සුවඳ කියන් එවුන් ගේ නම් දැන් කටවල් වැහිලා
ඔහේ පලයන්. එතකොට ගීතා ද්විත්ව පුරවැසියෙක් නිශා පුටුව අහිමි වෙනවා. මී යකා හංසයාගේ සබාපති. එතකොට හංසයාගෙන් ඉල්ලලා දිනුව ජනපතිට මොකද වෙන්නේ.
පිටරටින් හොරු ගෙන්නුවේ අහු වෙන්නේ නැති වෙන්න හොරකම් කරන්න වෙන්න ඇති , අනේ පවු .
කොච්චර කළත් නීතිඥයෙක් වුණත් යුද්ධයක් දිනුවත් මහින්දට මේ ක්‍රමවේදෙ ඉගෙන ගන්න බැරි වුනානෙ.
ඒ කාලේ මේවා ඇල්ලුවෙ නෑ කියන එක තාම මිනිස්සුන්ට තේරෙන්නේ නෑනෙ
එකල හොරු ඇල්ලුවේ නැති හේතුව දන්නේ හොරුත් ඔවුන් පසුපස ගොස් බැලමෙහෙවරකම් කරපු අයත් පමණි. ඒකනේ අදත් ඔවුන් වෙනුවෙන් උද්ගෝෂන කරන්නේ පෙළපාලි යන්නේ .මේවා නොතේරෙන්නේ අපි වගේ මෝඩයන්ට කියලයි හිතන්න වෙන්නේ
දැන් යන විදියට අපි ඉන්නේ ලංකාවේද කියලත් ෂුවර් නෑ වගේ මටනම්..
ආඩවනේ... තිරුපති දෙවියනේ ...