(මනෝප්‍රිය ගුණසේකර)
තායිවාන බැංකුවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට අද (11) දැනුම් දුන්නේය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ එංගලන්තයේ පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු බවත්, ඔහුට ලංකාවේ රැදී සටීම සඳහා ලබාදී ඇති වීසා කාලය ලබන දෙසැම්බර් මාසයෙන් අවසන් වන බවත් රහස් පොලිසිය කීවේය.
මෙම සිද්ධියට අදළව ශලීල මුණසිංහ මහතාට අමතරව අත්අඩංගුවට ගනු ලැබු ජනක චමින්ද නම්මුණි නම් සැකකරු එංගලන්තයේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබු අයෙකු යැයිද රහස් පොලිසිය දැනුම් දුන්නේය.
නිව්යෝර්ක් නුවර පිහිටි ‘සිටි බැංකු මූලස්ථානයේ‘ පරිගණක ඡාලයට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා කිරීමෙන් අනතුරුව ඉන් 50% ක මුදලක් බෙදා ගැනීමට සුදානමින් සිටි ඉන්දියන් ජාතිකයෙකු පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි දැනුම් දුන් රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරමින් සිටින්නේ යැයිද කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළදී සැකකරුවන් දෙදෙනාගෙන්ම ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව රහස් පොලිසිය දැන්වූ අතර ඊට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අවසර දුන්නාය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.