(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ටේරෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (09) පිළිගත්තේය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ පැවැත්වු බැඳුම්කර වෙන්දේසි වලදී පර්පචුවල් ටේරෂරීස් සමාගම මෙලෙස ලාභ උපයා ඇති බවද අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ වැඩිදුරටත් පිළිගත්තේය.
කොමිසමට සහය වන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මෙම කරුණු පිළිගත්තේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.