(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ටේරෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (09) පිළිගත්තේය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ පැවැත්වු බැඳුම්කර වෙන්දේසි වලදී පර්පචුවල් ටේරෂරීස් සමාගම මෙලෙස ලාභ උපයා ඇති බවද අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ වැඩිදුරටත් පිළිගත්තේය.
කොමිසමට සහය වන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මෙම කරුණු පිළිගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි නම් ඔන්න කොමෙන්ට්ස් ලියන්නේ නෑ මේ පිටරට මහත්තුරුන්ගේ වැඩ ගැන. කවුද දන්නේ, අපිවත් අල්ලන් ගියොත් අපි පිට රටක හැංගිලා ඉඳල ආපු අයත් නොවන හින්ද රිමාන්ඩ් යන්න වෙනවමයි. ඇප දෙනවට නීති අංශවල ලොකු මහත්තුරු විරුද්ද වෙයි.
කීර්තිමත් නාට්‍ය ශිල්පී දයානන්ද ගුණවර්ධන අද සිටියා නම්, "නරි බෑනා" නාට්‍යයේ අන්තර්ගතය වෙනස් කොට "නියම නරි බෑනා" කෙනෙක් පමණක් නොව "නරි මාමා" කෙනෙකුද සම්බන්ධ කරගෙන යුගයට ගැලපෙන කාලීන නාට්‍යයක් නිර්මාණය කර රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීම කෙසේවෙතත් රාජ උදහසට ලක්වනවා ඇත.
පිළිගන්න එපැයා...
වෙච්චි දේට මක්කොරන්නද?
මගේ සුදු බෑණාන්ඩිට කරුණානායක පිහිටයි - මගෙ සුදු මාමණ්ඩිට වික්‍රමසිංහගෙ පිහිටයි අනේ ඉතින් අපි දෙන්නට යහපාලනයෙම පිහිටයි- ජනතාවට දෙවියන්ගෙම පිහිටයි.
ආයතනයක් ලාභ ලැබීම වරදක් නොවේ. මොහු අහුවෙන බොරු කියන්නේ නැහැ.
ඔබට සතුටුයිද දැන්...?