(ඉන්දිකා රාමනායක)
නිව්යෝක් නුවර සිටි බැංකුවේ මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළුවී තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 32කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට පොලිසිය සොයමින් සිටි ශලීල මුණසිංහ නමැත්තා අද(9) රාත්‍රියේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන අතරතුර සැකකාර ශලීල මුණසිංහ නමැත්තා නීතිඥවරුන් මාර්ගයෙන් අද රහස් පොලිසියට බාරවූ අතර සිද්ධියට අදාළව ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු එසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට ප්‍රමුඛ පෙළේ ගෑස් සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගම් ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් සභාපති ලෙස ශලීල මුණසිංහ කටයුතු කරයි.
මොහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (හංසයා) සභාපතිවරයා ද වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015දී ජනපතිවරණයට ඉදිරිපත් වුයේ ද, සරත් ෆොන්සේකා 2010දී ජනපතිවරණයට ඉදිරිපත් වූයේ ද මෙම පෙරමුණ යටතේ ය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.