සනත් ගමගේ සහ චන්ද්‍රසේන ගමගේ
අධිකරණ නියෝග උල්ලංඝගණය කරමින් හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා විරෝධතාවේ නිරත වී කලහාකාරි ලෙස හැසීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනා ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (10) රාත්‍රී නියෝග කළේය.
පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාළ සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන මේජර් අජිත් ප්‍රසන්න එලෙස රිමාන්ඩ් කර සෙසු පස් දෙනාය.
පොලිසියේ දැනුම් දීම මත ඔවුන් සිය නීතිඥවරුන් සමඟ අද (10) පස්වරුවේ හම්බන්තොට පොලිසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන රාත්‍රී 10ට පමණ මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කැරිණි.
අධිකරණ නියෝග කඩ කිරීම, කලහ කාරී ලෙස හැසිරීම, පොදු දේපළවලට අලභ හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහරදීම සහ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ මොවුන් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගණසේකර මහතා පැවසීය.
මෙම විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් කාන්තාවෝ හත් දෙනෙක් ඇතුළු 28 දෙනෙක් ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
පැමිණිල්ල වෙනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර, හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී සනත් අමසරසිංහ සහ හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක ශ්‍රියන්ත අබේසිංහ මහතා ඇතුළු පිරිසක් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතීඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ඇතුළු නීතිඥවරු 15ක් පමණ පෙනී සිටියහ.
පැයකට ආසන්න කාලයක් දෙපාර්ශ්වය කරුණු දැක්වීය.
නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමත් සමඟ ආධාරකරුවන් පිරිසක් හම්බන්තොට මූලස්ථාන පොලිසිය ඉදිරිපිට රැඳී සිටියහ. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් කැරලි මර්දන ඒකකය ද ආරක්ෂාවට කැඳවා තිබිණි.
රිමාන්ඩ් කරනු ලැබූ සැකකරුවෝ බන්ධනාගාර බස්රියෙන් තංගල්ල බන්ධනාගාරයට රැගෙන යනු ලැබූහ.
(ඡායාරූප සනත් ගමගේ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට උපරිම දඩුවම් දිය යුතුය.
මාධ්‍යවේදියෙකුගේ කණ පැලෙන්න ගැසූ පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගන්නේ නැද්ද ?
වීරයන් මෙන් ඇතුළට ගොස් වීරයන් මෙන් එළියට අවේ නැත්නම් බලන්න. ලංකාවේ ඡන්ද දායකය ඉතාමත් මෝඩයෙකි. ලංකාව දියුණු නොවීම ගැන දේශපාලකයන්ට දොස් කියන්න එපා.
ඔය නාමල් ළඟදී ඉඳලා , හොඳටම වැඩියි උඩ පනිනවා .
වාට්ටුව ඉඩමදිනම් මාළඹෙි වාට්ටුවට දමන්න වෙයිද?
මාධ්‍යවේදියෙකුට හෝ වෙනයම් කෙනෙකුට, අත් අඩංගුවේ පසුවෙන විට පහර දීම නිවැරදි යයි මා සිතන්නේ නැහැ. නමුත්, මුලින්ම අධිකරණය මේ විරෝධය නොපවත්වන සේ නියෝග කරන්නට ඇත්තේ සාධාරණ හේතු මත විය යුතුයි. එම නියෝගය දැනුම් දී තිබියදීත් මොවුන් කලහකාරී ලෙස හැසිරී ඇත්නම්, ඔවුන් නීතිය කඩ කර ඇති අතර ඒ සඳහා දඬුවම් විඳිය යුතුයි.
අත්අඩංගුවට ගන්නා කිසිවෙක් ජීවිතක්ෂයට පත්වීමක් සිදු නොවන යුගයක් නිසා කව්රුත් බියවිය යුතු නැත. රටක් සංවර්ධනයක් කරා ගෙන යන සටනකට වඩා දේශපාලන බලය ඩැහැ ගැනීමත්, පවතින බලය රැකගැනීමත් අතර සටනක් පමණක් අපි නිතරම දකින්නෙමු. දේශපාලකයන්ගේ කුලල්කාගැනීම අද ජනතාව අතරද මෙහෙවින් දකින්නට ඇත. රට යායුතු නිවැරදි මඟ පෙන්වා දීමට දේශපාලන බැලයන් නොවන බුද්ධිමතුන්ගේ පෙළ ගැසීමක් අද අත්‍යවශ්‍ය කටයුත්තකි.
නාමල් බේබිට ඩේසි ආච්චිට කියල ගුවන් තොටුපල හොර ඔප්පුවක් හදලා. ලියා. ගන්න බැරි වුනාද . බැසිල් මාමගේ මල්වානේ. ඉඩම , මල්ලිගේ වටිනා දේපල මේ සේරම රජයේ. දේපල රජයේ මුදල්. රාජ පක්ෂ මුදලින් මේකිසිම දෙයක් ගොඩ නැගුවේ නැහැ රජයට ඕනෑම දෙයක්කරන්න අයිතිය තියෙනවා බොරුවට සෝබන වැඩ කරන්න එපා කුඩුවට වෙලා. අත පසුවූ පොත් පාඩම් කරන්න නඩු කතා කරනවා අහන්න. ආසයි බේබිටෝක්
රිමාන්ඩ් කරනු ලැබූ සැකකරුවෝ බන්ධනාගාර බස්රියෙන් තංගල්ල බන්ධනාගාරයට....."කාල්ටන්" එකටද ගෙන ගියේ ? විරෝධතා කරනකොටත්, බන්ධනාගාර බස් එකෙන් සිපිරිගෙදරට යනවිටත් මනමාල හිනාව නම් අඩුවක් නැතුව තියෙනවා. බස් එකකින් විනෝද ගමනක් යනවා වගේ නේද පෙන්නේ ? පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරයකු ඇතුළු අනෙකුත් ගෑනු, පිරිමි අධිකරණ නියෝග කඩ කිරීම, දාමරික විදියට හැසිරීම , පොදු දේපලවලට හානි කිරීම වැනි පහත් වැඩ කරේ "මහා රජාගේ" පාලන කාලයේවත් මෙරටේ කිසිම දිනක නොවුන අන්දමටය. මොවුන්ට තරා තිරම නොබලා නිසි දඬුවම් දෙන තුරු රටවැසියා විමසිල්ලෙන් බලා සිටී....
හිටපු ජනාධිපති වරයාගේ පුතෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නීතීඥවරයෙක් කියන ඔක්කොම පට්ටම් ගහගෙන ඉන්නා පුද්ගලයෙක් මෙවැනි "කැත වැඩ" කිරීම සඳහා "ඔළුව" පාවිච්චි කලේ කොහොමද කියන එකයි,මට හිතා ගන්න බැරි. අප්පච්චි කියාවි මගේ දරුවන්ට එරෙහිව දේශපාලන පලිගැනීමක් වශයෙන් මෙය කරා කියා. "වැරදි කරන අයට දඬුවම් දිය යුතුය" යයි කිවුවොත්, එයා මෙවැනි දේ අනුමත නොකරන පුද්ගලයෙක් හැටියට රටවැසියා තේරුම් ගනීවි, ගරු කරාවි ! එහෙම වෙයිද කියා බලා සිටිමු...
අධිකරණ නීති හාස්‍යට ලක් කිරීම ජේ ආර් ගේ සමයෙන් ඇරඹී රාජපක්ෂ සමයේ උච්චස්ථායට පත්වී තවමත් ඇදෙමින් පවතී. මෙය රටක ඉදිරි පැවැත්මට අතිශයින් අන්තරාකාරිය. මේ නිසා මොවුන්ට ලෝකයට පෙනෙන්න හෝ දඬුවම් දීම අත්‍යවශ්‍යවේ. එහෙත් රනිල්-මහින්ද ඩීල් එක මත මෙය ප්‍රදර්ශනයක් පමණක් වන බව නම් නියතය (මෙය කොටන විටත් මේ පිරිස බන්ධනාගාර රෝහලේ සුර සැප විඳිමින් සිටිනු ඇත). එහෙත් ඉහතින්ද සඳහන් කර ඇති පරිදි මාධ්‍යවේදියකුගේ කන පැලූ පොලිස් මෝලා එළියේ සිටීම නම් පිළිකුල් සහගතය.
ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලින් චන්ඩි පාට් දාල තාත්තගේ අඩි පාරේ යන බවක් පෙන්නුම් කලත් මහින්ද ළඟ තිබු අව්‍යාජ තාරුණ්‍යට කිට්ටු කරන්නවත් නාමල් ට බැහැ. තුට්ටු දෙකේ වැඩ වලින් ප්‍රතිබිම්බයක් හදා ගන්න බැහැ. මෙයාගේ තාරුණ්‍යට ඔය තරම් ජවයක් තියෙනවා නම් නාමල්ට තිබුනනේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව පැවති යුද්ධයේදී අවි අත දරා යුද්ධයට යන්න. එහෙම ගිහින් මළොත් අනාගත ජනාධිපති වෙන්නේ කොහොමද කියල හිතෙන්න ඇති.
මේවා විකාර වැඩ. මේ මිනිස්සුන්ට බොරු ප්‍රචාරයකුයි මහජන අනුකම්පාවයි ලැබෙනවා.
මිනිස් ඝාතක දෙමළා මරා දැමීමෙන් පසු පිස්සු නැටුවා. රජෙක් වගේ මිය යාමට සිටි කොන්ද පන ඇති නායකයෙකුගේ විනාසයට මග පෑදුවා. එන පරාජය නිසාම රට කොටි හිතවතුන්ගේ සුරතලියක බවට පත් වුනා. අද සිදුවෙන හැම වරදකටම,විනාසයකටම මේ ගොල්ලත් වග කියන්න ඕනා. දැන් ඉතින් විදවපල්ලා
නාමල්ට වංචා කිරීම සම්බන්දව චෝදනා තිබෙනවා. අදිකරණ සේවා කොමිසන් සබාව විසින් ඔහුගේ නීති බල පත්‍රය අවලංගු කල යුතුයි
මාධ්‍යවේදියෙකුගේ කණ පැලෙන්න ගැසූ පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගන්නේ නැද්ද ?
සෙප්පඩ විජ්ජා කියන්නේ මේවට. මහබැංකුවේ මංකොල්ලයට මේ දේ කරයිද ?
නීතියට අපහාස අභියෝග කරන මේ පුද්ගලයන් ජනතාව ඉදිරියට කුදලාගෙන විත් දඩුවම් ලබා දිය යුතුයි.......
එයා නීති විභාග කරපු විදිහ මුළු රටම දන්නවා...එහෙව් එකේ මොකද මෙයාගේ ලොයෙර් පට්ටම ගලවනේ නැත්තේ...... මම දන්නා විදිහට ඕක කරන්න පුළුවන් අධිකරණ සේවා කොමිෂන් සභාවට නොවේ අපේ රටේ තියෙන ඉහළම අධිකරණය.....සුප්‍රීම් කොර්ට් එකට. බොරුවට මෙයාල වීරයා වෙන්න හැදුවට.......අප්පොච්චි විනාශ කරපු පුතෙක් ඔය හිරේ ඉන්නේ......මතකද දළදා මාලිගාව වටේ කාර් පැද්දා , මහනායක මහනාහිමියෝ එපා කියද්දී......හරි විදිහට නම් අපේ නායක හාමුදුරුවරු ඔය වගේ අය දෙන පලතුරු වට්ටි වළදන්න හොද නැහැ..............
මේක නිකන් සෙල්ලම් වගේ දැන්...... හිරේ ගහින් පහුවදා රෝහල් ගත වෙයි. ඒ අතරතුර ඇප ඉල්ලලා එළියට එනවා. එච්චරයි. කෙහෙල් හොරෙක් ඇතුලට ගියොත් දඩ ගෙවා ගන්න බැරුව..? නිතිය වෙනස් වෙනවා මිනිසුන්ගේ තරාතිරම මත. බලය ඇත්තෝ කවදත් රජ කරනවා. දිනුවත් පැරදුනත්.
කාටද? මුලින්ම අසනීප වෙන්නේ කියා බලමු.
නාමල් ළඟදී ඉඳලා , හොඳටම වැඩියි උඩ පනිනවා ..... රටේ ධනය කොල්ල කාල මිනීමරලා එනවා බලය පෙන්වන්න මොවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහෝසි කල යුතුයි .නීතියට අපහාස අභියෝග කරන මේ පුද්ගලයන් ජනතාව ඉදිරියට කුදලාගෙන විත් දඬුවම් ලබා දිය යුතුයි මොවුන්ට උපරිම දඬුවම් දිය යුතුය....
දවස් 5 කට නොවෙයි.....අවුරුදු 5 කට දාන්න ඕන රට හදලා ගන්නනම්. තව ගොඩක් ඉන්නවා. විපක්ෂයේ විතරක් නෙවෙයි ආණ්ඩුවේ ඇතුළෙත් ඉන්නවා. ඔක්කොම සුද්ද කරලා දාන්න පුලුවන්නම් ගොඩ.....
දැන් අපේ රටේ ඉන්නේ විනයක් නැති දේශ පාලකයන් හැමදේටම විරෝදතා ඔය ප්‍රශ්න විසදන්න තමයි අපේ සමන්‍ය ම්නිසුන් චන්දයක් දීලා හරක් ටිකක් එතනනට යවල තියන්න නමුත් ඔවුන් එතනට ගිහින් දෙන බත් එක කලා තත්පුලලා එනවා ඇවිත් කඩ්බෝර්ට් වීරයෝ වන්න දගලනවා ඒක අපේ සමහර අයට තේරෙන්නේ නැහැ
එක වීඩියෝවක දුටුවා මොහු එක ගමකට ගිහින් එක එකාට කඩේ යන්න එහෙම ලෑස්ති වෙන්න එපා කියා මිනිසුන් කට්ටියකට තර්ජනාත්මකව පවසනවා .. ඒකාලේ මොහු හැසිරුනේ ලංකාව රාජපක්ෂ පවුලට පමණක් අයිති කොලනියක් ලෙසටයි ...
රටේ මහජනයා වේවා රාජ්‍ය සේවකයා වේවා මහජන නියෝජිතයන් වේවා රටේ පාලකයා වේවා කව්රු උනත් රටේ අධිකරණ නියෝගයට යටත් විය යුතුයි. එසේ නීති උල්ලංඝනය කරන අයට අනිවාර්යෙන්ම රටේ නිතිය ක්‍රියාත්මක විය යුතුයි.
ශ්‍රී ලංකාවේ ,වෙනත් කිසිදු ජනාධිපති හෝ අගමැති කෙනෙකුගේ පුතෙක් මෙයා තරම් අසීලාචාර,අවිනීත විදියට නීතියට මෙන්ම සමාජ සාරධර්ම වලට පටහැනිව හැසිරිලා නැහැ .
හරියට හරි. වැරදිකාරයා දේශපාලකයා නොවෙයි ඔවුන් පත් කර යවන මෝඩ ඡන්දදායකයයි.
අත්අඩංගුවට ගත්තට කමක් නැහැ ගහනවා එහෙම නෙවේ අපේ සර්ගේ කනට අර අල්ලාගෙන ගිය කොලුවෙකුට ගැහුවා වගේ රටටම පෙනෙන්න .. හොඳද පොලිස් මාමේ ..
"රජයට ඕනෑම දෙයක්කරන්න අයිතිය තියෙනවා" කියලනේ ඔබ කිව්වේ. එහෙනම් රාජපක්ෂ රජය කරපු දෙයත් හරිවෙන්න ඕනා නේද? ඒ වගේම ඔයා කියන්නේ රජ්‍ය මහා බැංකුව කොල්ලකන්න යාලුවෙක්ට බාරදීපු එකත් හරියි කියල නේද?
නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මකක කරන්න, එදා ඝණසාර හාමුදුරුවෝ උසාවි නියෝගය ඉරලා විසිකරා මඩකලපුවේ නීතිය ක්‍රියාත්මකක උනේ නැහැ, නාමල්ට එක නීතියක් ඝණසාර හාමුදුරුවන්ට එක නීතියක්ද ?
අපේ රට අපේ උරුමය අපේ ආගම අපේ ජාතිකත්වය වෙනුවෙන් අපට කතා කරන්න අපේ උරුමය විකුණගෙන කන මේ කාලකණ්නි දේශපාලුවන්ට එරෙහිව කතා කරන්න අයිතියක් නැති බවයි පෙනෙන්නේ .....ඡන්දය පමණක් හිඟා කාපිය අපෙන් . පින්බත් ගිලින පිංගුත්තර නඩය. .දේශපාලකයෝ කියන්නේ මහජන නියෝජිතයෝ . අපේ අකමැත්තෙන් අපේ උරුමයන්ට අත තියන්නට කිසිම අයිතියක් නෑ
මේ මෝරු ටිකට මෙඩිකල් හදනව කියන්නෙ ඉතින්, බන්ධනාගාර රෝහලේ දොස්තර මහත්තුරු නෝනලගෙ කරල පැහෙයි වගේ.......
මේ රිමාන්ඩ් ගත කිරීමේ ඔබගේ පුවත් පතේ පලවෙන්නේ රාත්‍රී 10 පසුව මේ තීන්දුව උසාවියෙන් ලැබුනේ රාත්‍රී කාලයේද?
අර කකුළුවාගේ කතාව අහල තියනවා නේද ??
රජයට ඕනෑම දෙයක් කරන්න පුලුවන්ද? එහෙනම් ගිය ආණ්ඩුව කරපු දේවල් සහ 87-89 හිටපු ආණ්ඩුව කරපු දේවලුත් හරි නේද? චතුරි, වචන පාවිච්චිය පරෙස්සමින්.
ගැහැණුන් 28 දෙනෙකුවත් රිමාන්ඩ් කරන නිසා, නාමල් ඇතුළු පිරිසට හරිම සන්තෝසයක් දැනෙයි. දවසට එක්කෙනා ගානේ, රිමාන්ඩ් කාලය අවසානය දක්වාම කිසිම ප්‍රශ්නයක් නැත. නාමල්ට එළියේදීත් ඔයවගේ චාන්සස් ලැබිලද කියලත් සැකයි.
බය වෙන්න එපා මෙයාලා සේරම යන්නේ අර තරු පහේ හෝටලය නොහොත් බන්ධනාගාර නේවාසිකාගාරයට හොඳේ. නියම දඬුවම් දෙනවා නම් මේ රටට මෙහෙම කාලයක් යන්නේ නැහැ.
මොවුන් රටට කරපු අපරාධ මහා පොළොවට උසුලන්නත් අපහසුයි. දේව බලයෙන් සහ අධිකරණයේ පිහිටෙන් මොවුන්ට ඉහළම දඬුවම් ලැබේවා කියා ප්‍රර්ථනා කරමු.
මෙතන බැඳ විතරයි... කෙටියෙන් වුණත් හරිම දේ දාල තියෙන්නේ...
දැන් සැපද?