හර්ෂණ තුෂාර සිල්වා
තායිවානයේ බැංකුවක පරිගණකවලට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක් සොරකම් කිරීමට ජාත්‍යන්තර අපරාධකරුවන් පිරිසකට උපකාර කළැයි කියන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉන් එක් සැකකරුවෙක් කොළඹ අලුත්කඩේ අංක තුන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබීය.
කොළඹ පිහිටි බැංකු ශාඛාවකින් රුපියල් කෝටි අටක මුදලක් ලබා ගැනීමට උත්සාහ කරද්දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඊට පෙර රුපියල් කෝටි තුනක් ලබා ගෙන ඇතැයි ද පරීක්ෂණවලින් හෙළිවී ඇත.
පරිගණකවලට අනවසරයෙන් පිවිසුණු පිරිස සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තායිවානයේ පොලිස් හා විමර්ශන අංශ එක්ව කටයුතු කරමින් සිටින අතර මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය සතියේදී යැයි ද වාර්තා විණි.
තායිවානයේ බැංකුවකින් සොරකම් කළැයි කියන රුපියල් කෝටි 11ක් ලංකාවේ බැංකුවකුවකට බැර කර තිබේ. අනෙක් රටවල සහාය ද ඇතිව සොරකම් කරන ලද මුදලින් වැඩි ප්‍රමාණයක් නැවත ලබාගැනීමට තායිවාන පොලිසිය සමත්වූ බව ද එම වාර්තා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන්ලාට කරන්න තිබුනේ මෙන්න මේ වගේ දේවල්... නැතුව අපේ අහිංසකයන්ගේ ඊ පී එෆ් වලට නෙමෙයි.
ඇයි මේ ගොල්ලන්ව අත්අඩංගුවට ගත්තේ? මුලින්ම නීතිඥයින් තුන් දෙනෙක්ගේ කමිටුවක් දාලා, ඊට පස්සේ කෝප් කමිටුවට දාලා, විඝණකාධිපතිගෙන් වාර්තාවක් අරන්, අායෙත් ජනාධිපති කොමිසමකට දාලා මෙතන හොරකමක් වෙලාද කියලා හොයන්න එපායැ. බැංකු හොරු අල්ලන නියම ක්‍රමය එ්කනේ.
lකලිසම් කොටේ ඇඳ ගත්තු බැංකු හොරු ඉන්නේ ලංකාවේ..
ඇයි අප්පුහාමි, නිව්යෝක් නගරයේ වෝල් ස්ට්‍රීට් වල ඉන්නේ සරම හා ජාතික ඇඳුම් අඳින හොරුද?