(මහින්ද නිශ්ශංඛ)
ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වර්ජනය අවසන් කළ බව රියදුරන්ගේ සංගමය සහ නියාමකවරුන්ගේ සංගමය කියයි.
ඒ අනුව අද පස්වරු හයේ සිට දුම්රිය ගමන් අරඹන බවත්, හෙට සිට එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් එම සංගම් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගන්න පුලුවන් නම් හොඳයි. නමුත් ඔය නිලධාරීන් ප්‍රශ්නය උඩු දුවනකන් ඇහුණේ නැහැ දැක්කෙ නැහැ වගේ ඉන්න එක තමයි වැරැද්ද .
සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගන්න පුලුවන් නම් හොඳයි. නමුත් දේශපාලකයින් ප්‍රශ්න උඩු දුවනකන් ඇහුණේ නැහැ දැක්කෙ නැහැ වගේ ඉන්න එක තමයි වැරැද්ද.
ධම්ම. ජගත්. ඔයාල නිවුන්නුද !
ලංකාව පාලනය කරන්නේ දොස්තර මාෆියාව සහ දඩබ්බර වෘත්තීය සමිති කීපයකින්දෝ කියල වෙලාවකට හිතෙනවා. හවස 5 ට වර්ජනය කලහම මිනිස්සු කොහොමද ගෙවල්වලට යන්නේ. වර්ජනය කිරීමේදී පිළිපැදිය යුතු නීති තියෙනවා. ආණ්ඩුවට ඒවා මතක නෑ. ජනතාව ගැන කිසිම හැගීමක් නැති ආණ්ඩුවකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
මගුල් වර්ජන කවද්ද ඉවර වෙන්නේ. මිනිස්සු දුක් විදිනවා දැක්කම හරි දුකයි.. අපි ඉන්න රටවලනම් මේවගේ නෑ.
හමුදා නිලධාරින් පිටරට අර දුම්රිය රියදුරන් ලෙස පුහුණු කල යුතුයි. සියලුම රාජ්‍ය ආයතන සඳහා නව සේවකයින් බඳවා ගත යුතුයි.
මේ රටේ ඇමතිවරුන්ව නඩත්තු කරන්න රටේ පුරවැසියන් කොයි තරම් සල්ලි කන්දරාවක් වියදම් කරනවද? ඒත් කිසිම ප්‍රශ්නයක් ඒ අයට විසදන්න බෑහෑ. හැම ප්‍රශ්නයටම ජනාධිපති මැදිහත් විය යුතුයි. ඒ තරටම ඇමතිවරු අකාර්යක්ෂමයි. විලි ලැජ්ජාවේ බැහැ.
වර්ජනයක් හෝ වෘත්තිය අරගලයක් හෝ කරනතුරු බලධාරීන් සාකාච්ඡාවක් ලබා නො දීමයි මෙතැන ගැටළුව.
වෙනත් වෘත්තිය සමිති කියනවා මේ වර්ජනය සාධාරන නැහැ කියල. කලින් දැනුම් නොදී මෙලෙස වර්ජන කිරීම සලකන්නේ කාගේ හෝ බලකිරීමට කරන කඩාකප්පල් වැඩක් කියාය. ඒකනම් සහතික ඇත්ත. මේක තනිකරම කඩාකප්පල් වැඩක්.
වර්ජනය නොතිබ්බට අද උදේ දුම්රියන් කීයක් නම් අවලංගු කරාද. වගකීමක් නැති රජය සේවකයන් ඉවත් කල යුතුයි.