(සිරාජ් හසීම්)
ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ස්ථාපිත කිරීම ඇතුළු විසදුම්මාලාවක් උතුරු - නැගෙනහිර සහ දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයක් කිරීමට දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.
මෙම සංවිධානයේ නායක වීගරුද්‍රකුමාරන්ගේ සභාපතීත්වයෙන් සම්බන්ධීකරණ ක්‍රියාකාරී කමිටුවක්ද පත්කරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය නිවේදනයක්ද නිකුත් කර තිබේ.
මේ සදහා ශ්‍රී ලංකාවේ සහ ගෝලීය දෙමළ දේශපාලන සහ සිවිල් සංවිධානවලද සහාය පතා ඇත.
දෙමළ ජනතාව ස්වයං අයිතිය සහිතව ජීවත් කරවීමටත් සිංහල බෞද්ධ බලපෑම් වලින් ආරක්ෂා කරගැනීමටත් මෙරට දෙමළ ජනතාව වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක ජීවත් කරවිය යුතු බවත් එය දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය නැමති සංවිධානයේ දේශපාලන ස්ථාවරය බවත් එම සංවිධානය සදහන් කර සිටීයි.
මේ අනුව මෙම සංවිධානය සකස් කර තිබෙන දේශපාලන විසඳුම් මාලාව උතුරු නැගෙනහිර ජනතාව, විදේශ රටවල ජීවත් වන දෙමළ ඩයස්පෝරාව සහ තමිල්නාඩුවේ දේශපාලන බලවේග හරහා ඉදිරිපත් කරවීමටත් ඒ අනුව ජනමත විචාරණයක් සිදුකර දෙමළ ජනතාවගේ මතය ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමටත් අරමුණ වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොඳ දෙයක්. මෙච්චරකල් ඇත්තටම දෙමළ ජනතාවගේ අවශ්‍යතාවය මොකද්ද කියලා කව්රුවත් දැනන් හිටියේ නෑ. මේක හරියටම දැනගන්න පුලුවන් වෙන්නේ ජනමත විචාරයකින් විතරයි.
යුද්ධයක් නැතිව උණ ගැනිලා හිටපු අයට ඔන්න තියනවා අලුත්ම බෙහෙතක් ...
ජාත්‍යන්තරය අනිවාර්යයෙන්ම මෙම යෝජනාවට අනුකුලතාවයක් දක්වයි. හේතුව නම් ජාත්‍යන්තරය පුරා දැන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ දෙමල ජනතාවට සහ මුස්ලිම් ජනතාවට සිංහල බෞද්ධයින් විසින් නොයෙක් අහිතකර බලපෑම් සිදුකරන බවයි. බොදුබල සේනා , රාවණ බලය, සිංහලේ වැනි සංවිදාන නිසා මෙයට රුකුලක් ලැබුණු අතර රටේ නමටද හානි සිදුවුණා. කෙසේ වෙතත් දෙමළ ජනතාවගේ මෙවැනි සිහින සංකල්ප රජය මැදිහත් වී වහාම නතර කළ යුතුයි.
පිටරට සිටින අය ලංකාවේ දෙමළ ජනයාට නොවෙයි මේක කරන්නේ. තමන් වෙනුවෙන්...
තවත් කෙනෙක් අමුඩේ ගහගෙන ඔලුවේ හිලක් එක්ක අවසන් ගමන් යන්න වගේ දඟලන්නේ...
ඔබට සතුටුයිද දැන්.....?
දෙමළ ජනතාවට අවශ්‍ය දේයි, සංකල්පයි, ස්වයං අයිතියයි මේ හැම දෙයක්ම ලංකාවේම ද කරන්න ඕනෑ... කුලී වැඩට ඇවිත් දැන් රටක් ඉල්ලනවා .
මෙරට දෙමළ ජනතාව වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක ජීවත් කරවිය යුතු බව මින් කියවේ. එසේ නම් දකුණේ සිටින දෙමල ජනතාවට මක්වේද?
UD ඔයා කියන්නේ දෙමල අයට වෙනම පාලනයක් සිංහල අයට වෙනම පාලනයක් හොදයි කියලද ? මේක මගේ මවුබිම ඉන්න හැමෝටම ඉන්න පුළුවන් ජාතිබේද නැතුව එත් පාලනයක් හෝ රටේ එක පැත්තක දෙමල අය අපි එක පැත්තක ඒක හරියන්නැහැ . එහෙම වුනොත් එයාලට කැමති දෙයක් එහෙ කරතැහැකිනේ හමුදාවට ඉවත් වෙන්න කිවොත් යන්නත් ඕනේ. අනික කාටහරි හෝ රටකට හරි රුදාවක් තියෙනවනම් තියාගන්න මේක කරන්න දෙන් නැහැ .
මුස්ලිම් ජනතාව නැගෙනහිර ඊළමට හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි... උතුරේ නැවතත් මුස්ලිම් ජනතාව පදිංචි කරලා දෙමළ ඡන්ද දියාරු කල යුතුයි ...
දැනට දේශ සිමා එපා කියා, අවශ්‍ය දේ කරගත් පසු, ඉන්දියාව පාකිස්ථානය ලෙස වැටක් ගසා ඇතුල්වීම දෙමළයාට පමණි කියා බෝඩ් එකකුත් එල්ලා ගනීවි. දෙමළුන්ට දෙමල රටක්ම ඕනේ නම් යන්න ඉන්දියාවට. බොහෝ ඉඩ කඩ තියනවා තමිල්නාඩු පැත්තේ. මුස්ලිමුන්ට වෙනම රජයක් ඕනේ නම් යන්න අරාබියට, ඕනෑ තරම් කාන්තාර තියනවා ගෙවල් හදන්න. මේ පුංචි දේශය තුල ඇයි වෙනම රජයන් ඉලන්නේ? මොනාද තියෙන්නේ? ඡන්දයට මුවා වී රට බෙදා වෙන් කරන්න එපා. ලෝකෙන්ම සිංහල බුදුදහම අදහන රටකට තියෙන්නේ මේ පුංචි රට විතරයි ලෝකෙන්ම, ඉන්නවා නම් එකට වසමු, නැත්නම් ඔය කියූ රටවලට ඔතාගෙන යන්න. දැන් මේ රටට ඕනේ ගරුතර ස්වාමීන් වහන්සේලා විසින් පාලනය කරන රටක්... නැත්නම් සිංහල අපට රටක් නැතේ....
අපගේ හමුදා ශක්තිය ද, රහස් ඔත්තු සේවයද තර කල යුතුය. එමෙන්ම මහ ජාතිය ලෙස, දෙමල, මුස්ලිම් ජාතින් ද අප විසින් දිනා ගත යුතුය. ඒ සඳහා යම් ප්‍රතිසංස්කරණ අවශ්‍ය නම්, ඒවා කිරීමටද රජයට ඉඩ දිය යුතුය. නැති නම් , නැවත වරක් ජාත්‍යන්තරව අප කොන්වී, බෙදුම් වාදීන් යම් දුරකට වාසි ලබා ගනීවි.
ඔවුන් ඔවැන්නකට උත්සාහ ගනීවි. එහෙත් එවැන්නක් සිදු නොවේවි... මන්ද යත්, මුල්ම එවන් උත්සාහයේ දීම මධ්‍යම රජය විසින් පළාත් සභා අහෝසිකර දමා, කෙලින්ම මුළු රටම පාලනය කරාවි.... ඔවුන් කැටලෝනියාවෙන් උත්තේජනයක් අරගෙනයි මෙවන් සැලසුම් ඉදිරිපත් කරන්නේ. එයටද ස්පාඥ්ඥය ඉඩ නොදේ.
අපි මෙයලට කියමු තමිල්නාඩුව දමිල ජාතිකයන්ගේ එකම නිජබිම කිරීමට ජනමත විචාරණය ගේන්න කියලා. අපිත් සහයෝගය දෙමු.
ආයිමත් පිටරට ඉන්න දෙමල මනුස්සයන්ගෙන් සල්ලි එකතුකරගෙන කීප් දෙනෙක්ගේ ගොඩ වඩාගන්න වෑයමක්. මේකට ඉන්දියාවේ සහය ලැබෙන්නේ නැහැ. ඉන්දියාව විරුද්ධ නිසා සහ තවත් හේතු නිසා බටහිර සහය ලැබෙන්නෙත් නැහැ. ස්පාඤ්ඤයේ කැටලෝනියානු ජනමත විචාරණය පාවිච්චි කරලා කීයක් හරි හොයාගන්න රුද්‍රකුමාරන්ගේ අදහසක්. තව හේතුවක් වෙන්න පුළුවන් මේ වගේ ප්‍රචාර මඟින් බලය බෙදීමකට සිංහල ජනයාගේ සහය මොට කරන එක. බලය බෙදීමක් වුණොත් වෙනම රටක් හීනයක් ආයිමත් විකුණන්න බැරිවෙන නිසා....
අපේ හමුදාව ජීවිත පුජකරලා රැක දුන්න මව්බිම මෙහෙම බන්දේසියක තියලා පුජා කරන්න වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. පවතින රජය මෙයට වග කියන්න ඕනෑ. කොහෙද බුද්ධි අංශ දැන්?
මේ අයගේ ඊලම තවම නැවතිලා නැහැ හිටන්..
මේ සංවිධානය ලංකාවේ තහනම් සවිධානයක් බවට පත් කිරීමට සියලුම දේශපාලන පක්ෂ එකමුතු වෙමු.
නිවට, තුප්පහි පාලකයින් මේ රටට කරන වින්නැහිය තමයි මේ. මේ පිංගුත්තර නිවටයින්ව ඉවත් කල යුතුය. නැතිනම් රට විනාශ කරනවා.
මේකට තමයි කියන්නේ ජාතිවාදී දේශපාලනය කියලා. අද ලංකාවේ හොඳටම මාකට් වෙන්නේ මේ ජාතිවාදය තමයි. දකුණේ මහා ඈයෝ කලෙත් ඔය ජාතිවාදී දේශපාලනයම තමයි. මාධ්‍යය වුණත් මේකට හොඳ ප්‍රතිචාරයක් ලබා දෙනවා. මේ කියන ඊලම කවදාවත් වෙන්නේ නැති දෙයක් කියලා දැනගෙනත් දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිසුන් රවට්ටන්න පහසුම ක්‍රමය තමයි මේක...
ඉන්දියාව, කාශ්මීරය, තමිල්නාඩුව වෙනම රටවල්ද ? කැනඩාවේ කුබෙක් වෙනම රටක් දුන්නද? චීනය තායිවානය, ටිබට්, හොංකොං ලියල දෙනවද?
ඉන්දියාවේ කොටි 10 ඉන්න දෙමල පිරිසට නොදෙන ඊළම ලංකාවේ ......මුන්ගේ අවසානය අයෙත් ලංවෙලා වගේ
බම්බුව තමයි මේ චූටි රටේ මොන වෙනමද? ඊළාම් සංකල්පයක් කියලා එකක් ඒ අය හදාගත්තට කරන්න දෙයක් නෑ. ඒක සමස්ත රටේ සංකල්පයක් නෙවෙයි. උන් හදාගෙන ඒ අයම විනාශ වුණා. අායෙත් ඒ අයගේ නායකයෝ ඕවා කරන්නේ ඒ අයගේ පැවැත්මට....
71 කැරැල්ලක් අැති වුණා සිරිමාවෝ අගමැතිනියගේ කාලේ. හැබැයි එ්කට පසුබිම හැදුනේ වත්මන් පාලන ප්‍රතිපත්ති යටතේ. 88,89 කැරැල්ලත්, වත්මන් පාලන ප්‍රතිපත්ති යටතේ ගොඩනැගුනා. එල්.ටි.ටි බෙදුම් වාදයත් පැන නැගුනේ හා වර්ධනය වුනේ වත්මන් පාලන ප්‍රතිපත්ති යටතේ. එදෙ සිංහලුන් දෙමලුන් කියලා වෙනසක් නැතිව එක ගමේ එකට ජීවත් වු දෙමල ජනතාව ඔවුන්ගේ භූමිය කියලා දකුණෙන් උතුරට පැන්නුවේ වත්මන් පාලකයන්. 2002 සමයේ එල්.ටී.ටී ය ගුවන් යානා හා නවීන අායුධ වලින් සන්නද්ධ වන තුරු බලන් සිටියා. නැවතත් එම පාලන ක්‍රමය යටතේ ම කුමක්ද මේ සිදුවන්නේ? සාමාන්‍ය ජනතාවගේ ලේ, කඳුලු මතින් ජාතිවාදය වපුරා තම දේශපාන මඟ සකස් කරගන්නා දේශපාලකයා සියල්ලටම පෙර විනාශ කළ යුතුය. සියලු සාමන්‍ය ජනකොටස් වලට අවශ්‍ය වන්නේ යහපත් අාර්ථිකයක් තුළ නිවහල්ව ජීවත් වීමයි.
කිසිවෙක් නටන්න සූදානම් වෙන්න එපා මේක සිංහලයාගේ රට බෞද්ධ ධර්මය පවතින රට. නමුත් අනිත අය ජීවත් වුනාට ප්‍රශ්නයක් නැත. කෑලි ඉල්ලන්න එපා සහෝදරත්වයෙන් ඉදල මැරිලා යන්න ඉන්නකම් හොද දේවල් කර රටට ජාතියට යහපතක් කරන්න. අපිට මේක සංසාරේ තාවකාලික නවාතැනක් විතරයි. කව්රුත් තමන්ගේ ආගම අදහන්න. ආවේනික චර්යාධර්ම පවත්වාගෙන යන්න. ජාතින් අතර විවාහ සිදුකරන්න. එකම ජාතිය මනුෂ්‍ය ජාතිය ලෙස සිතා ජීවත් වෙන්න
මෝඩ සිංහලයින්ගේ ක්‍රියාකාරකම් දැක්කාම ඊළාම් විතරක් නෙමෙයි. ගෙදර ඉන්න බිරින්දෑත් ඉල්ලයි.
මම නම් මේක දැන ගත්තා ස්පාඤ්ඤයේ ජන මත විචරණේ යනකොට. ඔව් ජනමත විචාරණේ තියෙන්න ඕනේ මුළු ලංකාවේම. උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි. එතකොට බලා ගත හැකි වෙනස. ඉතුරු පළාත් 7 ම. මොකද ලංකාව කියන්නේ පළාත් 9ක්. 2ක් නෙවේ. අපේ කැමැත්තත් බලන්න ඕනේ! දෙමළ, මුස්ලිම් විතරක් නෙමෙයි. සිංහලුන්ගේත් කැමැත්ත බලන්න ඕනේ.
මේ ගැන එකඟතාවයක් තියෙනවා සියලුම ද්‍රවිඩ ජනතාවගේ චන්ද පැවති ආණ්ඩුවට එරෙහිව දුන්නා. සිහලුන් දෙකට බෙදුනා. පැවති රජය වැටුනා මේ චන්ද නිකම් ලැබුනේ නැහැ. මුදල් සහ පොරොන්දු, නව ව්‍යවස්ථාවේ මේ අවශ්‍යතාවයන් තියෙනවා ජනමත විචාරන අනවශ්‍යයි
සිංහ වෙස් ගත් අමන නරි රැලක් ඉන්න රටේ කිසිම මනුස්සයෙකුට ජීවත් වෙන්න බැරි තත්ත්වයකුයි දැන් උදා වෙලා තියෙන්නේ.
මේ සිංහල ඈයොත් එක්ක ජීවත් වෙනවට වඩා හොඳයි. දෙමළුන්ට හෝ මුස්ලිම් අයට යටත්ව ජීවත් වෙන එක. අපේ පවට උපන් තුප්පහි ජාතියක් තමයි මේ නම්....
ඉන්දියාවත් එක්ක කතා කරලා එහාටම පිටුවහල් කරනවා ඒ අයට කීයක් හරි දීලා මම ජනාධිපති වුණා නම්...
ඡන්දයක පෙර ලකුණු, හිතා ගන්න බැරිද මේ කාගේ පෙරමුණක්ද කියලා? දැන් බලයට පැමිණිය හැක්කේ ජාති වාදයෙන් විතරයි නේද?
මගේ කොමෙන්ට් එකේ පැවති රජය "පැවති දූෂිත රජය " ලෙස නිවැරදි කරමි....
සිංහල අපිටද වෙනම රාජ්‍යයක අවශ්‍යතාවය දැන්නම් ඇත.
මෙයාලට ඕනේ ලංකාවත් කැටලොනාවක් කරන්න. ප්‍රභාකරන්ට දුන්නු බෙහෙතම දෙන්න වෙයි වගේ. අලුත් ව්‍යවස්ථාවත් හදන්නේ ඉංග්‍රීසියෙන් තියෙන යුනිටරි කියන වචනය අයින් කරලා. යහපාලනෙත් මෙයාලට උඩගෙඩි දෙනවා.
උන්හිටි තැන අහිමි වෙලා තියෙන්නේ ඇත්තටම සිංහලුන්ට. රටේ සෑම ප්‍රධාන නගරයකම සියයට 90ක් කඩ දාගෙන වෙළඳාම් කරන්නේ දෙමළ සහ මුස්ලිම් ජනතාව. කොළඹ වැඩිහරියක් ඉඩම් අයිති දෙමළ ජනතාවට. එතකොට කාටද ඇත්තට අහිමිවීම් වෙලා තියෙන්නේ. අපි නිවට සිංහල ජාතියක් විය යුතු නැහැ. අපේ රටේ දෙමළ රාජයන් අවශ්‍ය නැහැ. සියලුදෙනා සමාදානව එකට ජීවත් විය යුතුයි. එසේම එකිනෙකාගේ ආගම් වලට ගරුකළ යුතුයි. වැරදි අදහස් ගෙනෙන්නේ පිටරට ඉගෙන සුද්දන්ට කත් අදින සුළු පිරිසක් විසින්. අපේ රටේ මිනිස්සු කැමති නැහැ බෙදී ජීවත් වෙන්න. එකම දෙය නම් රටේ ප්‍රබල පාලනයක් නැති කමයි. පෙර රජවරුන්ගේ දවස අපේ රට කොතරම් සෞභාග්‍යමත් රටක්ද? එ්ත් දැන් බැලු බැලු අත දේශපාලකයන්ගේ හොර තක්කඩිකම් මිසක් රටට වැඩක් වෙන දෙයක් අසන්න නැතිතරම්. එ්නිසා තමයි දෙමල ජනතාවගේ වුණත් සිත් වෙනස් වෙන්නේ. අපේ රට එක රටක් ලෙස ලංකික ජාතියක් ලෙස ඉදිරියට යායුතුයි. බෙදීම් වලින් විනාශය මිසක් යහපතක් නම් වෙන්නේ නැත.
සිංහලයිනි, මේක කළොත් අපිත් පාරට බහිමු. කතෝලික වේවා බුද්ධාගම වේවා, අපි එකතුවෙමු අපේ රට අපිට ඕනේ. අපිටත් ඕනේ සිංහල රටක්. මේක ජාතිභේද අැවිස්සිල්ලක් නම් නොවේ. අපේ ළමා පරපුර කොහෙද යන්නේ අපි හදලා නැත්තන් එයාලත් අායේ යුද්ධයක් කරන්නද? සිංහල සිංහ ජාතියක් හැටියට එක්වෙමු අපිත්. හමුදාපතිවරුනි මෙයට සහයෝගය දෙන්න. ඔබලා දුන්න නිදහස තියාගන්න. නැතිවෙච්ච අපේ සෙබළුන්ටත් අාත්මයක් නැහැ නැත්තන්... ස්තුතියි.
බද්රානි, නිසාදි, නෝනල විෂයයට අදාළව නොවේ අදහස් ලියා තියෙන්නේ... ඉවසීමක් නැති කෝපය සහ අසීමිත වෛරයෙන්....
මේ ගැන අදහස් දැක්වීම නිෂ්පල දෙයක් .. එම නිසා සිදුවෙන දේවල් ගැන අපි කනගාටුවෙන් බලහිදින්නෙමු .. ""යහපාලනය මිනිසසු රවටමින් බලය ලබාගෙන, මගේ සුන්දර රට අවුල් ජාලයක් කළා ."".
ඇසී, ගොඩ පිනලා හරි රට බෙදන්න නොදී ගුණමකුවන්ගෙන් රට බේරගන්න ඕනෑම දෙයක් කරනවා.