(සිරාජ් හසීම්)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය පළකරන්නේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් ත්‍රිත්වයක් ඊට ඇතුළත්ව ඇත්නම් පමණක් යැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම,මධ්‍යම රජයට යළි පවරාගත නොහැකි වන ආකාරයට පළාත් සභාවෙත පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කිරීම, මුදල් බලතල පළාත් සභාවෙත ලබාදීම යන ඉල්ලීම් ත්‍රිත්වය ව්‍යවස්ථාව වෙත අනිවාර්යෙන්ම ඇතුළත් වීම එම ඉල්ලීම් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබද මාධ්‍යට අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වෙත ලබාදී ඇති යෝජනා සහ ඉල්ලීම් නොපිළිගනිමින් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ඊට කිසි විටක සහාය නොවන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නෙමි සහය දුන්නොත් අපේ මිදි පොකුර// හැමවිට සිතුවේ ගන්නට මුළු මිදි වත්ත// දැන් දැන් පෙනේ අපහට එය දුරස් වෙලා// බැරි වෙයි අපට ගිල්ලන්නට දෙන දිරපු ලණු//
කාටද එන්නේ කියලා පේනවනේ?
මුළු ලංකාවේ ජනගහනයෙන් 20%ක් වත් නැති නම් ඉල්ලන්නේ ලංකාවෙන් බාගයක්.
උතුරේ දෙමල ජනතාව නැගෙනහිර දෙමල ජනතාවට සලකන විදිය ගැන සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා, සිංහලුන් පසෙකින් තබමුකෝ, නැගෙනහිර දෙමල ජනතාව මේ ඉල්ලිම් වලට එකඟ වෙයි ද? විශ්වවිද්‍යාල වලදී නැගෙනහිර දෙමල ළමුන්ට යාපනේ දෙමල ළමුන් සලකන විදිය දැකල තිබෙන අය දන්නවා මේ කාරණය. නැවත ලබාගත නොහැකි ලෙස බලය ලබා දීම යනු, වෙනම රටක් හා සමානයි, මොකද නැවත ඒ කිසිවක් ලංකාවේ සමස්ථ චන්දයකින් වෙනස් කරන්න බැහැ. වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමය ඒ ඒ පළාතේ චන්දයෙන්. මුදල් බලතල පළාත් වලට ලබා දෙනවා යනු, පළාත් වලට බදු එකතු කිරීමේ බලය මධ්‍යම ආණ්ඩුවෙ බලපෑමකින් තොරව කරගෙන යන්න පුළුවන්. එවිට යාපනේ මිනිස්සුන්ගේ බදු එකතු කරන ප්‍රමාණය සහ කොළඹ සල්ලි එකතු කරන ප්‍රමාණය තීරණය වෙන්නේ ඒ ඒ පළාත් සභා වලින්. ලංකාවේ මිනිසුන් දියවන්නාවෙන් තැලෙනවා මදිවට ඒ ඒ පළාත්සභා වලිනුත් ගුටි කන්න වෙන ව්‍යවස්ථාවක් මේක.
අපරාදේ කොල්ලෝ 30 000ක් මැරුනේ... ඊළම මේ අයට දුන්නා නම් ඉවරයි... මේ ගොල්ලො කොහොමත් දෙනවා ඕක...
මස් රාත්තලම ඉල්ලනවා වගේ පේනවා.
මේ විදිහට පූර්ණ බලතල දුන්නොත් 2025 වනවිට ශ්‍රී ලංකාවෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් බවට පත්වෙනවා ද නැද්ද යන්න තීරණය කිරීම සදහා ජනමතවිචාරණයක් තිබ්බොත් උතුරු නැගෙනහිර ඒ පළාත් වල මිනිස්සු වෙනම රාජ්‍යයකට පක්ෂව චන්දය දෙනවා අනිවාර්යෙන්ම
මේ ගොල්ලන්ගේ ඉල්ලීම් දුන්නොත් සදහටම ලංකාවේ ගැටුම් ලේ හැලීම් මිස සංවර්ධනයක් ගැන නම් හිතනු බොරු. මේ වැනි ඉල්ලීම් ලබා දීමට නොහැකි බව දැන දැනම නැවත නැවත ඉල්ලා සිටින්නේ මෙරට පවතින රජයේ නිවට නියාලු කම නිසා නොවෙයිද?
අපිට මේ තුනෙන් එකකට විතරක් එකග වෙන්න පුළුවන්. බදු එකතු කිරීමේ බලය උතුරු පලාතට ලැබෙන අතර, එම බදු තීරණය කිරීමේ බලය මධ්‍යම රජයටද , එකතු කල මුදල් එකතු කිරීමෙන් අනතුරුව මධ්‍යම රජයට ලබා දෙන්නේ නම් එකතු කිරීමේ බලය විතරක් දෙන්න පුළුවන්.
මට නම් ජනාධිපතිතුමයි, අගමැතිතුමයි අපේ රටට නරක දෙයක් කරයි කියලා විශ්වාස කරන්න අමාරුයි.
ඔය වියවසතව අකුලගන්න ජනතාව කියන්න කාලය ඇවිල්ල වගේ.
හත් දෙයියනේ මේ මහත්තය නොකිය කියන්නේ වෙනම රටක් ගැන නේද මුදල් බලතල ,,දෙන බලය නැවත ගන්න බැරි ,,,පළාත් එක්කිරීම් ,,,පළාත වෙනුනහම මෙයාලට තියන අපහසුව අසාධාරණය මොකකක්ද ,,,,,,,,,යකෝ මේක එක රටක් ,,,සමගියෙන් ඉදන් සැනසීමේ මැරිලා යමු ,,,කිසිම සුළු ජාතියකට ලංකාවේ අසාදාරනයක් වෙලා නැත ,,මහා ජාතිය වන සිංහලයටයි අසාධාරණය වෙන්නේ ,,,යාපනේ තේසවලාමේ නීතිය යටතේ අන් යට ඉඩම් ගැනීම සීමා වෙලා නේද ,,,එහෙමද ලංකාවේ අනික් ඕනෙම තැනක ඕනෙම කෙනෙකුට ඉඩම් ගන්න පුළුවන් නේද ,,,මගේ නිර්දේශය බලදරයනි තිබෙන බලතල හැර අලුත් කිසිම බලයක් කිසිම පළාත් සබාවකට එපා ,,,කව්ද අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලුවේ ,,මේක රටේ තවත් ප්‍රස්නයක් ,,,තමන්ගේ අාගම දහම අදහගෙන අපි සියලුම ජාතින් එක මවගේ දරුවෝ වගේ සමගියන් ඉදල මැරිලා යමු,,,ලෝකෙම්ම උතුම් රට ලංකාව ලෙසට ඉහලට ගන්න එතකොට පුළුවන් ,,,,,රට කඩන්න එපා මින්සුනේ ,,,,
මේ නිවට ද්‍රෝහී පාලකයින් රණ විරුවාව පාවා දෙමින් කොටින්ට එදා කර ගන්න බැරි වූ දේ කරනවා.මේ නිවටයින් එදා හිටියෙත් කොටින් සමගයි.එනිසා තමයි මේ ද්‍රෝහී දේශපාලුවන් මේ වගේ සද්දේ දාන්නේ රටේ මිනිසුන්ට බොරු කියමින් කොටියාට අවශ්‍ය වූ දෙය බටහිරයින්ව සතුටු කරමින් ක්‍රියාත්මක කරනවා.ජනතාව මෙය තේරුම් ගත යුතුයි.ව්‍යවස්ථාව වෙනස් කරමින් සිදු කරන්නේ එයයි මෙය බත් බැලයින්ට වැටහෙන්නේ නැහැ.