නව ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව කියමින් අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරු අද(18) විශේෂ නිවේදනයක් නිකුත් කළහ.
නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බව මහ නාහිමිවරු අවධාරණය කරති.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්ගේ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ දෙපාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ සභික හිමිවරුන් ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ රන් ආයුද මණ්ඩපයේ දී අද රැස්වූහ.
සාකච්ඡාව අවසන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ මෙසේ පැවසූහ.
‘නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ අප විශේෂයෙන් සාකච්ඡා කළේ මේ සම්බන්ධව විද්වත් මණ්ඩලයක් අපව දැනුවත් කළ නිසයි. මේ ව්‍යවස්ථාවේ භයානක බව, බලතල බෙදීම මුළු පාර්ලිමේන්තුවට නැති බලයක් ප්‍රාදේශිය සභාවලට, පළාත් සභාවලට ලබාදීම මේ ව්‍යවස්ථාවෙන් සිදුවනවා. ඒනිසා මේ ව්‍යවස්ථාව නුසුදුසුයි. අපත් මේ ව්‍යවස්ථාව නුසුදුසු බව තීරණය කළා. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව අපත් පවසනවා. මේ තිබෙන ව්‍යවස්ථාව අපට හොඳයි. උභය මහා විහාර දෙක වගේම රාමඤ්ඤ අමරපුර නිකායන්හි මහ නායක හාමුදුරුවරුත් දැනුවත් කරලා මුළු රටේම මහා සංඝයා වහන්සේලා දැනුවත් කරලා මහා සංඝයාවහන්සේගේ බලවත් විරෝධය අපි එකතුවෙලා ප්‍රකාශ කරනවා. අපි ආණ්ඩුවට කියනවා මේ ව්‍යවස්ථාව හකුලා ගන්න කියලා. පරණ ව්‍යවස්ථාව අපට හොඳයි.
ජනාධිපති බලතලත් එලෙසම තිබිය යුතුයි. එත් කොට්ඨාස මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. රටේ සමස්ත මහා සංඝරත්නයම මේ ව්‍යවස්ථාවට විරුද්ධ විය යුතු බව අප මෙහිදී තීරණය කළා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොද තීරණයක් අපේ හාමුදුරුවනේ.
වත්මන් ආණ්ඩුව හදන්නේ රැවුල ගිනි අරන් තියෙන අස්සේ සුරුට්ටු පත්තු කරන්න. මේකෙන් වෙන්නේ රට තවත් අගාධයට යන එක විතරයි. ඔබ වහන්සේලා මේකට විරුද්ධව පෙරමුණ ගන්න
ගිහියන් වන අපට මෙන් භික්ෂුන්වහන්සේලාට එහි අවශ්‍යතාවය නොදැනීම අරුමයක් නොවේ. ව්‍යවස්ථා සංසෝධනය කලයුත්තේ දේශපාලකයින් පමණක් විසින් නොවේ. ඒ සඳහා සුදුසු උගත් වියත් විශේෂඥ දැනුමක් ඇති අයගෙන් සමන්විත මණ්ඩලයකින් සිදුවිය යුතුය. එයට දේශපාලක නියෝජනයක්ද තිබිය යුතුය. එසේ නොමැතිව අද මෙන් තනිකර දේශපාලකයිගෙන් සැදුම්ලත් මණ්ඩලයක් සැමවිටම ඔවුන්ගේ කැමැත්ත පරිදි ක්‍රියා කරනු ඇත. එය ජනතා අභිවෘධිය පිණිස නොවනු ඇත. ඊට මහජන අදහස්ද ලබාගතයුතුය. එවැනි ක්‍රියාදාමයකින් පොදුජන අභිමතාර්ථ ඉටුවනු ඇත.
ඒ කියන්නේ ජේ ආර් ගේ ව්‍යවස්ථාව හොඳයි ?. මෙච්චරකල් කෑගැහුවේ බොරුවටද ?
සාදු සාදු සාදු !!!!
පහුවෙලා හරි අශ්වයා ඉස්තාලෙන් පනින්නට පෙර මල්වතු හිමිපානන්ට මෙය අවබෝධ වීම ගැන අපගේ ප්‍රණාමය. රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔබවහන්සේලාගේ නිරතුරු අවධානය අප බලාපොරොත්තුවෙමු. රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ දක්වා මුලසිටම එඩිතර ප්‍රකාශ කල වරකාගොඩ හිමි, නාපානෙ හිමි හා කොටුගොඩ හිමිවරුන්ට නැවතත් අපගේ ප්‍රණාමය.
එතකොට වියන්ගොඩ පිරිමි නර්ස් එන්ජීඕ නඩේට අලුත් එකක් ඕනෑ කියලා කිව්වේ මොකටද?
මේ තරම් හොඳ ව්‍යවස්ථාවක් අපට ආයේ හදා ගන්න පුලුවන්ද? ජේ ආර් මහත්තය අපට හදලා දුන්නු මනාප චන්දක්‍රමය හා රටේ ආර්ථික ක්‍රමය වගේම, ඒ ව්‍යවස්ථාවට පින්සිද්ධ වෙන්න නේන්නම්, අපි අද මේ ලෝකෙටම ලොක්කෝ වෙලා වගේ යස අගේට, ජයපැන් බොමින් ජීවත් වෙන්නේ. අනික ඉතින් අපේ කට්ටිය මොනවා කලත් කරන්නේ තමන්ගේ පොකට් එකට එහෙමත් නැත්නම්, තමන්ගේ වාසියට තවකෙකුගේ උවමනාව පිරිමහන්න විනා, රට ගැන සිතා ක්‍රියා කරන නායකයින් නම් අපට පෙනෙන තෙක් මානෙක නැහැ
අපේ අදහසත් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කල යුතු අවස්තාවක් නෙවේ. මුලින්ම ප්‍රාදේශීය සභා මැතිවරණ පවත්වමු. දෙවනුව මුළු රටේම පළාත් සභා පවත්වා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ස්ථාවර රජයක් පිහිටුවා ගෙන අලුත් ආණ්ඩු ක්‍රමයකට යා යුතුයි.. රටට හොඳ නම් ජයවර්ධන ව්‍යවස්ථාවයි.
1972, 1978 ව්‍යවස්ථා හැදුවේ ඔබවහන්සේලාගෙන් අහලද?
හාමුදුරුවෝ දේශපාලනය හදාරා නැත. බලය බෙදීමක් ගැන දන්නේ නැත.
නව ව්‍යවස්ථාවක් සාදා දමිල ප්‍රශ්නයට විසදුමක් ලබා දීමට අපොහසත් වන්නේ නම් කවදා හෝ ජාත්‍යන්තර මැදිහත් වීමකින් දෙමල ඊලම පිහිටුවීම නොවලක්වියහැකි කරුණක් වේවි. එයයි යතාර්ථය.
බලය බෙදීම අවශ්‍ය වන්නේ සිංහල මෙන්ම දෙමළ දේශපාලකයින්ටය. සිංහල හෝ වේවා!!! දමිල හෝ වේවා!!! මේ රටේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ නිදහසේ තමන්ගේ දක්ෂතාවය අනුව ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. එය තියෙන ව්‍යවස්ථාවෙන්ද නායකයින්ට අවශ්‍ය නම් කල හැක.
ඉතාම වැදගත් ජාති හිතෛෂී තීරණයක්, මේ අනතුරුදායක අවස්ථාවේ රටේ ගැලවුම්කරුවන් විය යුත්තේ මහානායක ඔබ වහන්සේලා ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයයි අපේ හාමුදුවරනේ! සාදු... සාදු... සාදූ...
ලංකාව ට මොන ව්‍යවස්ථාද නේද හාමුදුරුවනේ ...?
ගරුතර මහා සංඝරත්නය කථිකා කරගෙන ගනු ලබන තීන්දු තීරණවලට සිංහල බෞද්ධ ජනතාව එරෙහිව කටයුතු කරන්නේ නැති බව කවුරුත් දන්නවා. ස්වාමීන්වහන්සේලා ධර්ම දේශනා කරන්නේ ශාන්තව හික්මුණු ස්වභාවයෙනි. ඒ ලෙස බණ අසමින් සිටින අයගේ සිත් සසල වන්නේ, දුෂ්‍ය වන්නේ නැත. අර හැමතැනම පැවැත්වෙන උද්ඝෝෂණවල පෙර ගමන් කරුවන්ගේ, සංවිධායකයින්ගේ කටවල්වලින් පනින ආකාරයෙන් මෙන් " අපි ආණ්ඩුවට කියනවා මේ ව්‍යවස්ථාව හකුලා ගන්න කියලා" යි කියනවාට වඩා සංඝ සභාවන්ගේ සම්මුති තීරණ පරිදි, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත නොකරන ලෙස ආණ්ඩුවට දැනුම් දී සිටිනවා කිව්වා නම් කොතරම් සුමට දැයි හැඟේ. ගරුතර සංඝරත්නය ඒ ආකාරයෙන් දේශපාලනයට හවුල් වෙනවා නම් කොතරම් හොඳද?
බොහොම වැදගත් තීන්දුවක් !!!
නව ව්‍යවස්ථාවක් මොකටද අනාගත දරුණු විපාක අත්වෙයි... ඕවා දුන්නොත් අපේ හාමුදුරුවන්ට...
ජේ ආර් ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවේ ගුණාත්මකභාවය වටහාගන්න සමහරුන්ට අවුරුදු 39ක්ම ගියානේද අපේ හාමුදුරුවනේ? එදා 1978 සිටම මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා කියා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කිව්වා. චන්ද්‍රිකා මැතිණිය කීව්වා. මහින්ද මහතා කිව්වා. වාමාංශික පක්ෂ කියනවා. මේ වෙනස්කම් කලයුතුය කියා. දැන් රනිල් මහතා හා මෛත්‍රිපාල සිරිසේන මහතාත් කියනවා මෙය වෙනස් කලයුතුයි කියා. ජේ .ආර් .ජයවර්ධන මහතා නම් කිව්වේ මේ ව්‍යවස්ථාවේ කරන්න බැරි ගැහැනියක් පිරිමියෙක් කරන එකත්, පිරිමියෙක් ගැහැනියක් කරන එකත් කියා. කොයි වැඩය කරන්නත් දක්ෂතා තිබිය යුතුයි.
මේකේ මහ නා හිමිවරුන්ගේ පින්තූර දැම්මට මේක කියන්නේ අනුනායක හාමුදුරුවරුනුයි.. මේ රටේ ජනතාව නව ව්‍යවස්ථාවක් ඕනෑ කියා දෙවතාවක්ම ජනමතයක් දීලා තියෙනවා. හාමුදුරුවරුන් නොදන්නා රාජ්‍ය පාලනය කරගන්න ඉඩ දීලා දන්න ලෝකෝත්තර දහම ගැන ජනතාවට දෙසන්න..
ඔය ව්‍යවස්ථාව වෙනස් කලත් එකයි නැතත් එකයි, ලංකාවේ ඉන්න අවස්ථාවාදී දේශපාලකයොයි. ඒ අයට උල්පන්දම් දෙන වටේ ඉන්න වන්දි භට්ටයිනුයි.... රට ගැන නොසිතා තම තමන්ගේ පුද්ගලික වාසි තකා තම බලය යොදවනතාක් කල් ලංකාවටත් සාමාන්‍ය ජනතාවටත් කිසිම යහපතක් හෝ ගුණාත්මක ජීවන තත්වයක් කිසිදාක ලැබෙන්නේ නැහැ.
ලංකාව ඒකීය රටක් විදිහට ව්‍යවස්ථාවේ තියෙන නිසා තමයි ජාත්‍යන්තර මැදිහත් වීමක් කරන්න බැරුව තියන්නේ. කොහොම හරි ලංකාව සන්ධීය රාජයක් වුණෙත් ඔය ජාත්‍යන්තර මැදිහත්වීම් ලේසි වෙනවා. දෙමළ මිනිස්සුන්ට තියන සැබෑ ප්‍රශ්න වලට විසඳුම මේක නෙවෙයි.
අර නඩේට දැන් මොනවා හිතෙනවා ඇතිද?
උබතුමා වගේ අය රටේ ජීවත් වෙනකං ජාත්‍යන්තරය මැදිහත් වෙනවා තමයි. මුළු රටේ බහුතරයක් කීවොත් ජාත්‍යන්තරය ඒ අයගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉදීවි.
අපේ ශ්‍රී ලංකාවෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන්නේ ඉරානයේ වගේ පුජ්‍ය පක්ෂය පමණක්ද ?
අලුත් ව්‍යවස්ථාවක් රටට අනවශ්‍යය බව මහාණායක හිමිවරු වදාලා ඇත්තෙ එහි සුළු ජාතින්ට සම තත්ත්වයක් හිමිවීම උහුලාගත නොහැකිවීම වෙන්න ඇති? ඔව් අපි අනාදිමත් කාලයක සිට සුළු ජාතින්ගෙ බෙල්ල පාගගෙන හිටිය වගෙ ඉදිරියටත් වැඩේ කරගෙන යමු.
දැන් තියන ව්‍යවස්ථාව ඉතාම හොද ව්‍යවස්ථාවක්, ලංකාව ඒකීය රටක් විදිහට ව්‍යවස්ථාවේ තියෙන නිසා කිසිම කෙනෙකුට රට දෙකඩ කරන්න බැහැ, ජනාධිපති බලතලත් එසේම තිබිය යුතුයි. ඉතාම හොද තීරණයක් ඔබවහන්සේලාට හිසනමා ආචාර කරමි .
මා සිතන අන්දමට නව ව්‍යවස්ථාවක් ඇතිකිරීම සඳහා බොහෝ බලපෑම් ඇතිවන්නේ ජාත්‍යන්තරයෙනුයි. අවාසනාවකට, අද අපේ රටේ ආර්ථිකය ජාත්‍යන්තරය සමග දරුණු ලෙස බැදී පවතින හෙයින්, ඔවුන්ට මේ බලපෑම් අපට කල හැකියි.
මහනාහිමි වරුන්ට අයිතියක් තිබෙනවා එතුමන්ලාගේ අදහස් පල කරන්න. ඒත් පසු ගිය මැතිවරණ වලදී මේ රටේ මිනිසුන් ඡන්දෙ දුන්නේ ජනාධිපති ධුරය අයින් කරන්න. ව්‍යවස්ථාව වෙනස් නොකර ඒක කරන්න බැහැ. අපි ගරු කල යුත්තේ රටේ මහජනයාගේ අදහසටද එහෙම නැත්නම් මේ හාමුදුරුවරුන්ගේ අදහසටද?
අපේ හාමුදුරුවනේ ,පවතින මැතිවරණ ක්‍රමය නිසා අසීමිත වියදමක් යනවා අපේක්සකයන්ට. දිනුවට පස්සේ අයතා ආකාරයට මුදල් හම්බකරනවා. දැනට පාර්ලිමේතුවේ ඉන්න 225 කිදෙනෙකුට වංචා චෝදනා තිබෙනවද.? දේශපාලකයන්ට රටේ සාරය උරාබීමට ලැබී තිබෙන පුළුවන්කම අහෝසි කිරීම නොකොළ යුතුද?
එතුමන්ලට දේශපාලනේ ගැන තියෙන දනුම මොකක්ද ? මේ වගේ සංකීර්ණ දෙයක් ගැන කතා කරද්දි, හැම පැත්තක්ම ගැනම බලල කතා කරන්න තරම් මෙතුමන්ලට තේරුමක් තියෙනවද ? ඔවුන් සංඝයා වහන්සේලා බව ඇත්ත, නමුත් සියලු දේ දන්න අය නෙමේ නේද ?
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාට අනෙක වාරයක් ස්තූතියි.... ඔබට පින් !
පහුවෙලා හරි මල්වතු හිමිපානන්ට මෙය අවබෝධ වීම ගැන අපගේ ප්‍රණාමය තවමත් ප්‍රමාද නැහැ හොද වෙලාවට. සියලු දෙනාට සත්‍ය වැටහේවා!
ලංකා ආණ්ඩු පත් කරන්නේ සහ පවත්වාගෙන යන්නේ මේ නිකායවලින්ද ?
ලංකාවෙන් 20% වත් නැති ද්‍රවිඩයන්ට ලංකාවෙන් 1/3 ක් පාලනය කරන්න දෙන එක හරිද සිංහලුනේ............
ඇයි මේ බොරු කියන්නේ මහනායක හාමුදුරුවරු නෙමෙයිනේ කීවේ අනුනායක හාමුදුරුවරුන්ගේ ප්‍රකාශය ගැන ඇයි වැරදි අදහස් ජනතාවට දෙන්නේ.. මල්වතු මහ නායක හාමුදුරුවෝ පැහැදිලිව තමන්ගේ මතය කියලා තියෙනවාගේ බලය බෙදීම අවශ්‍යයි කියලත් කීවානේ ඇයි මෙහෙම බොරු දාන්නේ...
මමත් කැමති බුද්ධාගම මුලික වූ ව්‍යවස්ථාවකට හේතුව එතකොට අපිට ඉක්මනින්ම නිවන් යන්න පුළුවන්නේ.
වැසියන්ගේ ආර්ථිකය යහපත් කර නීතිය සහ සාදාරණත්වය පිහිටුවන්න පළමුව. ව්‍යවස්ථාවගැන පස්සේ බලමු. ඕක නිසා තවත් ප්‍රශ්න වැඩි වෙනවා මිසක් විසදුමක් නම් නොවේ. ඡන්ද පොරොන්දු කියල කරන්න හදනවානම්, තව කොච්චර පොරොන්දු තියනවද ඉටු කරන්න මේකට ඉස්සෙල්ල.
ඔබ වහන්සේලා ට අපගේ නමස්කාරය වේවා . බලයේ සිටින දේශපාලකයන්ගේ කතාවලට නොරැවටී රටත් ජාතියත් බේරා ගැනීමට ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන . මේ වෙලාවේ රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම නොවෙයි කල යුත්තේ රටේ ආර්ථිකය නැංවීමයි . එයට මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් කල නොහැක. නමුත් ඉදිරි මැතිවරණ වලදී ජන්ද ලබා ගැනීමේ අරමුණ විතරයි මෙහි තිබෙන්නේ.
ඔබ වහන්සේලාට අපගේ ප්‍රණාමය. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියනවනේ. අපේ සිංහල එවුන්ට මේකේ රගේ තේරෙන්නනේ නෑ. අනේ ඔබ වහන්සේලාවත් මැදිහත් වෙලා මේ ආණ්ඩුවට මේක කියන එක කොයි තරම් හොදයිද.
1978 ව්‍යවස්ථාවට විරුද්ධ වුණේ බොහොම ටික දෙනයි. වැඩිපුර චිරෝධයක් මතුවුනේ 13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට. ඒ අයම තමයි පසුව 13 අවශ්‍යයි කිවුවේ. මේ කෑගහන බොහෝ දෙනාට ජාතිය ගොඩ නැංවීමේ ජාතික චින්තනයක් නොමැති බවයි මට නම් හිතෙන්නෙ.
සියලුදේ ඇත හැර නිවනට ගිය අයද රට පාලනය කරන්නේ .ණයට කකා පිනට පඩිගමු හොදට බුදියමු .
මේ පුවත බැලුවම පේන්නේ මහනායක හිමිවරුත් ඒකාබද්දෙට එකතුවෙලාද කියල?
මට තව අලුත් බෙන්ස් එකක් ඕනේ..!
ආගමික සංස්ථාව රටක නීති හැදීමට අවශ නැත ත්‍රිපිටකය වෙනස්කරනවානම් මැදිහත්වන්න.
රටේම ස්වාමින් වහන්සේලා එකතුවෙනවානම් ගොඩාක් හොදයි මේ රටට ජාතික සහ ආගමික වශයෙන් නායකත්වයක් නැතිකම විශාල අඩුවක් ඉතාම ගෞරවයෙන් සහ නමස්කාර පුර්වකව මෙහෙම යෝජනාවක් කරමි ඔබවහන්සේලා මෙවැනි අර්බුදකාරී අවස්ථාවක ඉදිරිපත්වෙලා මෙහෙම කලොත් මෙම රටටත් බුද්ධාගමටත් විශාල සෙතක් වෙනවා මා දන්නා විදිහට අපේ රටේ මහනායක හිමිවරු තිස් දෙනමක් වැඩ සිටිනවා ඔබවහන්සේලා තිස් දෙනමම සහ අනුනායක හිමිවරු අතුලු අදාළ සියලු නායක ස්වාමින් වහන්සෙලා එකතුවෙලා අපගේ රටට මහා නායක ස්වාමින් වහන්සේ නමක් පත්කර ගන්න " (සඟරාජ නාහිමි ලෙස නම් කලත් හොදය) මෙම සියලු ජාතික ආගමික ගැටළු එක නායකත්වක් යටතේ සකච්චාකර රටට ඉදිරිපත් කරන්න අවශ්‍යනම් විද්වත් ගිහි කාරක සභාවක සහය ලබාගන්න අදාල කාරණය වෙනුවෙන්. මෙවැනි උත්තරීතර " සඟ රාජ සභාවක් " වෙනුවෙන් නීතිමය ප්‍රතිපදනද ලබාගත හැක මෙම යෝජනාවෙන් වරදක් ඇත්නම් දහස්වාරයක් සමාවනසේක්වා.!
එක්කෙනෙක් අදහස් දාල තියෙනවා දෙමල අයට තියෙන ප්‍රශනය විසදන්න කියලා. අපිට පැහැදිලිව කියනවද දෙමල අයට තියෙන විශේෂ ප්‍රශ්නය මොකක්ද කියලා?
ඔබ වගේ පඬිවරු රටේ වැඩිනිසා අපිට මෙහෙම වෙනවා
අපේ රටේ පාලනය අස්ගිරි - මල්වතු නාහිමිවරුනට බාර දෙමු. එතකොට දස ධර්මයෙන් රට පාලනය කරයි . අදහස් දක්වන්න.
ප්‍රේමදාස ජනාධිපති 60000 සිංහලයන් මරාදමනකොට මේ 1978 එක වෙනස් කරන්න ඕන කියල කීවා
වාසි පැත්තට හොයියා !
අනේ මහනායක හිමිවරුනි හොර දේශපාලනය අත්හැර බුදු සසුන වෙනුවෙන් කටයුතු කරන්න හෝ චීවරධාරින් රටපුරාම විනාශ කරනවා පළමුව සංඝායනාවක් පවත්වා සසුන බේර ගන්න හොරු පස්සේයනවා වස් කාලයේ සල්ලි පින්ඩපාතේ යනවා මොනවද මේ වැඩ ඔබ වහන්සේලා පළමුව දෙවන ශික්ෂා පදයට ගරු කරන්න රකින්න බොහොම දුකින් මේක කියන්නේ
නඩුත් හාමුදුරුවන්ගේ..බඩුත් හාමුදුරුවන්ගේ..හොරුත් හාමුදුරුවන්ගේ .....
අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරු????
එතකොට කලින් හොඳ මාතෘකාවක් වූ රටට සාපයක් වූ ජේ ආර් ගේ ව්‍යවස්ථාව දැන් හොඳයි කියමු , රටට බරක් වූ ඒකාධිපති විධායක ජනාධිපති කලින් එපා කිව්වට දැන් ඕන කියල කියමු......කලින් පොඩි පොඩි හාමුදුරුවරු ධර්මය විහිලුවට ලක් කලා.....දැන් ඔබ වහෙන්සේලා විසින්ම බුද්ධගම විකෘති කරනවා නරකද පාර්ලිමේන්තුවත් අහෝසි කරලා රට පාලනය කරානම්. ඔබ වහන්සේලා දැන් දෙසන්නේ ජි. ඇල්. විමල් , ගම්මන්පිල , ඩලස් , මහින්ද වැනි අයගේ අදහස් ද ?
අස්ගිරි මල්වතු නාහිමිවරුනගේ ඒකාබද්ද නිවේදනයේ සඳහන් වෙන්නේ ඒකාබද්ද විපක්ෂයේ නිවේදනයි.... සාදු සාදු!!!!
මේ කමිටු වාර්තාව පමණක් නොව, කමිටුවම සැක සහිත නොවේද? මෙබඳු කමිටුවකින් මෙයිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය. මන්ද මෙහි පරම බහුතරය 'ෆෙඩරල් වාදීන්ගේන ' සමන්විත වූ නිසාය. අවංක දේශප්‍රේමීන්ගේ නායකත්වය අත්‍යවශ්‍ය මොහොතකි. ඒ නායකත්වයට ඔබවහන්සේලාගේ ආශීර්වාදය විශේෂ දළදා පුජාවක් මගින් ලබාදෙන ලෙස පාද නමස්කාර පුර්වකව ඉල්ලා සිටිමු.
මහා බැංකු කොල්ලයක් කරලත් ඒ කරපු අය වැරද්දක් කරලා නැහැ කීව්වා මේ ගොල්ලන්ගේ පාලනය හොඳයි කියලාද කියන්නේ?
සේසත් රාළ අම්පයර්ලා ක්‍රිකට් ගහන්නේ නැත. සෙල්ලම් කරන අයගේ හරි වැරදි පෙන්වනවා පමණි. තව ප්‍රශ්න තිබෙනවාද?
ඒ නඩේට කොහොම උනත් නඩේ ගුරාට හිතෙනවා ඇති බේරා දුන්න රට පරිස්සම් කර ගන්න බැරි මේ වගේ ගුණමකුවන්ට මම ඇයි මෙරට බෙර දුන්නේ කියලා. මහින්ද මහතානෙණි එක සිංහල ජාතියේ හැටි. ප්‍රභාකරන්ට අවුරුදු 10 උතුර දෙමූ කියපු අය ගැනවත් සමහර සිංහලයින්ට මතක නැත. එහෙම කීවාද කියාවත් දන්නේ නැත. උනන්දු කෙනෙක් ඉන්නවානම් රනිල් මහතාගේ "අන්තර් ස්වයන් පාලන අදිකාරිය ගැන කියවන්න".