(සනත් ගමගේ සහ චන්ද්‍රසේන)
හම්බන්තොට පැවැති විරෝධතාවය ගැන ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙක් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට පත් වූ සෙසු පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී වී චානක, ප්‍රසන්න රණවීර මහත්වරු ද, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ද, හිටපු මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න ද වෙති.
අධිකරණ නියෝග උල්ලංඝණය කිරීම, කලහකාරී ලෙස හැසිරීම, පොදු දේපොළවලට අලාභ හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම සහ පොලිසියේ රාජකාරිවලට බාධා කිරීම ඇතුළු චෝදානාවන්ට ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාෂක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක් නැහැ. හෙට වෙනකොට ගෙදර යයි.
ලෝකේ හිනස්සන වැඩ. අපි නිකන් දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙනවා. එයාල හැමදාම සතුටින් ඉන්නවා.
නීතිය කාටත් පොදුවීම හොඳයි. නීතිය කඩන අය දීර්ඝකාලින සිරදඬුවමකට යටත් කල යුතුයි.
ඇතුලේ ඉන්න ඕන කට්ටිය එළියේ ඉන්නවා කිව්වා නේද
අද රටේ මිනිස්සු බහුතරයක් පාරට බැහැල ඉන්නේ නිකන් ඉන්න බැරිකමට නෙමෙයි. මර්ධනය උපරිමයෙන් ක්‍රියාත්මකයි.
දැනටමත් ඇප ලැබිල ඇති.
මොන විහිලුවක්ද මේ, අත්අඩංගුවට ගන්නවා, ඊට පස්සේ ඇප දීල එලියට දානවා, ඊටපස්සේ නඩුව.. ඒවා ගැන අහන්නවත් නැහැ.
ජයවේවා!!!!!