(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ටේරෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි කියන ලිපි ගොනු දෙක වහාම කොමිසමට ඉදිරිපත් කරන ලෙස බැඳුම්කර කොමිසම පර්පචුවල් ටේරෂරීස් සමාගමට අද (11) නියම කළේය.
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා වන ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් යන මහත්වරුන්ට කොමිසම විසින් නොතිසි නිකුත් කළේය.
එමෙන්ම ලිපි ගොනු දෙක සම්බන්ධයෙන් වු කරුණු දිවුරුම් ප‍්‍රකාශයක් මඟින් කොමිසමට දැනුම් දෙන ලෙස පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාට කොමිසම වැඩිදුරටත් නියම කළේය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති) ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පට සිරි.. මෙච්චර කල් ගිහිල්ලත් තාම ඔය කොම්පැනියෙන් ලිපි ගොනු ඉල්ලනවද ? සාමාන්‍යයෙන් ලෝකේ වෙන රටවල් වල මේ වගේ ප්‍රශ්නයක් වුණ වෙලාවට කරන්නේ උසාවි නියෝගයක් අරගෙන හැකි ඉක්මනින් එම ආයතනයට ඇතුළු වී සියලු ලිපිගොනු අදාළ අංශය බාරයට ගන්න එකයි. එහෙම කරන්නේ වංචාවක් වෙලා තියෙනවා නම් සාක්කි වලට අවශ්‍ය ලිපිගොනු විනාශ වෙන එක වලක්වාගන්නයි. ඒකට අපේ ලංකාවේ තාම ලිපිගොනු ඉල්ලන්නේ අදාළ ආයතනයෙන්.. දෙයි මේන් කියල...