දෙමළ ජාතික සන්ධානයට (ටී.එන්.ඒ.) විරුද්ධ පෙරමුණක් පිහිටුවීම සඳහා උතුරේ ද්‍රවිඩ නායකයන් කිහිපදෙනෙකු එකතු වී ඇතැයි ආරංචි මාර්ග කියයි.
ඊපීඩීපී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද, ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ආනන්ද සංගරී ඇතුළු ද්‍රවිඩ නායකයන් කිහිප දෙනකුගේ එකතුවෙන් මෙම සංවිධානය පිහිටුවීමට අවශ්‍ය මූලික සාකච්ඡා මේවනවිට පවත්වා ඇති බවද වාර්තාවේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙම නව පෙරමුණ පිහිටුවන අතර, දෙමළ ජාතික සන්ධානය පරාජය කර උතුරු සහ නැගෙනහිර පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීම සඳහා මෙම සංවිධානය පිහිටුවීමට සාකච්ඡා කර තිබේ.
උතුරු නැගෙනහිර ජනතාව විකල්ප ද්‍රවිඩ නායකයන් පිළිබඳ බලාපොරොත්තුවක් තබා ඇති බවත්, ද්‍රවිඩ ජනතාව බලාපොරොත්තු වූ විකල්ප නායකත්වය ලෙස මෙම පෙරමුණ පෙනී සිටීමට සූදානම් බවත් සඳහන් වේ.
දෙමළ ජාතික සන්ධානය නව ව්‍යවස්ථාවක් ගෙනඒම සම්බන්ධයෙන් සිය එකඟතාව පළකර ඇති අතර, නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අදහසට වෙනස් අදහසක් ඉදිරිපත් කිරීමටද නව පෙරමුණේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන නමින් ආවත් අන්තවාදී ජාතිවාදී අරමුණු වෙනස් නොවනු ඇත.
මොවුන් ජාතිවාදී වීමෙන් වළක්වා ගත හැක්කේත් සිංහලයාටමයි.
මොනව් උනත් ඉල්ලන්නේ රටේ කොටසකි. රටේ කොටසක් නැතිව මුස්ලිම් ජනතාව ජාතික පක්ෂ හරහා හොදින් නියෝජනය වෙති.