ඩයනා උදයංගනී
නෙවිල් ප්‍රනාන්දු රෝහල අගෝස්තු පළමු වැනිදා සිට රජයට පවරා ගත් බව ප්‍රකාශ වුවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු නීත්‍යනුකූල ගිවිසුමක් මේ දක්වා අත්සන් කර නැතැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රජයට පවරා ගත් බව කියූ නෙවිල් ප්‍රනාන්දු රෝහල පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බව සෞඛ්ය අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය පිළිගෙන ඇති බවත්, සයිටම් ආයතනයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් රට තුල මතුව ඇති අර්බුදකාරි වාතාවරණය සඳහා මෙම අමාත්යාංශ දෙක ඍජු ලෙස වගකිව යුතු බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මේ බව පැවසුවේ කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් මූලස්ථානයේ පිහිටි එම සංගම් කාර්යාලයේදී අද (19) පැවති මාධ්ය හමුවක් අමතමිනි.
නෙවිල් ප්‍රනාන්දු රජයට පවරාගැනීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ තම සංගමය තොරතුරු ඉල්ලා සිටියත් එම තොරතුරු නොමැති බව අමාත්යාංශ දෙක විසින්ම දන්වා එවා ඇතැයි ද හරිත අලූත්ගේ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසන්න හදන ඔබ ඇයි පුද්ගලික රෝහල් වැසීමට රජයට බලකරන්නේ නැත්තේ. අපට ඇති ප්‍රශ්නය එයයි. එයට ඔබත් විරුද්ද නම් අප සැම ඔබ සමගයි. එය ගැන කතා නොකිරීමට ඔබලා ගෙන ඇති තීරණය ගැන අපටනම් ඇත්තේ සැකයක් සහ කනගාටුවකි.
නමුත් මාසිකව ජනතා බදු මුදල් මෙම රෝහලට පොම්ප කරනවා.
නෙවිල් ප්‍රනාන්දු රෝහල අගෝස්තු පළමු වැනිදා සිට රජයට පවරා ගත් බව ප්‍රකාශය බොරුවක්ද? නැත්නම් තොරතුරු දැනගැනීමේ පනත බොරුවක්ද?
මම දැක්කා මේ රෝහලේ වියදමට මේ ළඟදි රජය කෝටි ගණනක මුදලක් වෙන් කලා. නෙවිල්ට මේකෙන් ලාභ ලැබුනේ නෑ. ණය වාරිකත් ගෙවන්න විදියකුත් නැති නිසා. එ්කෙ වගකීම රජයට දුන්නා. දැන් අාණ්ඩුව ජනතා මුදලින් නෙවිල්ගෙ බර අදිනවා.
රුවන් මහතාගේ අදහසට මමත් එකඟවෙමි, මොකද මේ නෙවිල් ප්‍රනදුගේ රෝහල සහ විශ්ව විද්‍යාලයම විතරක් අල්ලාගෙන දඟලන්නේ ? රටේ කොතලාවල එක ඇතුළු වෛද්‍ය විද්‍යාල තිබෙනවා ,මේකට හොඳම විසදුම රටේ තිබෙන පුද්ගලික රෝහල් බෙහෙත් ශාලා සහ චැනල් සේවා , පුද්ගලික වෛද්‍ය විද්‍යාල සියල්ල රජයට පවරාගෙන කියුබාවේ ක්‍රමයට අපේ සෞඛ්‍ය සේවය සංවර්ධනය කරන එක , රජයේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වන සියලුම සිසුන් ඉගෙන ගැනීමෙන් පසුව අඩුම තරමේ අවුරුදු 25 ක්වත් රජයට සේවය කරන විදිහට ගිවිසුමක් අත්සන් කල යුතුය , එතකොට දුප්පත් පොහොසත් සියලු දෙනාටම එකහා සමාන සේවයක් ලැබේවි
මේ ගොල්ලන්ට තැන හොයාගන්නවත් බැරිද.
දැන් ඇයි මේ වෛද්‍යවරුන් පුද්ගලික රෝහල් වලට විරුද්ද නැත්තේ? මාස තුනකට සැරයක් චැනල් ගාස්තු වැඩි වෙනවා. ඒවාට සද්දයක් නෑ. මේ ළගදි කුඩා දරුවෝ දෙන්නෙක් අවස්ථා දෙකකදී ස්කෑන් කිරීමකදී මිය ගියා. රෝහල් වල වරදින්. අඩු තරමේ ඔය වගේ රෝහල් වලින් අමාරු ලෙඩෙක් රජයේ රෝහලකට මාරු කරන්නත් ඉස්සෙල්ල මුදල් ගන්නවා. ගෙවනකන් අරන් යන්න දෙන්නේ නෑ. මේ වගේ සිද්දි කීපයක් පසුගිය කාලේ සිද්ද උනේ. කෝ මේ අය ඒවාට විරුද්ද නැද්ද? කොහොමද නිදහස් සෞඛ්‍ය රකින්නේ?
මේ දොස්තර සංගමයේ අයට තියෙන්නේ මොලේ උදුම්මගත්ත පුහු මානසිකත්වයක්. මොකද වෙන හැම වෘතිකයෙක්ම හරිම නිහතමානිව හිතනවා තමන්ගේ වෘතියේ බාලයන් ගැන. මේ අය කිසිම රජයේ යෝජනාවක හොදක් දකින්නේ නැහැ. අනික පෞද්ගලික චැනලින්ග් වලින් ලෙඩුන්ගෙන් අයකරන මුදල බැලුවම ලෙඩ තව වැඩිවෙනවා.
මේ ප්‍රශ්නෙට විසදුමක් හොයාගන්න බැරුව බොරු කර කර ඉන්න ගස් ගෝන්නු තව කොහෙද අපේ රට ආපස්සට යන එක නවතා ඉදිරියට හරවන්නේ ...?
සයිටම් ළමයින්ටත් එකම විභාගයක් තියල එකම පුහුණුවක් දුන්නම බාල දොස්තරලා බිහි වෙන්නේ කොහොමද? ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නැති වුනාම කොපමණ විදේශ විනිමය පිට රටවලට ඇදිල යනවද? ඒවායින් රට කොච්චර නය වෙනවද? එම ණය නිසා මහජනතාව කොපමණ පීඩා විඳිනවද? එක කට්ටියකගේ ඉරිසියාවයි කුහකකමයි නිසා මුළු රටක්ම ප්‍රපාතයට යනවා.
යාලුවනේ අපි මොන අදසක් එදිරිපත් කලත් වැඩක් නැහැ වගේ කිරිඇල්ල කැකිල්ලේ තීන්දුව දීලා අවසන්.
මේ ලඟදි තිබුනා ප්‍රසිද්ධ පාසලක වෛද්‍ය සායනයක්. ඒ සායනය කලේ එම පාසේලේම ආදී ශිෂ්‍යන් වූ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් වන ළමයින්ගේ දෙමාපියන්. රුධිර පරීක්ෂාවන් සඳහා රුධිරය ලබාගනු ලැබුවේත් ඒ වෛද්‍යවරුන් විසින්මයි. නමුත් වෛද්‍යවරුන්ට මෙය නිසි ආකාරයෙන් කරගැනීමට බැරිවුනා. පැමිණි අයගේ විවිධ තැන කටු ගසමින් නොයෙක් වේදනා දෙමින් තමා රුධිරය ගනු ලැබුවේ. අවසානයේ ඒ සඳහා පළපුරුදු නර්ස්ල පිටින් ගෙනල්ල තමා ඒ වැඩේ කලේ. පෞද්ගලික තැන්වල ඉන්න පොඩි ගැහැණු ළමයි ලේ ගන්නවා කුහුබියෙක් කන ගානටවත් දැනෙන්නේ නැහැ. මගේ ප්‍රශ්නය තමා ප්‍රමිතිය තියෙන්නේ කොතනද ?
දොස්තර මාෆියාවෙන් ජනතාව ගලවා ගැනීමට නම් , තව තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ රජයේ වෛද්‍ය විද්‍යාල ලංකාවේ ඇතිවී වැඩි වැඩියෙන් දොස්තර වරු රටේ බිහිවිය යුතුය , දොස්තරලගේ ඩිස්පැන්සරිය ගහල තිබෙන බෝර්ඩ් එකේ අනිවාර්යයෙන් ලියල තිබෙනවා මොන විශ්ව විද්යලෙන්ද දොස්තර උපාධිය ගත්තේ කියල , එතකොට කැමති කෙනෙක් සයිටම් දොස්තරලගෙන් බෙහෙත් ගනීවී අකමැති පුද්ගලයන් වෙන තැනකට යාවි.
කොතලාවල පිඨය අයිති ආණ්ඩුවට ( ආරක්ෂක අමාත්‍යාංශයට ) වුනාට එහි සියලුදෙනා හමුදාවට බැදිය යුතු නැහැ මොකද තමන්ගේ පුද්ගලික මුදල් වලින් තමා ඉගෙන ගන්නේ රජය වියදම් දරන්නේ නැත
මේ අය සයිටම් එකට විරුද්ධ මහජනයා ගැන තියෙන කැක්කුම කියන තර්කය හිතට එකඟව පිලිගන්න කෙනෙක් හොයාගන්න වෙන්නෙ නැහැ.
මේ ප්‍රමිතිය බොරු කතාවක් නේ...
එතකොට විදේශ රටවලින් සල්ලි දීලා කොතලාවලට එන්නේ හමුදාවට බැදේන්නද. ලංකාවේ ඉන්නේ ඔක්කොම චීන්නු නෙවෙයි කියල දැන්වත් දැන ගන්නවානම් හොඳයි. අපි 2015 ගෝත්‍රික වාදයෙන් මිදුන ජාතියක් බවට පත්වුණා.
මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ ආරක්ෂක අැමැතිතුමාට (1) කොතලාවල වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගන්න සිසුන්ගෙන් මුදල් අයකරනවද ? (2) උපාධිය ලැබුනට පස්සේ මෙම දොස්තරවරු අනිවාර්යයෙන් හමුදාවට බැඳිය යුතුද ? (3) කොතලාවල විද්‍යාලයේ විදේශ සිසුන් ඉගෙන ගන්නවද ?
සයිටම් හොර කඩේ වහනවා හැර වෙන විකල්පයක් නැත. මේකේ අදහස් පල කර ඇති බොහෝ දෙනෙක්ගේ මන්ද බුද්ධිකභාවය හෙවත් අඩු බුද්ධිමත් මට්ටම ගැන කණගාටු වෙමි. මටත් කියන්න තියෙන්නේ දහම් කියලා තියෙන දේමයි. "යන්නෙ කොහෙද මල්ලේ පොල්"