(ජයන්ත සමරකෝන්)
සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන්වීමෙන් පසුව ඒවායේ පාලනය මැතිවරණය පවත්වන තුරු එම පළාත් තුනේ ආණ්ඩුකාරවරුන්ට පැවරෙන බව පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (21) පැවැසීය.
මේ අනුව එම පළාත් සභා තුනේ නිලකාලය කිසිසේත් දීර්ඝ නොවන බවද ඇමැතිවරයා කීය. සබරගමුව පළාත් සභාවේ නිල කාලය ලබන 27 වැනිදයින් ද උතුරුමැද පළාත් සභාවේ නිලකාලය ලබන 30 වැනිදායින්ද අවසන්වීමට නියමිතය.
්මේ අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් යෝජනා කර තිබුණේ සියලූ පළාත් සභාවල ඡන්දය එකම දිනයක දී පැවැත්වීමටත් එම දිනය වන තුරු පළාත් සභාවල නිල කාලය දීර්ඝ කිරීමට සහ විසුරුවා හරනු ලබන පළාත් සභාවක බලතල ක‍්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවට පැවරීමටත්ය.
පා මහතා ඊයේ (21) පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි ඡන්දෙට වගේ පළාත් සභා ඡන්දයටත් බාලගිරි දෝෂයම තමයි.
කොහොමද ටිකිරි මොලේ...
යහපාලනය දෝරෙ ගලනවා.
ඔහොම්මම පළාත්සභා නැත්තටම නැති වෙලා යනවනං හොඳයි. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුයි ඒ අයගේ අයයි නඩත්තු කරන්න යන්නෙත් මහජන මුදල්නේ.
මහා ජනතා මුදල් නාස්තියක් වන පළාත් සභා ක්‍රමය අහෝසි කරවා ගැනීමට සියලු දෙනා පෙරට ආ යුතුයි.
මොන විහිලුවක්ද ?
දැන් අපේක්ෂක ලැයිස්තු සකස් කරනවද නැත්නම් මේ ක්‍රමය අහෝසි කර ජනතා බදු මුදල් රැක දීමට කටයුතු කරනවද?
මේ සුදු අලියා පන්නා දමමු.
ආණ්ඩුකාරවරුන්ට පාලනේ බාර දෙන්න ඔවුන් මහජන ඡන්දෙන් ආපු අයද? හැබැයි එක අතකට මාස කීපයකට හරි මහජන මුදල් කීයක් හරි ඉතුරු වෙන ගැන නම් සන්තෝෂයි. නමුත්, නිලධාරීන් යනු ජන නියෝජනයට විකල්පයක් නොවේ.
මේ පළාත් සභා ඡන්ද ක්‍රමය ඉන්දියාවේ වුවමනාවට අපිට පැටවපු බරක් මිස රටේ ජනයා ලියපු එකක් නොවේ.. පසුව අපේ පැරදිච්ච දේශපාලකයෝ සහ මැති ඇමතිවරුන්ගේ පවුලේ අයගේ පැවැත්මට තමයි තියාගෙන ඉන්නේ... මේ පළාත් සභාවල් නඩත්තු කරන්නේ රටේ දුප්පත් ජනතාවගේ බදු මුදලින් තමයි.
මේ අය මොකද චන්දෙ තියන්න මේ තරම් බය. ලංකාවේ ඉන්න මිනිස්සු බූරුවො කියලද මේ අය හිතන්නේ මේ කියන දේවල් පිළිගන්න. කොච්චර වුණත් මහින්ද මහත්තයා ඡන්දේ කවදාවත් කල් දැම්මේ නැහැ. යහපාලනයට ආපු අය දැන් අවුරුදු තුනකටවත් එක ඡන්දයක් වත් තිබ්බේ නැහැ. බලයේ ඉන්න තියන කෑදරකමට ඇයි මෙච්චර බොරු කියන්නේ.
මේ අය මොකද චන්දෙ තියන්න මේ තරම් බය. ලංකාවේ ඉන්න මිනිස්සු බුරුවො කියලද මේ අය හිතන්නේ මේ කියන දේවල් පිළිගන්න. කොච්චර උනත් MR චන්දෙ කවදාවත් කල් දැම්මේ නැහැ. යහපාලනයට ආපු අය දැන් අවුරුදු තුනකටවත් එක චන්දයක් වත් තිබ්බේ නැහැ. බලයේ ඉන්න තියන කෑදරකමට ඇයි මෙච්චර බොරු කියන්නේ.
හැම පළාතක්ම මධ්‍යම රජයට වග කියන ආණ්ඩුකාරවරයෙක් සහ පළාත් ලේකම් කෙනෙක් යටතේ පාලනය වුනාම හොඳටම ඇති. මැතිවරණ තියා අපතයෝ රැලක් පත් කරගෙන රාජ්‍ය වියදම් වැඩි කරගන්න ඕනේ නැහැ. ලංකාව වගේ පොඩි රටකට ආසනයකට අනුයුක්ත ජනතාව කෙලින්ම පත් කරගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ නගර සභා ගම් සභා නියෝජිතයන් හිටියාම හොඳටම ඇති.
පොල්පිති රූකඩ පාලකයින් කරන්නේ මේ රට බෙදීමට සහ පාවා දීමට කටයුතු කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට නැත්තේද එයයි. ඇත්තේ ජඩ පාලනයයි. ඡන්දවලට බය, හොරකම, වංචාව, තක්කඩි වැඩ.... බොරුව මුල් කරගෙන කටයුතු කරන මේ රෙජීමය යැවිය යුතුයි.