ජුඩ් සමන්ත
වයඹ පළාත් සමුපාකාර සංවර්ධන, වෙළද, ඉඩම්, විදුලි බල හා බලශක්ති, ක්‍රීඩා හා යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු, කලා කටයුතු සහ තොරතුරු තාක්ෂණ ඇමතිවරයා ලෙස පියසිරි රාමනායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.
මෙම ඇමති ධූරයන් මීට පෙර දරන ලද්දේ සන්ධ්‍යා කුමාර රජපක්ෂ මහතා විසිනි. මෙම ඇමති ධුරයට අමතරව සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා වයඹ පළාත් අධ්‍යාපන ඇමති ධූරයද දරන ලද අතර, අධ්‍යාපන ඇමති ධූරය වයඹ ප්‍රධාන ඇමති ධර්මසිරි දහනායක මහතා යටතට පත් කර ඇත.
හිටපු අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා මේ වන විදේශ ගතව සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොම සුද්ද කරගෙන, සුද්ද කරගෙන යන්න. අන්තිමට ලඟින්ම ඉන්න හාදයවත් සුද්ද කරලා දැම්මා නම් ඔබතුමාට අපි අත් දෙකම ඔසවලා ඡන්දෙ දෙනවා.
නරක් වුණු දත් එක එක ගැලවෙන පාටයි. යනවා කීව කට්ටිය "රිවස්" ගහලා නිසා ගිය කෙනාට දැන්නම් දුක ඇති "අපරාදේ කාපු ලනුවක තරම" කියලා....
මොලේ තියෙන කෙනා යයි. නැති කෙනා නිකන් ඉඳියි. තවත් පාරක් මහබැංකුවට වැඩේ දෙනකම්...
අනේ අලුත් ඇමතිතුමනි, ඒ ගැන ඔබතුමාවත් අධ්‍යාපනය ගැන විද්‍යාත්මකව සිතන්න. පසුගිය කාලේ මහ ඇමතිවරු විභාග ප්‍රතිඵල වලින් ලංකාවේ එක වෙන්න පොර කෑවා. ඒ පීඩනය එක්ක පාසල ටියුෂන් පන්තියක් වාගේ වුණා. සිසුන්ගේ පෞරුෂ වර්ධනය අමතක කරලා විෂය නිර්දේශය විතරක් කවර් කරන ටියුෂන් පන්තියක් වුණා පාසලත්. ඒ පීඩනය දරන්න බැරි පෞරුෂය හීන දරුවන් මත් ද්‍රව්‍ය හා වෙනත් එවැනි දේවල ගොදුරු බවට පත් වුණා.
අපේ ජනාධිපතිතුමාටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ජයවේවා!!! ඉතිරි කුණු ටිකත් පක්ෂයෙන් අයින් කරන්න.