IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


පර්පෙචුවල් පලිසේනට බෝනස් කෝටි 10 ක්

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාට එම සමාගම 2016 වසරේදී රුපියල් කෝටි 10 ක පාරිතෝෂිත දීමනාවක් ගෙවා ඇති බව බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගයේදී හෙළි විය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ‘සන්තෝෂම්’ ලබන ‘ලිට්ල් ජෝන්ලා’ වශයෙන් හඳුන්වන වෙනත් ආයතනවල ප‍්‍රාථමික ගැනුම්කරුවන් පිළිබඳව විමසූ අවසථාවේදී 2016 වසරේදී කසුන් පළිසේන මහතාට එම සමාගමෙන් රුපියල් කෝටි 10 ක පාරිතෝෂික දීමනාවක් ගෙවා ඇති බව හෙළි වූ අතර ඔහු ඒ බව කොමිසම හමුවේ පිළිගත්තේය.

2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති), ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරු හමුවේ සිදු කෙරේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ නැවත ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් කසුන් පළිසේන මහතා දුරකතන සංවාදවලදී ‘ලිට්ල් ජෝන්ලා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ‘සංතෝෂම්’ ලබන වෙනත් ආයතනවල ප‍්‍රථමික ගැනුම්කරුවන් බව පිළිගත්තේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා -  ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද?

පිළි. මා දන්නේ නැහැ.

ප‍්‍ර. ඔබ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැනුම්කරු හා එහි ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළා නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. එහෙනම් ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද කියා ඔබ නොදැන සිටීමට හේතුවක් නැහැ නේද?

පිළි. මා දන්නේ නැහැ.

ප‍්‍ර. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම 2016 වසරේදී පාරිතෝෂික දීමනාව වශයෙන් ඔබට කොපමණ මුදලක් ගෙව්වාද?

පිළි. රුපියල් කෝටි 10ක පාරිතෝෂික දීමනාවක් මට ගෙව්වා.

ප‍්‍ර. 2016 වසරේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වැඩිම පාරිතෝෂික දීමනාව ගෙව්වේ ඔබටද?

පිළි. ඔව්.

ප‍්‍ර. ඔබ 2016 වසරේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ වැඩිම පාරිතෝෂික දීමනාලාභියා වූ නිසා ‘ලිට්ල් ජෝන්ලා’ කවුරුන්දැයි යන්න ඔබ හෙළි කරන්නේ නැතැයි කියා මා යෝජනා කරනවා.

පිළි. මා ඒ යෝජනාව පිළිගන්නේ නැහැ.

කොමිසමේ සාක්කි විභාගය සිදු කෙරේ.



අදහස් (20)

පර්පෙචුවල් පලිසේනට බෝනස් කෝටි 10 ක්

ajit Monday, 18 September 2017 05:21 AM

එදා වේල හොයා ගන්න බැරි මිනිස්සු ඉන්න රටක මෙන්න නියම හොරු. දැන්වත් රජය මොවුන්ට දැඩි දඬුවම් දියයුතුයි. කෝටි 10 බෝනස්, කජු ඇටද? කොස් ඇටද?

:       11       332

HafeelMonday, 18 September 2017 08:10 AM

මොන දඬුවම්ද මේ දඬුවම් සාමාන්‍ය අයට පමණයි. රනිලු සමඟ මහේන්ද්‍රන් සාකච්චාවක් පවත්වාවි. පසුව කෙලින්ම රෝහල් ගතවේවි. ඔවුන්ට සැප තමයි. මේක තමයි අවසානයේ වෙන්නේ. මහා බැංකු වංචා නඩු සාක්ෂි පිට වීසි වේවි. මල්ලෙන් එළියට ආව. ඔවුන් දන්නවා ඉදිරියට වෙන්න දේවල්.

:       6       239

ධම්මMonday, 18 September 2017 09:25 AM

ඇයි ඉරිසියයිද? 'ලිට්ල් ජෝන්' කෙනෙක්වත් වෙන්න බලන්න.....ඉරිසියා නොකර..

:       11       122

raveendra Monday, 18 September 2017 05:44 AM

" රුපියල් කෝටි 10 ක පාරිතෝෂික දීමනාවක් " මෙම ප්‍රමාණයක් එක්කෙනෙකුට ලැබුනේනම් මෙම හොර ආයතනයට කොපමණ ලාභයක් ලබන්නේද යන්න අපට නම් සිතීමටවත් නොහැක. මෙවැනි ජාතික අපරාධ වලට, මහා මංකොල්ලයට යන්තමින් හෝ සම්බන්ධ වුණු අයට ජාති ජාති වන්දි ගෙවන්න වෙනවා.

:       10       942

Lapaya Monday, 18 September 2017 06:01 AM

මේකත් දත් දොස්තරගේ එක ළුෑණු බිකක් වෙන්නැති.

:       0       769

Upali Monday, 18 September 2017 06:09 AM

මේ කෝටි 10 ට ආදායම් බදු ගෙව්වාද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ ගැන සොයා බලනවාදැයි දැන ගැනීමට කැමතියි.

:       3       441

sudes Monday, 18 September 2017 06:26 AM

මෙච්චර වංචාවක් වෙලා තියෙනවා කියලා පෙනී පෙනී මේ වගේ මිනිස්සු පැත්තටමනේ කතා කරන්නේ.

:       24       451

Indika Monday, 18 September 2017 07:12 AM

තවම මේ මිනිස්සු එළියේ ඉන්නේ කොහොමද??

:       0       390

ruchira Monday, 18 September 2017 08:16 AM

අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී මේ ගනුදෙනුවේ කිසිම වැරැද්දක් වෙලා නෑ කියල කිව්වා වගේ යාන්තමට මතකයි වගේ දැනෙනවා. පාර්ලිමේන්තුවට බොරු කිව්ව අයව කොමිසමට ගෙන්නන්න බැරිද?

:       0       277

raveendraMonday, 18 September 2017 08:36 AM

මේ උන්දෑට උපන්දා ඉඳලා ගණිතය අවුල්. ඉතින් ලෝකේ ඉන්න හොඳම වැඩකාරයෝ නේද මේ. ඒක නිසා වැරැද්දක් වෙලා නැහැ. හරිම සරල උත්තරේ.

:       0       58

rama Monday, 18 September 2017 08:39 AM

මේකේ වරදක් නේ..... ඕන කෙනකුට උසාවි යන්න පුළුවන්.....

:       1       5

mahendran Monday, 18 September 2017 09:26 AM

මොහුව අල්ලලා හිරේ දාන්න පුළුවන් ආදායම් බදු වංචා කර රජයට ගෙවිය යුතු මුදල් නොගෙවීම මත. ඔට්ටුයි මෙයා ඔය කෝටි 10 ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්නලා නැහැ . එහෙම වංචාවක් කරන කෙනෙක්ට වෙන වංචා කරන එකසුලු දෙයක්....

:       0       68

sanath Monday, 18 September 2017 09:29 AM

බෝනස් වැඩිම උනොත් අවුරුද්දකට දෙපාරක් දෙනවා. එක පාරකට මාසික පඩිය වගේ දෙගුණයක් තමයි දෙන්නේ. එහෙම බැලුවොතින් මේ මනුස්සයාගේ මාසික වැටුප රුපියල් කෝටී 2 කට වැඩියිනේ. මං ආණ්ඩුවේ ජේ්‍යෂ්ඨ විශේෂඥයෙක් වෙලත් මාසෙකට ලැබෙන්නේ 125000/- විතරයි.

:       2       9

RaveendraMonday, 18 September 2017 10:29 AM

ලගදි අපි දැක්ක දැන්වීමක් මිනිස් ආත්ම ලබපු අමනුස්සයන් හට " ඕනෑම බලුගුත්තේරු වැඩක් කර නිදස්වීමේ පුදුමාකාර හැකියාවක් ඇතිබවට " ,තවද එහි මෙසේද සදහන්විය. එවැනි අමනුස්සයන් සහ උන්ට සම්බන්ද කිසිවෙකු සිටීද හැම එකාම තම තමන්ගේ පවුල්පිටින්ම විනාශ වනබව.

:       0       1

amathi thuma Monday, 18 September 2017 12:32 PM

ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙක් බව පේනවා කියන කතාවනේම.. බෝනස් කියන්නේ ලබන ලාභය නිසා හිතේ කැමැත්තෙන් දෙන දීමනාවක්. පුද්ගලික ආයතන වලට පුළුවන් හිමිකරුගේ කැමැත්ත අනුව ඕනෑම කෙනෙක්ට ඕනෑම ගානක් දෙන්න. ඒකට සීමාවක් නිර්ණයක් නැහැ.

:       0       0

rohana Monday, 18 September 2017 10:28 AM

රවී කරුණානායකට කියක් ගියාද දන්නේ නැත .

:       0       3

himal Monday, 18 September 2017 10:32 AM

මෙම ආයතනය පුද්ගලික ආයතනයක්. මහ බැංකුව යටතේ පාලනය වන්නක් නොවෙයි. සිදුවීම කුමක් වුවත් පුවතේ මහ බැංකුවේ නාම පුවරුව නැතුව මෙම ආයතනයේ නාම පුවරුව දැම්මා නම් සාධාරණයි.

:       0       0

sudes Monday, 18 September 2017 11:00 AM

ඇත්තම කියනවා නම් හරිම දුකයි අපේ රට ගැන. මේක පැහැදිලිවම මහා මුදල් මංකොල්ලයක්. අපිට සිතා ගැනීමටවත් බැරි තරමේ මුදල් කන්දරාවක් මෙහෙම අමු අමුවේ මල්කොල්ල කාලා තියෙද්දී. මේ රටේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? මේ කරපු ජාතික අපරාධයට ඇලෝසියස් ට කවදාවත් සැනසිල්ලක් නම් උදාවෙන්නේ නැහැ...

:       0       30

හෂාන්- මෙල්බන් Wednesday, 20 September 2017 12:05 PM

ඒ අවුරුද්දේ දවසක අදායම කෝටි 3 කට ආසන්න වෙනකොට, කෝටි 10 ක බෝනස් ගෙවන එක මහා කජ්ජක් නෙමෙයි.

:       0       25

හෂාන්- මෙල්බන් Wednesday, 20 September 2017 12:54 PM

"පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම 2015/2016 මුදල් වර්ෂය තුළ දී රුපියල් කෝටි 1100ක ලාභ උපයා ඇති බව ද කොමිසමේදී සාක්කි මගින් අනාවරණය විය" ඉතින් කෝටි 10 ක බෝනස් එක මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ගන්න අවසර
2025 මැයි මස 03 142 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි


පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 750 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 345 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 1157 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 512 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 2231 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 551 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 147 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1168 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site