රංජන් කස්තුරි
සියලු පළාත්සභාවල ඡන්දය එකම දිනයක පැවැත්වීමේ විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ අදහස අතහැර දැමීමට ආණ්ඩුව තීන්දු කර තිබේ.
එය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකිස් සම්මත කිරීමකට අමතරව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඇතැම් නීදි විශාරදයින් රජයට දැනුම්දී තිබෙන නිසා 20 සම්මත කර ගැනීම අතහැර දැමීමට රජය තීන්දු කර ඇත.
එම සංශෝධනය ලබන බදාදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඕකට මොකද ඔච්චර බය?
ඇතැම් නීදි විශාරදයින් රජයට දැනුම්දී තිබෙන නිසා 20 සම්මත කර ගැනීම අතහැර දැමීමට රජය තීන්දු කර ඇත.?? ලංකාදීපේ ඇත්ත කියනවා.
එතකොට ඕකට චන්දෙ දුන්නේ නැහැ කියලා දඬුවම් හැටියට පළාත් සභා ඇමතිකම් නැතිවුණු අයට ආපසු ඒ ඇමතිකම් දෙනවාද.
හොද ආණ්ඩුවක් තමන් කරන්න හදපු දේ කෙසේ හෝ කරන්නට උත්සාහ කොකර අනුන් කියනා දේටත් ඇහුම්කන් දී හරි දෙය කල යුතුයි. එයයි අපි ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්නේ
හරිම කනගාටුයි චන්ද පොරොන්දුත් මෙහෙමෙ වෙයිද?
එතකොට පහුගිය කාලේ ජනාධිපතිට සදා කල් ජනාධිපතිවරණ ඉල්ලන්න පුළුවන් විදියට ව්‍යවස්ථා සංශෝධනය කලේ ජනමත විචාරණයක් තියලද?
ආණ්ඩුවේ "විස්ස පරවෙලා" කියලා මුළු රටම දන්නවා. තමන් ඇඳන් ඉන්නේ ලෝකයේ වටිනාම ඇඳුම කියලා රජ කෙනෙක් නිර්වස්ත්‍රව අැවිද්දෙව්වලු. මේ ආණ්ඩුවත් තමන් හොඳම ඇඳුම ඇඳලා කියලා හිතාගෙන ඇවිදිනවා. නියමෙට ගොනාට අන්දලා. ඒ මදිවට ජාත්‍යන්තරය ජය ගත්තා කියල අන්දවලා බටහිර දෙන ඔක්කොම ලණු කනවා.
නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කිව්වලු.