(ආරියරත්න රණබාහු)
හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා අද(19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තේය.
මෙම ආණ්ඩුව යන මග වැරදි බවත් ආණ්ඩුව පෙරළන තුරු සටන් කරන බවත් ප්‍රකාශ කරමින් ඔහු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග අසුන් ගත්තේය.
(ආරියරත්න රණබාහු)
හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා අද(19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තේය.
මෙම ආණ්ඩුව යන මග වැරදි බවත් ආණ්ඩුව පෙරළන තුරු සටන් කරන බවත් ප්‍රකාශ කරමින් ඔහු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග අසුන් ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මෙයා වෙන මොනවා කරන්නද, විපක්ෂයේ අසුන් නොගෙන
ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව පෙරලනවා කියල නේද ඉස්සෙල්ලා කිව්වේ. ලබන ඡන්දෙන් මෙතුමා පෙරලෙන එකනම් ඒකාන්තයි.
මේ හැමෝම හැසිරෙන්නේ තමන්ගේ වාසියට විතරයි.
ඇමති ආසනයෙන් නැගිට්ට විතරයි, මෙන්න යකෝ මොළේ පැදිලා! ඇමති අසුනේ ඉන්න කාලේ මොළේ උඩ ඉඳගෙන හිටියවත්ද?
එක පිළලයක් යහපාලන රජයෙන් ගැලවුණා. ඉතිරි ටිකත් කරදරයක් නැතුව ඕව විදියට යනවනම් තමයි හොඳ.
බුධියට මුල්තැන දී ඡන්දය පාවිච්චි කරලා දැන් ඉන්න සහ හිටපු සියලුම දුෂිත දෙෂ්පලකයන්ව ඉවත් කල යුතුයි. ඒ වගේම ඡන්දෙ පැරදිලා ජාතික ලැයිස්තුවෙන් අපු අයවත් ගෙදර යැවිය යුතුයි. මේ සියලුදෙනාම තමන් හැදෙනවා මිසක රට ගැන සිතීමක් නැත.
ඇමැතිකමත් එක්ක ඒ සැප සම්පත් භුක්ති විඳිනකොට ආණ්ඩුව හොඳයි . ඇමතිකම නැති උනාම ආණ්ඩුව යන මග වැරදි . නරියා මිදී කන්න ගිහින් කියපු කතාව මතක් උණා.
විපක්ෂේ වාඩි වෙන්න විපක්ෂේ කොහෙද? තියෙන්නේ කවුද? විරුද්ද පක්ෂය
ලක් වැසියනේ අපේ රට හැදිය යුත්තේ දේශපාලඥයන් නොව අපි බව තේරුම් ගන්න. ජරාජීර්ණ දේශපාලකයින් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් සමඟ සන්ධානගත වෙමින් පහුගිය සමයේ කලේ එතනෝල් පිටරටින් ගෙන්වමින් රටතුළ සාදන මත්පැන් වලට කවලම් කර සැර වැඩිකර ලක් වැසියාටම පෙවීමයි. ඒ නිසා මේ අයව සහ හොරුන්ව සහ හොරුන්ට ආධාර කර ඇති හොරුන්ව රැක ඇති දේශපාලකයින්ව සහ ඔවුන්ට ගෑවිච්ච කෙනෙක් වත් නැවත පාර්ලිමේන්තු නම් යවන්න එපා. ඔබගේ වටිනා ඡන්දයට මෙලෙස වටිනාකමක් එක් කරන්න.
මේවගේ තවත් අය ගියොත් යහපාලනයත් ගොඩ රටත් ගොඩ ජනතාවත් ගොඩ.
මම විතරද හැමදාම විපක්ෂයේ.
මෙයා ගැන ජනතාව දන්නවා හොදට. ඉතාලියේ ඉන්නවයි කියපු එකනලිගොඩට දැන් මොකද උනේ කියන්නකෝ! දැන් ඒ කතාව අමතකද?
ටීච -කියන්න බලන්න දුෂිත දේශපාලකයෝ අන්තිමට නවතින්නේ කොහෙද කියල.... ළමයි- "ටීච, බන්ධනාගාර රෝහලේ". ටීච - හොඳයි, එහෙනම් කියන්න බලන්න බන්ධනාගාර රෝහලට යනකම් ඒ අය ඉන්නේ කොහෙද කියල. ළමයි - "ටීච, විපක්ෂේ".
මේ වගේ අය නම් කොයි ගොඩේ හිටියත් අපටවත්, රටටවත් සෙතක් නැහැ. මේ රටේ බුද්ධිමත් ජනතාවට අවශ්‍ය වන්නේ ඔළුගෙඩි එකතු කරලා ගොඩ වැඩි කර ගන්න නායකයින්ට වඩා මොලගෙඩි එකතු එකතු කරලා රට හදන නායකයිනුයි. එහෙම මොලගෙඩි එකතු කරලා රට හදන නායකයින් අපේ රටේ ඉන්නවද කියන එක තමයි අපිට තියන ප්‍රශ්නය??
වෙන කොහේ යන්නද, පුරුදු නවාතැනට යනවා මිසක්.
මෙවගේ අය රටේ පාලන තන්ත්‍රයේ ඉන්නවා කියන්නේ එම රටට දෙවියන්ගේම පිහිටයි ..
එක්නැලිගොඩ ඉන්නවා දැක්කා කියපු අය ගැන තව කතා මොකටද ..?