ව්‍යවස්ථාව අනුමත කිරීමට වඩා සයිටම් ප්‍රශ්නය විසඳීමට රජය ප්‍රමුඛතාවය දිය යුතු යැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
“මාස හතක් තිස්සේ වෛද්‍ය ශිෂ්‍යයින් 6500ක් දේශනවලට යන්නේ නෑ.සීමාවාසික වෛද්‍යවරු බිහි වෙන එක නැවතිලා නිසා මේ අවුරුද්දේ වෛද්‍යවරු 1200ක් රෝහල්වලට එන්නේ නෑ.මේක රජය වහාම විසඳිය යුතු ප්‍රශ්නයක්.
මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගතයත් එක්ක.මගේ නම් මතය ව්‍යවස්ථාව අනුමත කරනවාට වඩා ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳන්න“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ දේශපාලන වුවමනාවන් ඉටු කරන්න ගිහින් වෛද්‍ය සිසුවෝ අවුරුද්දකින් ජූනියර් වුන එක විතරයි වුනේ.
මෙයා දැන් මහා ලොකුවට මේ ප්‍රශ්නය ගැන කතා කරනවා. 2009 ඉඳන් 2015 වෙනකන් මෙහෙම ප්‍රශ්නයක් තිබුණා පේන්න නැතුව ඇති නේද? දැන් මේකෙන් පෙන්නන්න හදනවා පොරක් කියලා.
වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇතිවේ නම්, ඉන්දියාව, නේපාලය, බංගලාදේශය වැනි ආසියාතික රටවල වෛද්‍යවරුට ඔවුන් කැමතිනම්, ලංකාවේ සේවය කරන්න ඉඩ සලස්වන්න. මහජන ඡන්දයෙන් පත්වුන ආණ්ඩුවේ ප්‍රමුඛතාවය සහ යුතුකම ලංකාවේ වෛද්‍ය මාෆියාවට ඔලුව පාත් කිරීම නොව, කෙසේ හෝ මහජනයාට අවශ්‍ය සෞඛ්‍ය සේවාව ලබා දීමයි.
කතාව අැත්තය. අද මුළු වෙෙද්‍ය අධ්‍යාපනයම කොට උඩය. ලබන අවුරුද්දේ දොස්තරලා නැත. සයිටම් නාටකය දැන් මුළු රටටම හිසරදයක් වී හමාරය. මෙය හුදෙක් උපාධි අායතනයක අැති ගැටළුවක් පමණක්ම නොව සමස්ථ ලංකාවේම ජනතාවගේ නීරෝගි බව තීරණය කරන වැදගත් සාධකයක් බවට පත්ව අැත. අපේ රටේ දේශපාලනය ගෑවුණු හැම තැනම අසුචි ගොඩවල්ය. එ් අකාරයටම දැන් සයිටම් යනුද එවැනිම තැනකි. වෙෙද්‍ය රාජිතලාට හා මාර්ග අැමැති කිරිඅැල්ලලාට අැත්තේ සයිටම් අයිතිකාරයාටවත් වත් නැති රුදාවකි. දේශපාලන මුදල් අසුචි වලේ සයිටම්ද අද වැටී අැති බව නොරහසකි. එසේම මෙහි දී දේශපාලනයට හා මුදලට යටවුණු ස්ථානයක ගුණත්වයෙන් යුතු විශ්වාසයක් අැති වෙෙද්‍යවරයෙක් බිහිවීම කිසිවිටක අපේක්ෂා කළ නොහැක්කකි. වෙෙද්‍ය අධ්‍යාපනය මුදලට හෝ බලයට නතු නොවිය යුතුමය. එය එසේ නොවුණු හොත් අනාගතයේදී, අද ඉන්දියාවේ අැතිවී අැති තත්වයට වඩා භයානක ප්‍රථිඵල ලංකාවේ වෙෙද්‍ය ක්ෂේත්‍රයට අැති කරනු අැත. අැත්තේ විසඳුම් දෙකකි. එක්කෝ සයිටම් වැසිය යුතුය. නොමැති නම් මුදලට නොව මුදල් අැති නැති ඕනෑම දක්ෂයෙකුට වෙෙද්‍යවරයෙක් වීමට එය ජනසතු විය යුතුය.
මේ වගේ රටට බලපාන ප්‍රශ්න ඉක්මනට විසඳිය යුතුයි. මේ ආණ්ඩුව ගොඩ යන්න තියන එක මාර්ගයක් තමා මේ ප්‍රශ්නය ඉක්මණට විසඳන එක. මේ ගැන යාවත්කාලීන කරනවට ලංකාදීපයට ස්තුතියි. මේවා යට ගහන්න හොඳ ප්‍රශ්න නෙමෙයි.
ඔබ හරි ඇමැතිතුමනි, එත් ජී.එම්.ඕ.ඒ. එක යන ඔතෑනි ගමන ඉවර වෙන්නේ ලොකු විනාසයකින්...
සයිටම් පටන් ගත්තේ කවුද? ඒ කාලේ නිසි ප්‍රමිතීන් ඇති කරලා අනාගතයේ ඇතිවන වෛද්‍ය අධ්‍යාපන ප්‍රශ්න විසඳන්න බැරි වුණාද? දැන් මොනවද මේ කියවන්නේ? මෙවැනි අවස්ථාවාදීන් නිසා තමයි ලංකාවේ හැම ප්‍රශ්නයක්ම ඔඩු දුවන්නේ.
රජය විසින් හෝ සයිටම් එක විසින් හෝ වෙනත් කිසිම ආයතනයකින් වෛද්‍ය ශිෂ්‍යයින්ට දේශනවලට නොයා පාරක් පාරක් ගානේ රස්තියාදු වෙන්න කියල නෑ. ඔවුන් විසින්ම දේශපාලන අතකොළුවන් සේ තමුන්ගේම අනාගතය අඳුරු කර ගැනීමක් කරගන්නවා. අද සිටම මේ සියලු දෙනාටම පන්ති වලට යා හැකිය. රජයේ මැදිහත් වීමක් අවශ්‍ය නැත. පුද්ගලික පාසල්, පුද්ගලික විශ්වවිද්‍යාල, පුද්ගලික රෝහල් සහ අනිත් සියලු පුද්ගලික ආයතන රටකට අවශ්‍යයි. සයිටම් තිබ්බත් නැතත් ඔය පාරේ නටන කිසිවෙකුට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැත. මෙය ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් පමණයි.
සයිටම් එපා. එහෙත් ප්‍රමිතියක් ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කළ යුතුයි. වෛද්‍ය ශිෂ්‍යයෝ දේශනා වලට සහභාගි වෙනවා නම් එ්ක ඒ අයගේ වැඩක්. පිටරටින් වෛද්‍යවරු ගෙන්වමු. ලෝකයෙන් හොඳ වෛද්‍යවරු ගෙනආ හැකියි.
මෙය අන්තිම මොහොතේ යහපාලනයේ එල්ලිලා ගොඩ ආපු කෙනෙක්. රජතුමාගේ රෙජිමේ ඉන්නකොට පූස්පැටව් වගේ හිටියේ. දැන් පොරටෝක් දෙනවා. ජනාදිපතිතුමනි මේ අය ගෙන් ප්‍රවෙශම් වෙන්න. එක කකුලක් අර පැත්තේ තියෙන්නේ...
වැඩකට නැති දෙයක්... මහින්ද මහත්තයවත් පාවාදුන්නා. ශ්‍රී ලංකා එක ඉවරකළා. අපිට වැඩක් නෑ. කඩුවෙල එපා.
කතාව ඇත්ත. නමුත් ඔබත් රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් නේද? මේ රජය බලයට පත්වෙන කොටම දන්නවා නේද? සයිටම් කුණු කන්ද ඇතුළු ගැටළු ගණනාවක් තිබුණා.
ගරු හිටපු ජනාදිපතිතුමනි, ඔබතුමාගේ රජය විසින් ඇතිකරනලද ගැටළු 3ක් ඇත. මේවාට විසඳුමක් දෙන්නකෝ. 1.ණය ගැටළුව සහ පොර්ට්සිටි පරිසර විනාශය. 2. සයිටම් 3 උමාඔය.
පසුගිය ආණ්ඩුව කාලේ සයිටම් ප්‍රශ්නය නොවිසඳපු නිසා, දැන් ආණ්ඩුව මේක විසඳීම කොහොමත් බලාපොරොත්තු තියන්න අමාරැයි. දැන්..සයිටම් ....ප්‍රශ්නයට දේශපාලන නායකත්වය දෙන... ජවිපෙ එක 20 එකට පක්‍ෂව ජන්දය දී මෙන් ඒ ගොල්ලන්ගේ ජවිප හිතවත් ඡන්ද නැතිකර ගත්තා. ඒක ඩීල් එකක්ලු එහෙම නම් ඒ ගොල්ලන්ගේ. ඩිමාන්ඩ්ස් වලට ඒක එකතු කරන්න තිබුණා. සිදුවුණේ ජවිපෙ ඡන්ද නැති කරගත්ත එක විතරයි. ප්‍රමාද තමා... ඒත් ජාතික අවශ්‍යතාව සලකා බලා දැන්වත් ඒක කරගන්න...
ඔබතුමා නේද වරක් සති අන්තෙ පුවත් පතක කියා තිබුණේ... මෙමත්‍රිපාල ජනාධිපති වුණාට ආණ්ඩුව ගෙනියන්නේ අගමැතිතුමා කියලා. තවද ඔබ නියෝජනය කරන කැබිනට් එකත් ජනපතිතුමා, අගමැතිතුමාට දොස් කිව්වා නේද? මහින්ද පාර්ශවය ආරක්ෂා කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ භේද ඇති කරමින් 2020 ජනාධිපතිවරණය දිනන්න උත්සාහ කරන බව... ඉතින් ආයෙත් මොනවට රජය තුළ තවදුරටත් ඉන්නේ? ඔබලා බලයට එනකොට දන්නවා නේද? සයිටම්, කුණු කන්ද ඇතුළු ගැටළු ගණනාවක් රටතුළ තිබෙන බව...
ඔබතුමා ඕක හදන්න රුපියල් මිලියන 600 දීපු ආණ්ඩුවේ කැබිනට් එකෙත් හිටියා. දැන් යහපාලන ආණ්ඩුවේත් ඉඳගෙන කතාකරන්නේ හරියට නිදාගෙන ඉඳල නැගිට්ටා වගේ... අපි ඡන්දේ දීලා ඔබතුමාලා පාර්ලිමේන්තු යවලා ඔබතුමාලාව නඩත්තු කරන්න අවුරුද්දකට රුපියල් කොටි කිහිපයක් ජනතා මුදල් වියදම් කරන්නේ.... මෙවැනි ප්‍රශ්න ආණ්ඩුව තුල, පාර්ලිමේන්තුව තුල සාකච්ඡා කර විසඳන්න. ජනප්‍රිය වෙන්න ජනතාවට ආඩපාලි කියල බේරෙන්න ඔබලාට බැරිය. අනිත් කරණය ඔය සයිටම් එක තිබුණත් නැතත් අපට ප්‍රශ්නයක් නැත. අපි දොස්තරලගේ බෙහෙත් ගන්න මුදල් ගෙවන්න ඕනේ නැත්නම් වෙන්නේ රජයේ රෝහලවල වරු ගණන් රස්තියාදු වෙමින් දුක් විඳින්න. වෛද්‍ය සිසුවෝ ඉගෙනීම පාඩු කරගෙන මහමග රස්තියාදු වෙන්නේ... දොස්තර සංගමයේ මඩිය තර කරගන්න මිසක් ජනතාවගේ යහපත වෙනුවෙන් නොවන බව සිතට ගන්න..
වලිගේ තිබුණා නම් හොරු මරං කනවා.. තමයි.
නන්ද අපි හැමෝම එකතුවෙලා ජනතා විමුක්ති ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරියේදී හදමු. පළාත් සභා එකම දිනක පවත්වමු.... වැරැද්ද දෙන්නේ ආණ්ඩුව 2018 මැතිවරණ පැවැත්තුවේ නැත්නම් පමණයි. ඉස්සර ප්‍රාදේශීය සභා සභාපතිලා කරපු වැඩ මතකද? කාන්තා නියෝජනය වැඩිකලොත් ඔච්චර වටිනවද.? ජනතා විමුක්ති පෙරමුණ ඡන්දෙ දුන්නේ සත් භාවයෙන්.
මෙයා නිදාගෙන හිටියට මහින්ද මහත්තයත් ආණ්ඩුවෙන් නෙවිල්ට සල්ලි දුන්නා නේද? ඇමතිකම් දැරීමට සුදුසුද?. එදා මෙයත් ගෝලයෙක්.
එක පාරටම මෙයාලට පුදුම දේවල්නේ හිතෙන්නේ. කවුද මේ ප්‍රශ්නය හැදුවේ? මහින්දගේ ආධාර මත රඟපාන සයිටම් විරෝධී කණ්ඩායම් 2015 වෙනකම් නෝ කතා නෝ සිනා...
මෙයා පනින්නයි හදන්නේ. කඩුවෙල ඡන්දදායකයිනි. ඉලපත් ලෑස්තිකර ගන්න ඕනේ... ඡන්දය ජවිපෙට දෙමු.
ඇමතිතුමා ඔබ හරි. ගිය ආණ්ඩුවේත් ඔබ ප්‍රබල ඇමති කෙනෙක් නේද? එදා ඔබ නිහඬව සිටියේ අැයි? ඇමැතිකමත්, ආසන සංවිධායකකමත් අතහැර මන්ත්‍රී කමෙන් ඉල්ලා අස්වෙන්න බැරි ඇයි?
සයිටම් ගැන මිට වඩා ඔබ නොදන්නවා. ඔබ සමග පහුගියකාලේ ඉඳල ඉන්න යාලුවන්ගේ මඩිස්සල්ල ගැනත් ඔබ නොදන්නවා කියල හිතන්න අමාරුයි. කැබිනට්ටුවේ ඔබතුමත් ඉන්නවනේ. අනික කොයි කොයි කිල්ලොටෙත් හුණු තියනවනේ.
අනේ ප්‍රේම් ඔයා බොර දියේ මාළු බානවද ??
ඉතින් ඔය මහත්මයත් හිටියනේ ඕක පටන්ගන්න කාලේ ඒ රජයට අනයුක්ත වෙලා.එදා දකින්න බැරි උනාද මේ වගේ ව්‍යසනයක් වෙයි කියල.එදා අර නොකියන එක මුට්ටු වෙලා නේද හිටියේ?
ඔව් ඉතින්, අලුත් ව්‍යවස්තාව කොට්ඨාශ චන්ද ක්‍රමයත් එක්ක ආවොත්, ඔහේල ගෙදර තමයි.. සයිටම් එක අල්ල ගත්තොත් තව කාලයක් අතගගා යත හැකියි නේද ? දෙකම එකපාර කලානම් හොඳ නැද්ද ?
ඇත්ත කතාව, ඒත් කියන්නේ තවත් දේශපාළන කුහකයෙක්,සයිටම් වසා දැමීම අනිවාර්‍යයි ,ඒත් මේකේ දැන් දිගටම එල්ලිලාම ඉන්නේ ශිෂ‍්‍ය මල්ලිලා,නංගිලා විතරයි දොස්තර මහත්තුරැ රැකියාව නැවැත්තුවේ නැහැ,ඒක කමක් නැහැ දුප්පතුන්ට සරනක්නේ නමුත් දිගටම චැනල් නැවැත්වීම රඡයට බලපෑමක් කරන්න අනිවාර්‍යයි .ඒ කැපවීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ,ඒ ශිෂ්‍ය පංති වර්ජනය නිකම්ම විගඩමක් බවට පත්ව ඇති නිසායි
රටේ අනාගතය ගැන කතා කොරන මෙයා ඇමති වෙලා ඉන්න කලේ ප්‍රශ්න පත්‍ර පාරදිගේ තිබුණා; දැන් කට වහගෙන ඉන්නෙක තමා හොඳ !
බාල ඉන්දන ගෙන්නපු මහත්තය ඒ පාර මොකාටද අඳින්න හදන්නේ . මොකක් හරි මුදල් හදල් අඩුපාඩුවක් ද දන්නේ නැ, පවු අහිංසකය .
සෛටෙම් වහන්න ,,,සෛටෙම් නොව කිසිම පුද්ගලික වෙද විදුහල් එපා ,,දත් රාජිත ,,,දකුණු ආසියා වේද විදුහල් ගැන කට කිරීමත් ඇවිලෙන ගින්න ට පිදුරු දැමීමක් හා සමනය ,,,පාලකයනි නිද්‍රාවෙන් අවදිවව් ..කන් පිරිසිදු කරගනිව් ,,,මෙම ගදගහන තීන්දු තීරණවල ගද දැනීමට ,,නාස් පිරිසිදුකර ගනිල්ලා ,,,සෛටෙම් වසදමව් ,,මෙතන කිසිම දේසපාලන න්‍යාය පත්‍ර නැහැ මෙය ජාතික පොදු ප්‍රස්නයක ,,සෛටෙම් වසාදමන්න මගේ අප්පල කරුණාකරලා
"හා සර් හරි සර් මම කැමති....යි සර්..." කාලේ මෙයා හිටියේ නැතුව ඇති නේද...?
"හා සර් හරි සර් මම කැමති....යි සර්..." කාලේ මෙයා හිටියේ නැතුව ඇති නේද...?
2015 මැතිවරණයේදී මුලික තේමාව වුයේ අධික විධායක බල සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරනවයි කියල. ජනතාව ඒ වෙනස බලාගෙන ඉන්නේ, සයිටම් බිහිකළේ ඔබතුමා සිටි පෙර රජය. ඒ අවදියේ ඔබතුමා පූස් පැටියෙක් වගේ මහරජාණන්ට කීකරුව සිටියේ. දැන් මොනවාද මේ කතා, කිසිම රසක් නැති පතෝලකරලක්. 2020 බලාගෙන ඉන්නේ ජනතාව ඔය ඩබල් ගේම් කාරයින්ට වැඩේ දෙන්න?
මෙතුමා කියන කතා ගමන් ගන්නේ කවුද? මෙතුමාල එදා හරිට වඩා කළා නම් මේ ප්‍රශ්න වැඩි වෙන්නේ නෑනේ... ප්‍රමිතිගත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එකක් නොව 10 වත් අරඹමු....දොස්තරලා චැනල් වලින් කීයක් හම්බකරනවාද?
ඇත්තටම මේ වගේ පුවත් පලකරන එකත් වගකීමකින් තොරව කටයුතු කිරීමක්... මොකද මේ මනුස්සයා මේ හදන්නේ තමන් වීරයෙක් වෙන්න අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මිසක් අවංක කථාවක් නෙමෙයි. මොකද මෙයා ප්‍රබල ඇමතිවරයෙක් වෙලා හිටියා පසුගිය රජයේදී... මෙයා මේකට විරැද්ධව වචනයක් කථා කලාද මේ වගේ අයද අපේ නායකයො? කොන්ද පණනැති අය දැන් වීරයෝ වෙන්න හදනවා. කොන්ද පණ නැති මේ වගේ අවස්ථාවාදීන් හින්දයි කියන්නේ... මේ වගේ අවස්ථාවාදීන්ගේ දෙබිඩි කතා කියන අයට තවත් උදව්කරන්න එපා...
එන්. සුසිල් මහත්තයා... ඔයාගේ බිරිඳ කොච්චර සල්ලි අරගෙනද ළමයිව පාසල් වලට දැම්මේ.
ඔබතුමා නින්දෙන් ඇහැරුනේ කවද්ද? තත්වයෙන් බාල දේවල් ගෙනල්ල මහින්ද මහතයාවත් විනාශ කරා. එදා බුදියගෙන ඉඳල දැන් නින්දෙන් අවදිවෙලා.
දොස්තර ගොල්ලො හිතන්නේ තමන්ගේ මතය පමණක් හරි කියලා.. සමාජයේ හැම තැනකින්ම විශේෂ වාසි බලාපොරොත්තු වෙනවා. ඒකනේ කාර් පාස් එක පාරේ යනකොටත් ගහගෙන යන්නේ... මෙයාලා ඒකෙන් පොලීසියෙන් ගැලවෙන්න වගේ බාල වාසිත් බලාපොරොත්තු වෙනවා.
ඔබතුමා දැන් කොන්ත්‍රාත් කරුවෙක් වුණාද? මම හිතා උන්නේ වැදගත් මහත්මයෙක් කියලා... පළමුව පසුගිය රජය කාලේ ඔබ කල වැරදිවලට ජනතාවගෙන් සමාව යදින්න. දෙවනුව ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න බලන්න. තුන් වෙනුව ගාමිණී ජයසූරිය මහත්තයා වගේ සියල්ල අතහැර යතුරු බාර දී ගෙදර යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කර බලයේ සිටීම අනුමත නොකරාවි...
රුසියාවට වඩා ලොකුයිලු ඉරිසියාව. ගුණේ ගල් පැලෙන ඇත්තක් ලියලා තියෙන්නේ.