තුසිත කුමාර
අලුත්ගම දර්ගානගරයේ වැලිපිටියේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසු කැපුම් කෙටුම් තුවාල ලැබූ දෙදෙනකු අද (24) රාත්‍රී කළුතර නාගොඩ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියක් මෙම ගැටුමට හේතුවී ඇතැයි පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවකුට තවත් පිරිසක් ගොස් නැවත එවැනි වැරදි සිදු නොකරන ලෙස අවවාද කර ඇතැයි ද, ඊට කිපුණු පිරිසක් පසුව පැමිණ එම පිරිසට පහර දී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනකු දර්ගා නගරයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළු කර තිබේ. එක් පුද්ගලයුකුගේ හිසට තුවාල සිදුවී ඇතැයි ද ඔහු දැඩිසත්කාර ඒකකයට ඇතුළු කර ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි.
ගැටුමකට මූලික වූවකුගේ නිවසකට ද පහර දී ඇති බවත්, ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා අද (24) රාත්‍රී පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගැටුමකින් පසු දර්ගා නගරයේ දෙදෙනක් රෝහලට