IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


1000 දුම්රිය ටිකට්පත 3000ට විකුණලා

චමිල් රුපසිංහ
 
මහනුවර දුම්රිය ස්ථානයෙන් දුම්රිය මගීන් සඳහා නිකුත් කරනු ලබන සීඝ්‍රගාමී දුම්රිය ප්‍රවේශ පත  රුපියල් 1000.00 ටිකට් පතක් රුපියල් 3000.00  ට   අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තුමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
 
මෙම පුද්ගලයා මහනුවර සිට බදුල්ල දක්වාත් මහනුවර සිට  කොළඹ දක්වාත්  ගමන් කළ හැකි දුම්රි ප්‍රවේශ පත්‍ර කලින් මිලට ගෙන දුම්රිය කවුන්ටර‍යේ ටිකට් පත් අවසන්වූ පසු ඒවා වැඩි මිලට විදේශිකයින් සඳහා අලෙවි කරන බව පරීක්ෂණ මගින් අනාවරණයවී ඇත.
 
සිද්ධියෙන් පසු මහනුවර දුම්රිය ස්ථානයේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තිරණය කර ඇත.



අදහස් (9)

1000 දුම්රිය ටිකට්පත 3000ට විකුණලා

Chandana Fernando Sunday, 24 September 2017 02:15 PM

තොරතුරු මධ්‍යස්ථානය වහන එක නෙමේ කලයුත්තේ... මෙවන් ක්‍රියාවන් නොවීමට කටයතු කිරීමයි. අනේ මෙහෙමත් නිලධාරීන්...

:       1       153

Raveendra Sunday, 24 September 2017 03:05 PM

මෙය සුළුසිදුවීමක් ලෙස නොසලකන්න. මෙවැනි නිහීන ක්‍රියාවන්වලින් අප මවුබිමේ නම දිනෙන් දින විනාශ වනබව අප සැමෝම දන්නා නමුත් අදාල ආයතනද කණයෝ, බිරෝ ලෙසින් හැසිරීම කණගාටුවකි. ප්‍රවේශ පත්‍ර කවුළු නිලධාරීන් ද මෙයට සම්බන්ධකම් තිබීමට වැඩි ප්‍රවණතාවයක් ඇත. මෙම හැම සිදුවීමකින්ම වැටහෙන එක් සාධකයක් ඇත. අප මොනතරම් නම් "අවංක රටවැසියන්ද" යන්න.

:       2       173

upulMonday, 25 September 2017 08:17 AM

කෙත්තාරාම ක්‍රීඩාංගණයේ තරගයක් ඇත්නම් සියලු ප්‍රවේශපත් එකවරම කලින්ම විකිණේවි. රු1000 ටිකට් 5000කට දෙයි. මේවාට නීතිමය පියවර ගත යුතුයි.

:       0       2

L.GUNAWARDENA Sunday, 24 September 2017 03:46 PM

රවීන්ද්‍රගේ කතාව හරියට හරි, නිලධාරීන්ගේ සම්බන්ධ තාවයක් නැතිව මෙය කල නොහැකිය. නැත්නම් ටිකට් ගන්න මෙයා තවත් ටිකට් එකතු කර, කර මොකද මෙතන කරන්නේ? එයා කියනවලු මට කෝච්චිය මිස් උණා කියලා. අනිත් එකේ යනවා කියලා...

:       0       73

aravinda Sunday, 24 September 2017 03:53 PM

මෙය කලක් සිට සිදුවෙන වංචාවක් වන අතර, එය වැළැක්වීම අපහසු දෙයකි. හැකිතාක් මගීන්ට හට ප්‍රවේශ පත්‍ර වෙබ් අඩවි තුලින් "ඔන් ලයින්" මිලදී ගැනීමට උනන්දු කරවීම, නිකුත් කල දිනයට පමණක් වලංගු වන සේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම, ප්‍රවේශ පත්‍ර වල මිල ගණන් පැහැදිලි ලෙස දුම්රිය ස්ථානයේ ප්‍රදර්ශනය කිරීම, ප්‍රවේශ පත්‍ර කිකුත් කරන නිලධාරීන් වරින් වර ඊට ඉහල නිලධාරීන් විසින් නිරීක්ෂණය කිරීම වැනි දෙයින් මෙය යම් ප්‍රමාණයකට අවම කර ගත හැකියි.

:       0       36

ධම්ම Sunday, 24 September 2017 04:11 PM

දුම්රිය කවුන්ටර‍යේ ටිකට් පත් අවසන් නම් ඒ වගකීම ස්ථානාධිපති භාරගන්න ඕනෑ. දිනේ ගහලා එදිනට වලංගු කරන්නේ ටිකට් පත ගන්න වෙලාවෙනේ.

:       1       15

Nandalal DE SILVA - France Sunday, 24 September 2017 05:02 PM

මේක වෙන්නේ කොහොමද ? අපට තියෙන්නේ පුදුම ගමනාගමන පද්ධතියක් බව මෙයින් පේනවා. මෙයාට කවුන්ටර් ක්ලාක් උන්නැහේගේත් සපෝර්ට් එක තිබෙන බව නම් පැහැදිලියි !!!!

:       0       96

ase Monday, 25 September 2017 07:28 AM

මේවා කරන්නේ සංචාරකයින්ගෙන් කප්පම් ගන්න අය, උදව් කරන්නේ ටිකට් කවුලුවල ඉන්න නිලධාරින්... බොරු නම් නුවර දුම්රිය පොලේ විමසිල්ලෙන් ඉඳන් බලන්න.

:       0       4

අමල් Monday, 25 September 2017 08:58 AM

කලින් ඉඳන්ම ස්ත්‍රී පාර්ශවයට වැඩි තැනක් ලැබෙන තැනක් තමයි කොළඹ කොටුව ටිකට් දෙන තැන. සුදු ජාතික කාන්තාවක් එක්ක විනාඩි 10ක් කතා කරලා, ලංකාවේ, මිනිහෙක් ගිහින් තොරතුරු විමසු විට, ඉතා හදිස්සියෙන් හා කෝපයකින් යුතුව තමා උත්තර දෙන්නේ. ඇහුනේ නැති වුණාම ඊළඟ පාර මොකක්ද කියලා ඇහුවම තවත් අයට කේන්තියි. හැම කෙනාම නෙවෙයි සමහරක්. අනිත් දේ වැඩක් නැති වෙලාවේ ගේම් ගහ ගහ ඉඳලා කෝච්චි ටිකට් ඉල්ලුවම ටික වෙලාවක් අරන් තමයි... මොනවද ඕනේ ටිකට් කියලා අහන්නේ. ඡන්දෙට සපෝර්ට් කරපු රස්තියාදු කාරයෝ ඔය වගේ තැන්වලට ගියාම රටම අනාතයි. නුවරට ටිකට් ඉල්ලුවම ටිකට් එක රුපියල් 110යි කියනවා. එ්ත් ටිකට් එකේ තියන්නේ රුපියල් 105යි කියලා. රටේ ඉන්න ඔක්කොම හොරු. මේවා කියන්නත් කෙනෙක් නැහැ. මේවගේ දාලාවත් හිත හදාගන්නවා. උඩ ඉඳන්ම ඉන්නේ හොරු තමයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 15 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1998 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site