රංජන් කස්තුරි, වීඩියෝ ලාල් එස් කුමාර
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට යාමට සූදානම් වුවද තමාට වීසා නොලැබුණු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා එලෙස කීවේ අද සවස කැලණියේ පැවැති වැඩසටහනකට සහභාගී වී ආපසු යද්දී මාධ්‍යවේදී ඇසූ ප්‍රශ්නවල පිළිතුරු දෙමිනි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන පිරිස නම් කළ ජනාධිපතිවරයා විදේශ ඇමැති තිලක් මාරපන මහතා , නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු මෙන්ම තමාවද නම් කළ සිටි බව ඒ මහතා සඳහන් කළේය.
හත් අට දෙනෙක් යුද අපරාධ කළ නිසා රටටත්, තමාටත්, සමස්ත හමුදාවටත් අපකීර්තියක් සිදුවන බව ද ඔහු කීවේය.
ෆොන්සේකා මහතාගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී වෙන්න යන දේවල් ගැන නිමිත්තක් වත්ද?
ඔයා මේ පිනට ඇමතිකම් අරගෙන ගිහින් මොනවා කියන්නද එතන? ලංකාවට වෙලාම තව වැදගත් ප්‍රකාශ ටිකක් කලානම් නේද හොඳ?
අපොයි, නොගිය එකමයි හොඳ.
හැම විටම නැතත් මෙතැනදී ඇමෙරිකාව ගත් තීරණය නිවැරදියි ...!
තමාගේ කට පරිස්සන් කරගන්න බැරුව මෝඩ කතා කියල රටයි තමන්වයි හෑල්ලුවට ලක්කරගෙන දැන් මෙතන සුදනා වෙන්න එනවා.
වීසා කතාව බොරු වෙන්න ඇති. මෙතුමා කියවන නිසා ජනාධිපතිතුමා හලල යන්න ඇති.
දේශපාලනය කියන්නේ මඩගොහොරුවක් බව අපි ඔබතුමාට මොනතරම් කිව්වාද? එදා මහජනතාව ඔබතුමාට දණගසා වැන්දා නේද? මතකද ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ළඟ එදා මිනිස්සු ඔබතුමාට වැඳපු හැටි... නමුත් දේශපාලනය යන මඩ ගොහොරුව දෑතින් වැළඳගෙන ඔබතුමා ජනතාවගේ හදවත්වලින් මොන තරම් අද ඈත් වෙලාද ?එදා වැඳපු අපි ඔබතුමාට වචනයක්වත් නොකීවත් ඔබතුමාගේ වදන් අද රටට ජාතියට අහිතකර බව අපි කණගාටුවෙන් වුවත් කියනවා. නමුත් අපි තාමත් සිතන්නේ ඔබතුමා අපේ තිබෙන ගෞරවය එලෙසින්ම තබාගන්න මේ මඩගොහොරුවෙන් නික්ම යාවි කියලයි. ඔබතුමා රටක් දිනා දුන්නා... නමුත් ඒ ජය සතුරාට නැවත ලබාදෙන්න එපා...
ඒ දවස්වල මෙතුමා ජනාධිපති චන්දෙට එනකොට මහින්දගේ පැත්තේ අය කිව්වා නේද මෙතුමටත් ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් තියනවා කියල.
මෙවන් පින් ඇමතියෝ එහෙ ගියොත් වෙන්නේ පාවා දීමක්නේ. ඒ නිසා අවස්ථාවක් නොලැබුණු එකමයි හොද?ජනතාව ප්‍රතික්ෂේප කල අය පාර්ලිමේන්තුවට අරගෙන , රනිල් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක ජනතාව හොදින් දන්නවා.ඒ තමයි "බළල්ලු ලවා කොස් ඇට බවන්න"
මෙයා හිතුවේ සුදු කොඩි කතාව කියල මහින්ද රාජපක්ෂවයි ගෝටාබය වයි ඇමෙරිකාවට පවල දුන්නාම ඇමෙරිකාව මෙයාව පාවඩ දාල පිළිගනී කියලා. ඒක එහෙම උනේ නැහැනේ. උඩබලගෙන කෙල ගැහුවහම මෙයා දන්නේ නැහැ ඒවා මුනටම වැටෙනවා කියලා. හොද වැඩේ මෙයාට වුනදේනම් දැන්වත් හැදෙයිද දන්නේ නැහැ.
හොඳ වැඩේ
ඉක්මනටම මෙහෙ විසත් ඉවරවෙනවනම් රටටම යහපතක්.
මේක මෙයාගේ තව බයිලාවක්ද කොහෙද කලින් කියපු වාචාල කතා වලට මිනිසුන්ගේ අනුකම්පාව ගන්න. ඇමෙරිකන් ග්‍රීන් කාර්ඩ් හිමියන්ට විසා අවශ්‍ය නැහැ ඒ රටට ඇතුළුවෙන්න. අධෝ මුකය විශ්වාස කලත්,මෙයාගේ ශ්‍රී මුකය විශ්වාස කරන්න බැහැ.
මේ ලගදි ඉස්කෝලෙක සිංහල ප්‍රශ්න පත්තරේ තිබ්බලු හිස්තැන් පුරවන්න. _________ නහින්නේ කට නිසාය . ළමයෙක් හිස් තැන පුරවල තිබ්බලු ෆොන්සේකා කියල.
ගනන්ගන්න එපා.ඉන්දියවේ නරේන්ද්‍ර මෝඩි මහතාටත් වරක් ඇමෙරිකාව වීසා දුන්නේ නැත
හතුරෝ උනත් මෙතුමාව මිතුරු කරගන්න දෙපාරක් හිතනවා. තමන් යටතේ හිටපු අයව පාවා දෙනවානම් හතුරෝ ගැන කුමන කතාද.මට හිතෙන්නේ මෙතුමාට වීසා දෙන්නේ නැත්තේ යුද්දයේ අවසන් අදියරේ මෙතුමා හමුදාපතිව සිටි නිසා නොවේ මෙතුමා ගැන අප නොදන්නා ප්‍රශ්නයක් නිසා. නැතිනම් හිටපු ආරක්ෂක ලේකම්ට සහ අනෙක් නිලදාරින්ට වීසා හම්බ වෙන්නේ කොහොමද.
මෙයා තමන්ගේ දරුවෝ ඉන්න ඇමරිකාවට පැනගන්න මුළු හමුදාවම පාවාදුන්නා. මේ වීසා ඉල්ලන්න පෙර රණවිරුවන්ට අපහාස කරමින් ඇමෙරිකාවේ හොද නම තමන්ට අරන් වීසා ගන්න පුළුවන් වෙයි කියල හිතුව. දැන් "ගලේ පහරපු බළලා වහගන්න බැරුව දගලනවා" වගේ විකාර කියමින් පිස්සු දොඩවනවා. මහින්දට ගෝඨාට කරපු දේවලට ආණ්ඩුව පෙරලුනොත් රටේ ඉන්න බැරි බව දන්නවා. මේ යන විදිහට කිසිම බටහිර රටකට පනින්න මෙයාට බෑ.බටහිර නොවන රටකට පැන්නොත් මහින්දලා බලයට ඇවිත් ඉල්ලුවොත් මෙයාව පිටුවහල් කරනවා. දැන් ඉතින් වෙල් විදානේ ගස්.
හඳුන්නෙත්ති මහත්තයා මෙතුමා ගැන ලස්සන කතාවක් කියලා තිබුනා මා පත්තරවල දැක්කා මාළුවා නහින්නේ කට නිසා කියලා.
තමන්ගේ හමුදාව යුද අපරාද කල කියපු මෝඩ හමුදාපති දැන් දුක් වෙනවා වීසා දුන්නේ නැහැ කියල ...උඩ බලාගෙන කෙල ගහගත්තම වෙන්නේ ඕක තමා .
ෆොන්සේකා නහින්නේ කට නිසා. ෆොන්සේතුමා කියවන නිසා ජනාධිපතිතුමා ෆොන්සේකාව හලල යන්න ඇති.
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු .ජගත් ඔබේ අදහස මාත් අනුමත කරනවා
එක රටක හමුදාපති කෙනෙක් හැටියට වැඩ කරනගමන් තව රටක ග්‍රීන් කාඩ් ගත්තේ කොහොමද?
කොන්ද කෙලින් තියාගෙන කාට වුනත් අවශ්‍ය දේ නොපැකිලවම කියන ඉතාමත් නිර්භීත පුද්ගලයෙක් හැටියටයි මම මෙතුමාව දකින්නේ.
මට මතක් වෙනවා ප්‍ර්‍රභාකරන් කිව්වා කියන කතාවක් ,සිංහලයන්ට ඕන දෙයක් මතක තියෙන දවස් ගානයි කියලා .....
කල වැද්දන්ට ඇමරිකාව තහනම් කලාපයක් මහජන මුදල් කාබාසිනියා කරන්නද යන්නේ?
මනුස්සයා හොද උනත් නරක උනත් ලංකාවේ තරම් මිනිස්සුන්ට අපහස කරන රටක් තවත් නැතුව ඇති...
විස ලැබිල ගියානම්, අර හාමුදුරුවන්ට අපහස කලාට පෙට්ටියකින් තම එන්න වෙනේ.
ඔබතුම දක්ෂ හමුදා නායකයෙක් ....දේසපාලනය හැමෝටම ගැලපෙන්නේ නැත ,,,නමුත් ඔබතුමාට වචන පාලනයත් නැත ,,,කොතැනක හෝ ඔබට වැරදිලා ,,දෙවරක් හිතන්න යමක් කරන්න කලින් .....අවේගශීලි වීම පැවැත්මට හානියක්
ඔබ තුමා ෆිඑල්ඩ් මාර්ෂල් නිලය රැකගෙන , අනිත් සියලු තනතුරු වෙලින් ඉවත් වන්න. අතිදක්ෂ සෙබලෙක් මිස , දෙසපලුවෙකු නොවේ . එය වටහා ගන්න .
මෙයාට ලංකාවෙත් වීසා නෑනේ .
ග්‍රීන් කාර්ඩ් කියන්නේ රටේ ඉන්න පුළුවන් දීර්ඝ කාලීන බලපත්‍රයක්.(රෙසිඩන්ට් බලපත්‍රය)එය පුරවැසි භාවය නෙමේ.රෙසිඩන්ට් බලපත්‍රය ඕනෑම රටක තිබුණට ලංකාවේ පුරවැසි කම නැති වෙන්නේ නෑ.පුරවැසි කම උනත් කෙනෙකුට රටවල් දෙකක ගන්න පුළුවන්...
ඔය කෑගහන විදියට තවත් ටිකක් කෑගහල, හාමුදුරුවරුන්ගෙන් ටොක්කක් වැදුනට පස්සේ, තානාපති කර්යාලෙන් දේශපාලන රැකවරණ ගන්න නම් බැරිවෙන එකක් නැහැ.