රංජන් කස්තුරි, වීඩියෝ ලාල් එස් කුමාර
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට යාමට සූදානම් වුවද තමාට වීසා නොලැබුණු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා එලෙස කීවේ අද සවස කැලණියේ පැවැති වැඩසටහනකට සහභාගී වී ආපසු යද්දී මාධ්‍යවේදී ඇසූ ප්‍රශ්නවල පිළිතුරු දෙමිනි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන පිරිස නම් කළ ජනාධිපතිවරයා විදේශ ඇමැති තිලක් මාරපන මහතා , නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු මෙන්ම තමාවද නම් කළ සිටි බව ඒ මහතා සඳහන් කළේය.
හත් අට දෙනෙක් යුද අපරාධ කළ නිසා රටටත්, තමාටත්, සමස්ත හමුදාවටත් අපකීර්තියක් සිදුවන බව ද ඔහු කීවේය.
ෆොන්සේකා මහතාගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්...

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.