ඉදිරි සියලූ මැතිවරණ කොට්ඨාශ ක‍්‍රමය යටතේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසීමට තමන් කැපවී සිටින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
රටේ පවතින මෙම මනාප දේශපාලන ක‍්‍රමය තුළ දේශපාලනඥයින් රට ගැන සිතීමට පෙර තම පෞද්ගලික දේශපාලන ජයග‍්‍රහණයන් වෙනුවෙන් කටයුතු කරන බවත් ඒ තුළ රටේ ජනතාව බලාපොරොත්තු වන ජයග‍්‍රහණයන් රට වෙනුවෙන් ලබාදීමට නොහැකි වී ඇති බවත් ජනපතිවරයා පවසයි.
ආණ්ඩුව තුළ සිටින ආණ්ඩුවට සහාය පළ කරන ඇතැම් පාර්ශ්ව විරුද්ධ වුවද තම මූලිකත්වය මත මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාශ ක‍්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට හැකිවීම පක්ෂ භේදයකින් තොරව රටේ සෑම ජනතාවකටම හිමිකරදුන් ජයග‍්‍රහණයක් ලෙස තමන් සලකන බවද ජනපතිවරයා පවසයි.
රට තුළ පවතින සියලූ මැතිවරණ එක් මැතිවරණ ක‍්‍රමයක් මත පැවැත්විය යුතු බවත් ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වීම සඳහා කටයුතු කරන බවත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද මනාප ඡන්ද ක‍්‍රමය වෙනුවට කොට්ඨාශ ක‍්‍රමය හඳුන්වාදීම සඳහා කටයුතු කිරීමට තමන් කැපවී සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
2015 පැවැති ජනාධිපතිවරණයේදී තමා විසින් ජනතාව වෙනුවෙන් ලබාදුන් ප‍්‍රධාන පොරොන්දුවක් වන මෙම මනාප ඡන්ද ක‍්‍රමය වෙනස්කර ඒ වෙනුවට කොට්ඨාශ ක‍්‍රමය ශ‍්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත‍්‍රය තුළ ඇති කිරීම තුළින් රටේ සමස්ත ජනතාව වෙනුවෙන් නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම සඳහා තමන් ඉදිරියේදී සියලූ කටයුතු සිදුකරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.
ජනපතිවරයා සහ උතුරු මැද පළාත් සභා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් අතර පැවති හමුවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සහ දැනට පළාත් සභා තුළ පවතින ගැටලූ පිළිබඳ මෙහිදි සාකච්ඡාවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදේ ගැන මහ ලොකුවට පාරම් බෑවට ඡන්දය දවසින් දවස කල් දාන්න මොනවා හරි හේතුවක් හොයා ගන්නවා.. බය නැත්තම් ඡන්දය තියන්න මහත්තයෝ..
ඔය ක්‍රමය තමයි මේ රටට අවශ්‍ය .. අඩුම තරමේ මැතිවරණ වියදමවත් අඩු වෙයි. දැන් ක්‍රමය යටතේ අපේක්ෂකයෙකුට විශාල වියදමක් යනවා ඡන්දෙ කරන්න. ඔවුන් දින්නම කටයුතු කරන්නේ ඒ ගිය වියදම වගේ කීපගුණයක් වැඩියෙන් හොයාගන්නයි. ඉතින් දූෂණය, වංචාව, අල්ලස්, මිනීමැරුම් බොහොම වෙනවා. මේ ක්‍රමය නිසා අපේක්ෂකයෙකුට බලන්න වෙන්නේ තමන්ගේ කොට්ඨාශයේ ජනතාව ගැන විතරයි. එතැනදී ජනතාවගේ පැත්තෙන් අපේක්ෂා කරන අරමුණු අපේක්ෂකයාට කරන්න වෙනවා සහ එය කලහැකියි. එසේ නොකළොත් ඊළඟ ඡන්දේදි ඔහු ඉවරයි..
මනාප ක්‍රමය රටින් තුරන් කල යුතුමයි. ඒ ක්‍රමය හන්දා සත පහක වැඩක් නැති අය ඡන්දේ දිනලා කරන්නෙම චන්ඩිකමයි හොරකමයි. කී දෙනෙක් අද රටේ විශ්‍රාම වැටුපට හිමිකම් කියනවද රටට කිසිම දෙයක් නොකර....
කොට්ටාස ක්‍රමය සමගම එක් එක් කොට්ඨාසයට අපේක්ෂකයන් පත්කිරීමේදී අපේක්ෂකයන් එම කොට්ටාසයේ අයගෙන්ම තොරනවා නම් ඉතාම හොඳයි. හම්බන්තොට අයෙක් කුරුණෑගලට වගේ තේරුවම කොට්ඨාසේ ජනතාවට අසාධාරණයක් වෙනවා.
අනේ ජේවීපී එකට එක මන්ත්‍රී කෙනෙක්වත් ලැබෙන්නේ නෑ.