ගිනස් වාර්තා තැබූ මංගල උත්සවයක මනමාලියගේ සාරිපොට උස්සා ගැනීමට පාසල් සිසුන් යෙදවීමේ චෝදනාවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා නිදහස් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අද පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයයේ දී එම රැස්වීම කැඳවා තිබිණි.
පාසල් සිසුන් එම කටයුත්තට යොමු කිරීමේ වගකීම මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා ගත යුතු බව ද ආණ්ඩුකාරවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඇමැති ඇස් පියාගෙනද උත්සවයට අාවේ? දැක්කේ නැද්ද පොඩි ළමයි පාන්දර ඉඳලම ඉන්නවා. ගිනස් යනවා කිව්වගමන් ගෙදර තියන හොඳම ඇඳුම ඇඳගෙන අාවේ ලෝකෙට මුණ පෙන්නන්න. වැරදි වැඩක් වුණාම නම් මාරු. ඒ වෙලේ තිබ්බා ප්‍රශ්න කරන්න. ඇයි ළමයි ගත්තේ මේකට? ළමයින් අස්සෙම ඉඳලා දැන් මිනිහා මාරු වෙලානේ...
ඒකනායක සහ ඒකනායක කියන්නේ දෙන්නා නෑදෑයන් වත්ද?
කොහෙන් හරි වතුර ගලාගෙන යන්නත් එපෑයැ.
දෙදෙනාම ඒකනායකලනේ....
ඔය ගිනස් වාර්තාවට දසදෙසින් උණුසුම් සුබ පැතුම් අාවානම් ඔය ඇමති සාරිපොට ඇඳගෙනම මාධ්‍යයට මුණ පාගෙන ඉඳියි. "හරි ගියොත් මම වැරදුණොත් වෙන කෙනෙක්".... කැකිල්ලේ රැජිනට ජයවේවා !!!
ඊළඟ මහඇමති කමට මෙයා නුසුදුසුයි. නිලධාරීන්ව පාවා දුන්නා නේද?.
මේකත් හරියට ලලිත්ටයි, අනුෂටයි වෙච්ච දේ වගෙයි. අපි දැක්ක මහා ඇමතිවරයා උජාරුවට ගිනස් වාර්තාවට තමන්ගේ පාසල යොදපු එක ගැන පුරසාරම් දොඩනවා. එතකොට කොහොමද ලේකම් වැරදි වෙන්නේ..? කැකිල්ලේ තීන්දුවක්නේ මේකත්.....
"මේ ආණ්ඩුකාරවරියගේ තීරණය පිළිගන්න බෑ. මහ ඇමති ඉන්නවා හැමෝම දැක්කනේ මේකට සම්බන්ධ වෙලා. අනික තමන් ජීවත් වෙලා ඉද්දීම, මිනිස්සුන්ගේ සල්ලි වලින්, තමන්ගේ නමින් ඉස්කෝල හදාගෙන නම් දා ගත්තු මිනිස්සු, තමන් ගිනස් පොතට යන්න කරගත්ත වැඩ මේවා. දේශපාලකයා බේරිලා, නිලධාරියා විතරක් හිරේ යන එක යහපාලනය නෙමේ බව තේරුම් ගන්න ඕනේ. මේක ගොඩින් විසඳගත්තේ නැත්නම් අපි ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කරනවා."
ජේ.ආර්. ටත් බැරි වුණ දේ කරපු කෙනාට මහා ඇමති නිදහස් කරන එක ලොකු දෙයක් නෙමෙයි.
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ... අනේ පව් ලේකම් වරයාට කරගහන්න වුනේ !!!
නිවට, නියාලු, මෝඩ තීරණයක් කියලා තමයි කියන්න තියෙන්නේ..
මහ ඇමති බබා ද? මහ ඇමති කිව්වාම ලේකම් කරනවා. කාවද මේ අන්දන්න හදන්නේ? මිනිස්සු මෝඩයෝ කියලා තමයි හිතාගෙන ඉන්නේ.
ආණ්ඩුකාරතුමියනි, මේ ඉස්කෝලෙට දාපු නම ගැනත් සොයලා බලන්න.
බලනකොට කැකිල්ලේ තාම ඉන්නවා. ලලිත්ලාගෙන් අනුශාසකලගෙන් වත් පාඩම් ඉගෙනගත්තු නැති ලේකම්ලත් ඉන්නවනේ.
දැන් ඔක්කොම බබාලා වෙලානේ....
එතකොට අර ළමයි අතරට පැනලා ඔසරිය අල්ලන හැටි ළමයින්ට කියලා දිදී හිටියෙත් ලේකම් අණ කරලා වෙන්නැති.. ඒ වෙලාවේ මූණෙ තිබුන අකමැත්ත!! තුන්කල් දක්නා නුවණක් තියෙනවා වගේ පෙනුමකුත් ඒ වෙලාවෙ මූණෙ නම් තිබුණා. සමහරවිට පාසල් ළමයින්ට ආදර්ශමත් වෙන්න ඕන නිසා වෙන්න ඇති.
වෙන තැනක තිබුණා සරත් ඒකනායක, නිලුකගේ බාප්පා කෙනෙක් කියලා. මරු නේද තීන්දුව?
අපිනම් ඔය ප්‍රතිඵලය කල්තියාම දැනගෙන හිටියා...
හරිද ! හරිද !! හුනා වගේ මං කිව්ව දේ... මේ සේරම එක දම්වැලේ පුරුක්... ගහේ ආධාරේ පොත්තටයි, පොත්තේ ආධාරේ ගහටයි තියෙනවා කිව්වේ ඕක තමයි. ඔය සිද්ධිය වෙනකොට එතන අණ දෙන ප්‍රධාන දේශපාලකයා එහි වරද නොදුටුවා නම් අනාගතයේ පාලනයට තව අවුරුදු 5 ක බලය දීමට මෙයා නුසුදුසුයි.
මෙම සිදුවීම මෙසේ වන බව මම කිව්වා මෙයට පැය 12 කට පෙර... "යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසිකරන්න" කියලා පැරැන්නෝ කියනවා. බැඳුම්කරේ පරීක්ෂණයට යනවා නම් මේ සාරි පරීක්ෂණ ගැන මොන කතාද? 2015 ජනවාරි 8 සිට පරීක්ෂණ කොමිසම් කීයක් දැම්මද? කොමිසමක් දානවා එ්කට තමන්ගේ හිතවතෙකු පත්කරලා ලක්ෂ ගණන් ගෙවනවා. කාර්යාල සේවකයන්, වාහන වලට ජනතාවගේ මුදල් මිලියන ගණන් වෙන්කරනවා. සමහර මාසෙකට කියලා දාපු කොමිසන් දාපු බවවත් මතක නෑ. හැබැයි අවුරුදු ගණන් මිලියන වලින් මුදල් ගෙවනවා. අහිංසක මිනිස්සු කන්න නැතිව, බෙහෙත් ටිකක් ගන්න නැතිව අපා දුක් විදලා මැරිලා යනවා. මේවට වැහි නැති හෙන තමයි...
හරියට මහා බැංකු හොර කමෙන් ආර්.කේ. සහ ආර්.ඩබ්ලිව්. මුකුත් දන්නේ නැති විදියට නිදහස් වුණා වගේ. අන්තිමට අහුවෙන්නේ මහා බැංකුවේ කම්කරුවෙක්. බලමු බොරුද කියලා....
මට මතක් වෙනවා තුන් හවුලක් හැදුවා. කොමිනිස්ට්, සමසමාජ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවෙලා. එතකොටත් ඔය සාරි පොටේ එල්ලිලා යනවා කීවා. ඔතන වාඩිවෙලා ඉන්න හාමුදුරුවන්ට මොකද වෙන්නේ?
මේ ආණ්ඩුකාරවරිය අපිට පිළිගන්න පුලුවන්ද?. එයා මාධ්‍යය ඉස්සරහ ඔහොම කීව්වට අපි නොදන්නා දෙයක් තියේද? මේ අයව ගෙදර යවන්න අපිට පුළුවන් බව දැන ගන්න.
ජයම්පති මහතාණෙනි, ඒකානායක, අනිත් එකානායක දෙන්නාම ඥාතියෝ, ඒ විස්තර වැඩක් නෑ. මොනවා වුණත් දේශපාලකයෝ ඒ ඒ අයව බේරාගන්නවා. ජනාධිපති ලේකම් හා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්ට වුණු දේ තමයි අධ්‍යාපන ලේකම්තුමාට හා විදුහල්පතිතුමාට වෙන්නේ..., ඕකට තමයි කියන්නේ, අනේ කාලේ වනේවාසේ කියලා. මේවා දැනගෙන තමයි, තුසිත හල්ලොලුව මැතිතුමා ඉල්ලා අස්වෙලා ගියේ. එතුමා උගතෙක්. ඒ වගේම බුද්ධිමතෙක්.
මීට පස්සේ කව්රු හරි කොයි රටේද කියල ඇහුවොත් ,මුරිසියේ කියල කියනවා ....බත් කන හරක් නැහැ නොවැ එහෙ....
අර ගීතයක් තියෙනවා නේද? සාරිපොටේ කට්ටගහන කෙනෙක් නැද්ද අනේ?.. මොකද නැත්තේ අනේ. ඔය සාරිපොට අල්ලාගෙන හිටියේ... හැබැයි එයා නිදහස්...
මොවුන්ට ඡන්දේ දෙන අපිට මේවා හොඳ පාඩම්.....
කොහොමද? නිළධාරීයාගේ බෙල්ල හිර කරපු හැටි.....මේ සියලු දේවල් පල දෙන්න ඕනා...
යහපාලන ක්‍රමවේදය දේශපාලකයන් නිවරදි රාජ්ය සේවකයා වෑරදි , චන්දේ දුන්නට පින් හරක්ට වෙනස මාරයි...
මේ නම් කැකිල්ලේ තීන්දුවක්. ජනාධිපතිතුමා මේ ගැන වහාම ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. පත්තරේ බලනවනම් දැන් දැකලා ඇතිනේ. නමුත් එතුමාත් කේන්දර නෝනට ගැතිනම් ඉතින් ආණ්ඩුකාරකමත් බල්ලට ගියා කියලා ජිනීවා යන්න නේද වෙන්නේ.
පහත් තැනින් යයි ගලා ජලේ වැඩේ ශේප් ...!
මට තිබෙන ගැටළුව නම්, දේශපාලකයාගේ වරද පිළිබඳ කථා කරන්නන්, මනාල යුවල නීතිය හමුවට පමුණනවාද යන්නයි. මංගල උත්සවයක සියලු වගකීම යුවල වෙත පැවරේ. මුග්ධ දේශපාලකයන් ගැන කවර කථාද. මෙම මංගල උත්සවයට සහභාගී වූ/ ළමුන් සහභාගී කරවූ සියලු දෙන මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් බව නිසැකය.
මේ ඉස්කෝලෙට තියලා තියන නමේ හැටියට මේක එකනායකලාගේ පවුද්ගලික දේපොලක් වෙන්නත් පුළුවනි. අයිතිකාරයෝ උන් නම් මේකට යන ළමයින්ව පරවේණි දාසයන් හැටියට සලකන්න මොකද උන්ට බැරි!
ලජ්ජා නැති වැඩ කරලා ලජ්ජා නැති තින්දුත් දෙනවා. මෙහෙම පාලකයෝ ඉන්න රටක ඉපදුන එක පවක් .
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දු වගේ අන්තිමට කැරකිලා වැරැද්ද ළමයින්ටම ඒවිද ?
චේතනාව ලෝකවර්තාවක් තැබීම.එක වුනානම් ගර්වය මුළු දේශයටම .සහබාගි වූ සැමට විශේෂ ගෞරවය.ළමයි ගියේ නිසි අවසර ඇතිව දෙමාපියන්ද අඇතුලුව.කුහක කමින් හැමදේටම විරුද්ද නොවී අද පාසල් යාමට නොහැකිව ඉන්න දරුවන් ගැන හොයාබල ඒ වෙනුවෙන් යමක් කිරීම නේද හොද?එක දවසක පාසල් නොගිය දරුවන්ට අමුතු සත්ව කරුණාවක් ඇයි?.
මේක හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ එකක්. දන්නා විදිහට මහා ඇමතිතුමාගේ ඥාතියෙක්ගේ විවාහ මංගල උත්සවයක් සදහා තමා මෙම ළමුන්ව රැගෙන ගිහින් තියෙන්නේ. මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැරදි කරුකර ඔහුට අද උසස්වීමක් ලබා දී තිබෙනවා. ළමුන්ට ඉගෙනුමට ඇති කාලය මෙලස දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් වලට යොදා ගැනීම එම දරුවන්ට කරන මහා අපරාදයක්.
ලෝක වර්තාවක් තියන්න ඔනේ තමන්ගේ දක්ෂතාවයෙන්. එහෙමත් නැත්නම් ලොවට වැඩක් වෙන දෙයක් සම්බන්ධයෙන්....
21 සියවසෙත් පුළුවන්ද එහෙම “මහා ඇමතිතුමාගේ ඥාතියෙක්ගේ විවාහ මංගල උත්සවයක් සදහා තමා මෙම ළමුන්ව රැගෙන යන්න“
එහෙනම් ඔන්න “කැකිල්ලේ තීන්දුව“ පාරිභාශික වචනය කටුගෙට යවමු. අපි ගරු ආණ්ඩුකාරතුමියගෙ මේ තීන්දුව වගේ තීන්දුවලට ඉදිරියට “තවත් සිල්රෙදි තීන්දුවක්“ කියල භාවිතයට හුරුවෙමු. අධ්‍යාපන පෙළ පොතුත් ඒ අනුව සංශෝධනය කරමු.
ළමයින්ගේ තියෙන උවමනාවට රට වෙනුවෙන් මේ සාරි පොට උස්සන්න පාසලේ ගේට්ටුවෙන් එලියට ගියා. ඒක නිසා මට කරන්න දෙයක් නැහැ කියල විදුහල්පතිවරුන් බේරෙයි.
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දු ..ආණ්ඩුකාරවරයට කවද්ද නඩු අහන්න බලය ලැබුනේ....මේක නම් මහා අරුම පුදුම පාලකයෝ ඉන්න රටක්.... අර ළමයි අව්වේ කර කරපු දේශපාලුවට පලිසන් දෙන්න ඕන....