මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව මගින් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගත කර ඇත.
සයිටම් ආයතනය පිරිනමනු ලබන උපාධි පිළිනොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව සනාථ කර ඇති අතර ලොව පුරා එසේ පිළිනොගත් උපාධි පිරිනමන ආයතන කිහිපයක් එම අසාදු ලේඛනයට අන්තර්ගත කර තිබිණි. සයිටම් ආයතනයද මේ වනවිට එම අසාදු ලේඛනයට ඇතුළත් කරනු ලැබ තිබේ.
ඒ අනුව එංගලන්ත වෛද්‍ය සභාවේ පීඑල්ඒබී පරීක්ෂණයට පෙනී සිටීමට හෝ එරට වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට එම අසාදු ලේඛනයේ ඇති කිසිදු ආයතනයකින් පිරිනමනු ලබන උපාධියක් තිබීම සුදුසුකමක් ලෙස නොසැලකේ.
සයිටම් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ ශිෂ්‍යයකු බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ පීඑල්ඒබී විභාගයට පෙනී සිටීමට අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එම සභාව එය ප්‍රතික්ෂේප කළ බව සයිටම් ආයතනයේ ප්‍රකාශිකාවක සඳහන් කළාය.
අදාළ සයිටම් ශිෂ්‍යයා පීඑල්ඒබී විභාගයට අයදුම්පතක් ඉදිරිපත් කළ පසුව බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව සයිටම් වෛද්‍ය විද්‍යාලය ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් කරුණු විමසා තිබෙන බවද එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් ආයතනය පිළිනොගන්නා බව දන්නා ඇතැයිද ඇය කීවාය.
ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කරුණු පදනම් කරගනිමින් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව සයිටම් ශිෂ්‍යයාගේ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඒ බව එම ශිෂ්‍යාවටත් සයිටම් ආයතනයටත් දැන්වූ බවද ඇය ප්‍රකාශ කර සිටියාය.
http://www.gmc-uk.org/doctors/registration_applications/14390.asp#2




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඇස් ඇරෙයිද අපේ ලොක්කන්ගේ
මේක සදාකාලික තත්වයක් නොවෙයි. වෙනස් වෙන්න පුලුවන්. සයිටම් එකට හරියට උපාධි පාඨමාලා කරන්න ඉඩදුන්නේ නැත්තේ හීනමානයෙන් පෙලෙන නොමිලේ ඉගෙනගෙන දොස්තරලා වුණ ඉරිසියාවෙන් ඉන්න අපේම කට්ටිය මිසක් වෙන කවුද?
දැන් අපේ ඇමැතිතුමාලා දෙන්න මොකක්ද දන්නේ කියන්නේ? එක්කෙනෙක් කියයි ඕනි ගොනෙකුට සයිටම් අසාදු ලේඛනයට දැම්මහැකි කියල. එත් අපි ඕව පිළිගන්නේ නෑ, මේ ආයතනය දිගටම පවත්වාගෙන යන්න අධිකරණ නියෝගයක් දීල තියෙන්නේ කියල.
ඕකටත් මොනවා හරි කියයි
සයිටම් එකට කඩේ යන කට්ටියට සෑහෙන්න රිදෙයි
ජය වේවා.. සයිටම් විරෝධී සටනට තවත් ශක්තියක්.
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ......විලි ලැජ්ජයි
එංගලන්තේ නැතුවට ඔය ඇති තරම් තවත් රටවල් තියෙන්නේ. ඒ රටවල්වලත් දොස්තරලා ඉන්නවා. එංගලන්තෙට වඩා හොඳට ඒ සමහර රටවල්වල බෙහෙත් කරනවා. වෙන එකක් තියා එංගලන්තේ ඔය කියන සභාව ඇමෙරිකාවටත් වැඩක් නැහැ. ප්‍රංශය සහ ප්‍රංශේ යටත් විජිතයන්ව තිබුණු රටවල්, චීනය, රුසියාව, ඔය කාටවත් මේ සභාවෙන් වැඩක් නැහැ. දියවැඩියාවට මෑත කාලයේ හොඳම බෙහෙත සොයාගත් කියුබාව, ඔය සභාව මොකක්ද කියල දන්නෙත් නැහැ. හරියට දෙවියන් අදහන කෙනා යක්ෂය ගණන්ගන්නේ නැහැ වගේ ඔය සභාවට වන්දනා මාන කරන කට්ටියට තමයි ඔය සභාව වැදගත් වෙන්නේ.
එතකොට අපි දොස්තරලා බිහිකරන්න ඕනේ එංගලන්තෙට සේවය කරන්නද?
එංගලන්තේ එහෙම කලත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ.
සයිටම් එකෙන් පිටවෙන එක්කෙනෙකුටවත් එංගලන්තේ කිසිම පශ්චාත් උපාධියකට පෙනී ඉන්න බැහැ.
නිදහස් ජාතියක් කියා මහා හඩින් බෙරිහන් දුන්නට, තවම සුද්දා දෙයක් කිව්වොත් හතරට නැවිලා පිළිගන්නේ. නිදහස් යයි කියාගත්තට, තාම සිතින් පරගැතියි.
සයිටම් එකට කඩේ යන කට්ටියට සෑහෙන්න රිදෙයි
අද වෙච්ච සිදුවීම සමහරු හරියට තේරුම් අරන් නෑ. GMC එකෙන් පිලිගන්නා උපාධි පිරිනමන ආයතන ලැයිස්තුවෙ ආයතන දහස් ගාණක් තියෙනව. ඒකෙ සයිටම් කවදාවත් හිටියෙනෑ. සයිටම් එක කලින් තිබුනෙ අවිනිශ්චිත ආයතන කියල ලයිස්තුවක. අද වුනේ සයිටම් පිලිගත් උපාධි ආයතන ලිස්ට් එකෙන් අයින් වුන එක නෙවෙයි. හිටියෙත් නැති කෙනෙක් අයින් වෙන්න දෙයක් නෑනෙ. අද උනේ සයිටම් එක GMC එක විසින් මුලු ලෝකයෙන්ම පිලිනොගන්නා උපාධි ප්‍රධානය කරන ආයතන කියන Black list එකට ඇතුලත් කිරීමයි. මේක සුවිශේෂී ලිස්ට් එකක්. කොච්චර සුවිශේෂද කියනවනම් ලෝකෙන්ම මේ ලිස්ට් එකට දාන්න තරම් චාටර් ආයතන තිබුනෙ දහතුනයි. සයිටම් එක්ක දාහතරයි. අද උනේ සයිටම් එක ලෝකෙන් චාටර්ම උපාධි පිරිනමන ආයතන දාහතර අතරට නිල වශයෙන් ඇතුලත් වීම. ලෝකෙම මීට වඩා අවුල් වෛද්‍ය උපාධි පිරිනමන ආයතන තියෙන්නෙ 13යි. මුලු ලෝකෙන්ම සයිටම් දාහතර.
එතකොට ලංකාවේ අනාධිමත් කාලයක පටන් බුද්ධදාස රජතුමාගේ කාලේ සිට පැවත එන ආයුර්වේද වෙදකමත් එංගලන්තෙන් අනුමත වුනාද? තවමත් ලංකාව පරගැති මානසිකත්වයෙන් මිදිල නෑ. එංගලන්තෙන් බ්ලැක් ලිස්ට් කලා කියලා අපිට මොකද
මේකේ කමෙන්ට්ස් දාන සමහර අය කඩේ යන්නේ කාටද කියලා තේරෙනවා. ඒ කිසි කෙනෙක් ඇයි අසාදු ලේඛනයට ඇතුලත් කලේ කියල හිතන්නේ නැහැ. සෛටම් එකේ අවශ්‍ය පහසුකම් නැති නිසා බව පිළිගන්නේ නැහැ.
එංගලන්තේ බොහෝ දෙනකුට රාජ ද්‍රෝහියකු වූ කැප්පෙටිපොල තුමා අපට ජාතික වීරයෙක්. එංගලන්තයේ බොහෝ දෙනකුට වීරයකුවූ ප්‍රභාකරන් අපට දුෂ්ටයෙක්. හැමදේටම එංගලන්තේ අනුමැතිය අපට අවශ්‍ය නැහැ.එංගලන්තයට නොගැලපුනට SAITM ලංකාවට හොඳටම ගැලපෙනවා. ලංකාවේ දුෂ්ට බලවේග විසින් එංගලන්තේ වෛද්‍ය සභාව නොමග යැවීමේ ප්‍රතිපලයක් ලෙස මෙය සිදුවුණා වියහැකියි. නැත්නම් එංගලන්තෙන් කවුරුවත් ඇවිත් SAITM වල ප්‍රමිතිය මේ හදිසියේ පරීක්ෂා කලේ නැහැනේ. එංගලන්තයට කිවයුතුයි ලංකාවට ඇවිත් ලංකාවේ වෛද්‍ය විද්‍යාල සියල්ලේම ප්‍රමිතිය බලන්න කියල එතකොට කාටත් තේරේවි සයිටම් එකේ ප්‍රමිතියේ සැබෑ තත්වයත් ලංකාවේ තිබෙන ප්‍රමිතිය ඉහලයි කියන සමහර වෛද්‍ය විද්‍යාල දෙකතුනක සැබෑ තත්වයත්. ඔවුන්ට කියන්න ඕනේ ලංකාවේ වෛද්‍ය විද්‍යාල සියල්ලටම එකම අවසාන පරීක්ෂණයක් තියන්න කියා. එතකොට තේරේවි කාගෙ කාගේත් ප්‍රමිතිය කුමක්ද කියා. මොන ද්‍රෝහීකම කලත් කවද හරි සත්‍යය ජයගන්නවා නියතයි.
නම වෙනස් කර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යටතට පවරා ගන්න. අන්තරේ කට්ටියට ඕනේ ඒකත් වෛද්‍ය විද්‍යාලය යටතට පවරා ගත්තට පස්සේ නොමිලේ ඒකටත් රිංගල අධ්‍යාපනය කඩාකප්පල් කරන්න.
මේ තීරණය අරන් තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දීපු තොරතුරු මත. බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව කෙලින්ම පරීක්ෂණයක් කලානම් හොඳයි.
කුහක දොස්තරයන් විසින් කරන ජාතික අපරාධයක් මේ.
මේක හරියට හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ.
කට්ටිය හරියට නිවුස් එක කියවල නැහැ වගේ. ලංකාවේ විද්‍යා සභාව එය පිලිනොගන්න බව කීම නිසා තමයි ඔවුන් එය අසාදු ලේඛනයට දමා තිබෙන්නේ. ඒක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්
හොඳට කියවල බලන්න ඕක කරලා තියෙන්නේ ලංකාවේ වෛද්‍ය සභාව.
2011 ඕක පටන් ගන්න කොට කවුරුත් කෑ ගැහුවේ නැහැ ඇයි බයයිනේ
මේ තීරණයට පාදක වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා විද්‍යා සභාවේ නිර්දේශ බැවින් නඩුත් හාමුගේ බඩුත් හාමුගේ වැඩක් වෙලා තියෙන්නේ. GMOA එක විසින් නටවන විද්‍යා සභාව වෙන මොකවත් කරන්න දන්නේ නැහැ. ටික කලක් මෝඩ චුන් වෙලා හිටපු දෙන්
ප්‍රවෘත්තියේ පැහැදිලිවම මෙහෙම කියනව "බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව සයිටම් වෛද්‍ය විද්‍යාලය ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් කරුණු විමසා තිබෙන බවද එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් ආයතනය පිළිනොගන්නා බව දන්නා ඇතැයි ' ඉතින් තව මොනවද ?, ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ ලංකාවෙ වෛද්‍ය සභාව සයිටම් පිලිනොගන්න නිසා මිසක් වෙන කාරණයක් නිසා නෙවෙයි, ලංකාව සයිටම් නීතිගත කලොත් මේ තීරනය වෙනස් වෙනව.
1975 වසර වනතෙක් එංගලන්ත වෛද්‍ය සභාවෙන් නියාමනයවූ වෛද්‍ය පීඨ වල වර්තමාන තත්වය ගැන එංගලන්ත වෛද්‍ය සභාව දැනුවත් නැතිව ඇති. එදා බිහිවුන වෛද්‍යවරු අතරේ හා මෑත කාලයේ බිහි වුන දේශපාලන වෛද්‍යවරු අතර වෙනස අපිට නම් හොඳට පෙනෙනවා. අනික ඉතින්, එංගලන්තේ වෛද්‍යවරයෙක් කියන්නේ මිහිපිට දෙවියෙක්. ලෙඩ්ඩුන්ව සුරාගෙන කන දොස්තර මුදලාලිලා නොවෙයිනේ . අන්න ඒ ටික එංගලන්ත වෛද්‍ය සභාවට වැටහුනා දාට අපේ දොස්තරලට එංගලන්තේ දුවන්න පාරවල් මදිවෙයි???
ලලිත් මහත්තයෝ මම ඔබතුමා ගාවට බෙහෙත් ගන්න නොවරදවාම එනවා.
සුද්දන්ගෙන් තොර ලෝකයක් ඔබලට නැහැ කියලා දැන්වත් තේරෙනවද?එදා සුද්ද හදලා දුන්නු රට හා අධ්‍යාපනයත් විනාශකර ගෙන ගොන් රෑනක් බිහිවෙලා ඉන්න රටේ සයිටම් දොස්තරලට විතරක් නෙමේ, හොරට වීසා ගහගෙන එංගලන්තෙට පනින අයවත් පයින් ගහලා එලවන දවස වැඩි ඈතක නැහැ. කට්ටියට ගැලපෙන්නේ අරාබියේ ජාතික සේවය තමයි.
එංගලන්තේට ඕන විදියටද අපි ඉගෙන ගන්න ඕනේ? ලංකාවට හරියන දෙයක් කරානම් හරි. මොන පෞද්ගලික විශ්ව විද්‍යාල තිබුනත් ඒවායේ උගන්වන්නේ උපාධියක් ගත්ත අයනේ. ලංකාවේ විශ්ව විද්‍යාල වල අයත් ඕවයේ උගන්වයි.
අපේ අයට රටේ කාටහරි වල කපලා ලබන්න පුවන් තරම් සතුටක් තවත් තියනවද?. මේ වගේ පුවත් වලින් ප්‍රීතියෙන් උන්මාදයට පත්වෙනවා හැරෙන්න අපි ඉතින් වෙන මොනවා කරන්නද? ඒ තරමටම ජොලි..ඇත්තටම සුද්දන්ටම මේ රට භාර දෙන්න කාලය ඇවිල්ල එදා සුද්දෝ මේ රට හැර නොගියා නම්, අද මනුශ්‍යයින්ගෙන් මේ රට පිරිලා උතුරන්න තිබුනා.
නිශාන් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කමෙන්ට් දාන්න එපා.ඔයා හරියට කතා කරන්නේ ඔයා අතින් වියදම් කලා වගේනේ.
එහෙම කොහොමද එංගලන්ත වෛද්‍ය සභාව අපේ ළමයි හොඳ නැ කියන්නේ. බය නැතුව ගිහින් එංගලන්තේ බෙහෙත් කරන්න.
මේ රටේ ඉන්න කුහක සිංහලයෝ ටික අසාදු ලේඛන ගත කරන්නේ කවදාද? සයිටම් වෛද්‍යවරු වෙනුවට, පිටරටින් වෛද්‍යවරු ගෙන්වන්නේ කවදාද? අපේ රටේ වෛද්‍ය මාෆියාව ගැන එංගලන්ත වෛද්‍ය සභාව දැනුවත්ද? වඳ වීමට නියමිත ජාතියකට මොන වෛද්‍ය වරුද?දැනට, මේ රටට හිගව පවතින පශු වෛද්‍ය වරු එංගලන්තයෙන් ආනයනය කරමුද?
ලලිත් මහත්මයා මොනාද මේ කියන පණ්ඩිත කතා. GMC එකේ වැදගත්කම දන්නේ නැත්නම් මෝඩකම් පෙන්නනේ නැතිව ඉන්න. ඔබ හිතුවේ GMC කියන්නේ ගාල්ලේ මහා නගර සභාව කියලද?
GMOA එක කිව්ව කතා ඇත්ත බව පේනවා, ලංකාවේ හැම විශේශ වෛද්‍යවරයම පුහුණු වෙන්නේ එංගලන්තයේ , එත් සයිටම් උපාධි රටට කැලලක්.
කවුරු කොහොම එංගලන්තෙ නෙවෙයි මුලු ලෝකෙම කිව්වත් සයිටම් එකට කඩේ යන අය හරි. ඒත් එක දෙයක් මතක තියා ගත යුතුයි. ප්‍රමිතියක් නැති වෛද්‍ය සේවයක් නිසා එදාට තමන්ගේ පවුලේ කෙනෙක්ගෙ ජීවිතයක් නැති වෙන්නත් පුලුවං කියන එක. මුලු අධ්‍යාපන ක්‍රමයටමයි මේකෙන් හානි වෙන්නෙ. මේ සයිටම් එක වහන එක ප්‍රායෝගික වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඒත් ඇයි කවුරුත් ප්‍රමිතිකරණ යක් ගැන කතා නොකරන්නෙ කියන එකයි තීයෙන ගැටලුව
පසුගිය රජය සයිටම් පටන් ගත්තේ. දැන් අවුරුදු 7-8 වෙනවා. නියපොත්තෙන් කඩන්න තිබුන දේ දැන් වනයක් වෙලා.ඒ කලේ මෙහෙම ස්ට්‍රියික් කලාද සයිටම් අල්ලාගෙන. එහෙම කරන්න වෛද්‍ය සබාව බය වුණා. අදටත් පෙර රජයම තිබුනානම් මෙහෙම සද්ද නැහැ. වෛද්‍ය සබාවේ යටි අරමුණු ගොඩක් තියනවා. ඇත්ත ඒකයි. මමත් සයිටම් එකට විරුද්දයි.
මේකෙ අදහස් පල කරලා තියෙන සයිටම් දරුවන් බොහොමයක් සම්බන්දයෙන් අපි කණගාටුව පල කරමු. මේක ඒ දරුවන්ගේ වැරද්දක් නෙමෙයි. සයිටම් මුදලාලි මේ දරුවෝ රවට්ටල සල්ලි ගත්ත එකේ ප්‍රතිපල. දරුවනේ ඔයගොල්ලො ගිහින් ඔයගොල්ලන්ගෙන් ගත්ත සල්ලි ටික ඉල්ල ගන්න.
සයිටම් ආයතනයේ ප්‍රමිතිය හදන්න ඉඩ නොදුන්න හා සායනික පුහුණුව කඩාකප්පල් කල දොස්තරලා එංගලන්ත වෛද්‍ය සභාවට ගතු කියලා ඔවුන් මේ ඇති කර ගත්තු තුච්ච ජයග්‍රහණය ඔවුන්ගේ ජයග්‍රහණයක් උනාට එය මුළු ශ්‍රී ලංකාවටම කැළලක්. අපිට කියන්න තියෙන්නේ පාරවල් වල ඩෙගා නටන වෙද නඩයක් ඉන්න මේ රටේ ඉන්නේ සැබෑ වෛද්‍යවරු නොවේ. හුදු කළුකඩ දොස්තරලා පමණයි. අනාගතයේදී අපිත් සුද්දන්ට ගතු කියලා මේ මාෆියා වෙද නඩය ගැන ලොවම දැන්වත් කරනවා. දැනටමත් ලංකාවේ තිබෙන තානාපති කාර්යාල වල නිලධාරීන්ට අවබෝධ වෙලා ඇති මේ වෙද මාෆියාවේ ස්වභාවය. අසරණ රෝගීන්ගේ ජීවිත මුදල මත තීරණය කරන මෙවැනි දොස්තර මුදලාලිලා ලොවෙත් නැතිව ඇති. මෙවැනි තුප්පහි ජාතියකට සුද්දන්ගේ සරණ හැර වෙන පිළිසරණක් නැති බවත් අපි දනිමු.
පිටරටින් දෙන පෞද්ගලික උපාදියට විරුද්ද වෙන ගම්මන්ම එංගලන්තයෙන් දෙන රිපොර්ට් පිලිගන්නවා. විලි ලජ්ජය්. කිසිම ප්‍රතිපත්තියක් නැති කබරගොයත් තලගොයා කරගන්න හැටි, හිරිකිතය්.
මහින්දගේ කාලේ සෛටම් ඕනෑම කියපු පාදෙණිය කාලෝ ෆොන්සේකා ඇතුළු වෛද්‍ය සභාවේ ඔය නඩයම නේද දැන් වග කියන්න ඕකට. දැන් ලංකාවේ දොස්තරලා කියාගන්න අය මුළු ලෝකෙටම විහිළුවක් වෙලා ඉවරයි. විශ්ව විද්‍යාල වල කුජීත සංගම් වල ශිෂ්‍යයෝ කියන කොටස වල්මත් වෙලා තම සහෝදර ශිෂ්‍යින්ගේ අනාගතය විනාශ මුඛයට යවනවා. දැනට රටේ තියෙන නීතියෙන් බැරිද මේ නොමග යවන ශිෂ්‍ය නායකයෝ ටික අල්ලලා තාවකාලිකව රිමාන්ඩ් කරන්න එතකොට අනිත් 95% වත් ඉගෙනීම කරගෙනයාවී.
එන්ගලන්තයේ හෝ තූත්තුකුඩියේ වුනත් අපට කමක් නෑහෑ, ඒත් වෙදකම් කරන්නේ බල්ලෝ බලලුන්ට නොවේ, මිනිසුන්ට බව මතක තියාගන්න.
සයිටම් එකට කඩේ යන ලංකාවේ කළු සොද්දෝ ටිකටත් දැන් හරි ඇස් ඇරිලා මේ උපාධි කඩේ වැහුවොත් ඇති.
දැන්වත් අපේ medical college වල දක්ෂ ළමයිනට ඉගෙන ගැනීමට අවශ්‍ය වටපිටාව සකසන්න. මේ ළමයිනට එම අවස්ථාව දුන්නේ නැත්නම් එක ජාතික අපරාධයක්. එක කුහකයින්ට තේරෙන්නේ නැති වෙයි.
දැන් අවලංගු උපාධිය කරලා ගෙදර ඉන්න සයිටම් ළමයි ගොඩක් මෙතන කොම්මෙන්ට් දමන බව පේනවා ඔවුන් ගැන දුකයි . මේක වැඩි දුර හිතන්න දෙයක් නැහැ, මෙම අසාදු ලේඛනයේ ඉන්න අනෙක් වෛද්‍ය පීඪ මොනවද කියල බලන කෙනෙකුට තේරෙනවා සයිටම් සමග රජය අපේ වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය අරන් යන්න හදන්නේ කොහාටද කියල.
මේක අලුත් නෙව්ස් එකක් නෙවයි. ලංකාවේ වෛද්‍ය සභාව අනුමත නොකරපු ආයතනක් පිටරටකින් පිළිගන්නේ නැහැ. මේ ඔක්කොම් අවුල වෛද්‍ය සභාව පිළිගන්නේ නැති නිසානේ? එකට පිළියම් තමයි මේ දැන් හොයන්න යන්නේ.
ලංකාවේ ඉන්න ලොකු කෙරුමො ඇහුවනම් ඕක අහන්නේ සයිටම් එකෙන්. එන්ගලන්තයේ ඉන්නෙත් ඉරිසියාකාරයො. ඕක මොකට සභාවෙන් අහුවද මන්දා.
කලබල වෙන්නේ එපා. සයිටම් එක ලංකාවේ SLMC එකත් තාම පිළිඅරන් නැත.
ලංකාවේ වෛද්‍ය සබාවෙන් අහලා එංගලන්තේ තීරණයක් ගත්තට මේක එංගලන්තෙන් පරීක්ෂණයක් කරලා ගත්තු තීරණයක් නෙවෙයිනේ. ඒ නිසා ලංකාවේ වෛද්‍ය සබාව මේක එලියට ගෙන කෑ ගහලා වැඩක් නෑ.
අපේ අයගේ හීනමානය මේකේ අදහස් දැක්කම පේනවා. එංගලන්තේ බෑ කියලනේ... දැන් ඉතින් ඒක වහන්නම ඕන වගේ තමා කතාව. පුදුම ජාතියක්. ඕනෑම නම් එ්කේ ප්‍රමිතිය වැඩි කරන එකනේ තියෙන්නේ.... මේක මහා ලොකු දෙයක් නෙමෙයිනේ.
එංගලන්තයේ දොස්තරලා වර්ජන කරනවද ලංකාවේ වගේ. ගෝඨාභයගේ ක්‍රමය කළොත් මේ වගේ කොමෙන්ට් ලියන්නත් පුළුවන්ද? අනිකාගේ බෙලි කැපීම, තමාගේ ගොඩ වැඩි කර ගැනීමට සුද්දවත් දැන් පාවිච්චි කරනවා. විමල් හිටියා නම් ජාත්‍යන්තර ප්‍රශ්නයක් කියා බිස්කට් කාලා මාරාන්තික උපවාසයේ. මොහොතකට මහින්දට බලය දුන්නා නම් ජී.එම්.ඕ.ඒ. සහ එස්.එල්.එම්.සී. එංගලන්තයට සයිටම් ආයතනය පිළිගන්නා ලෙස දන්වනු ඇත. මහින්ද බලයට ගෙනඒමට ලංකාවේ සයිටම් විරෝධී රැල සමගයි. හෙළුවෙන්. මේ සිරි ලංකාව... සිලෝන් නොවේ..
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලය දකුණු ආසියා තාක්ෂණික ආයතනය ලෙස එංගලන්තයේ ලියාපදිංචි වෙන්න හදලා. ඒත් මෙම ආයතනයට ලංකාවේ කියන්නේ දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය නමිනුයි (SAITM ).ඒ කියන්නේ SAITM අපිව අන්දලාද??
පුදුමයි අනේ අපේ කට්ටියට තවම තේරෙන්නේ නැද්ද? පිටරට දොස්තර විභාග පාස්කරලා එන අයට වගේ මේ ළමයින්ටත් Act16 විභාගේ ගන්න කිව්වනම් GMOA ප්‍රශ්නේ එතැනින්ම ඉවරයි.
පිළිගත නොහැකි සුදුසුකම් ලැයිස්තුවක් අප දැනට පිළිගන්නේ නැති සුදුසුකම්. මෙය අසාදු ලේඛනයයි........ BLACK ලිස්ට් නොවේ.
මහත්තයෝ බොරුවට කියවන්නේ නැතුව ජී.එම්.සී. එකේ වෙබ් එකට ගිහින් බලන්න. ඒකේ තියෙනවා මේවා බ්ලැක් ලිසිට් කරන්න හේතු. ලංකාවේ වගේ අරයා මෙයා කිව්වා කියලා පිළිගන්නවත්, ප්‍රතික්ෂේප කරන්නෙවත් නෑ. මේ රටවල්වල වගකිව යුතු අය නැහැ.
ලංකාවේ දෙයක් එංගලන්තය ප්‍රතික්ෂේප කලාම සතුටු වෙන "දේශප්‍රේමියෝ " ඉන්න කම්, ලංකාව තුන්වන ලෝකයේ වත්, හතරවන ලෝකයක් හැදෙනවා නම් ඒ ලංකාව නිසයි... ඒකවත් ඉතුරු වෙලා තියන එක ඇති...