රංජන් කස්තුරි
ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කිරීමට ලංවිම පාලනාධිකාරිය තීන්දු කර තිබේ.
අනියම් පදනම යටතේ සේවය කරන කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත්කරුවන් ඇතුළු තනතුරු කිහිපයකට අයත් පිරිසක් මෙලෙස සේවයෙන් ඉවත් කිරීමට තීන්දු කර ඇතැයි පැවසේ.
එම අනියම් සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා ඔවුන්ට ලංවිම පාලනාධිකාරිය අද පස්වරුවේ ලිපි නිකුත් කිරීම ආරම්භ කළ බව ද ලංවිම ප්‍රකාශකයෙක් කීවේය. ඉවත් කරන අනියම් සේවකයන් වෙනුවෙන් නවක සේවකයන් ඉතා ඉක්මණින් බඳවා ගැනීමට ලංවිම පලනාධිකාරිය තීන්දු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනයේ සාධාරණ අසාධාරණ කම් ගැන මම නොදනී. එහෙත් මොවුන්ද අප රටේ ජීවත්වන එදිනෙදා පාර තොටේ මුණගැසෙන අපේම සහෝදර පිරිසකි. යමෙක් පොදු මතය නිවැරදි වුවද වැරදි වුවද එම මතයට එරෙහිව යම් පියවරක් ගතහොත් ඔහුව පාවාදෙන්නෙකු ලෙස හංවඩු ගසා ඔහුව එම සමාජයෙන් කොන් කරනු ලබයි මෙහි සත්‍යතාව හොඳින්ම පැහැදිලි වන්නේ විශ්වවිද්‍යාල භූමිය තුළදීය. එම නිසා මොවුන් හට අනුකම්පාවෙන් කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමි.
රටක පාලනයක් තිබෙන බව රාජ්‍ය සේවකයන් දැනගත යුතුයි.
කොන්ද පණ ඇති තීන්දුවක්
ඉතාමත්ම හොඳ තීන්දුවක්.
ඉතාමත්ම සතුටු ප්‍රවෘත්තියක්, බැරිද වර්ජනය කරන දොස්තරයන්ටත් මේ වගේ දැඩි පියවරක් ගන්න අහිංසක ජනතාව වෙනුවෙන්!
ඉතා හොඳයි. මෙය වහාම පුද්ගලික අංශයට පැවරිය යුතුයි. මීටර් කියවීම වැනි දේවල් පරිගණක අශ්‍රිතව ස්වයංක්‍රීයව සිදුවන ක්‍රම සකස් කල යුතයි. අපේ විදුලි බිලෙන් විශාල ප්‍රමාණයක් වැය වන්නේ වැඩිපුර නිකන් ඉන්න අලස සේවකයන්ට අතිවිශාල පඩි ගෙවන්න. විදුලි බිඳ වැටීමකදී මොවුන් සැමදාම සවස 5 න් පස්සේ අතිකාල වැටෙන වෙලාවට විතරයි එන්නේ. දැන් බොරු දේශප්‍රේමයක් මවාගෙන. මේ කාලේ හැමෝම තමන්ගේ ජඩකම් වහගන්න දේශප්‍රේමය පාවිච්චි කරනවා.
ඒක හොද තීරණයක්.
80 ජුලි මාසය මතක් වෙනවා.
නියමයි...මෙන්න මේ වාගේ තමයි වෙන්න ඕනේ රටක් දියුණු කරනවානම්
මේ වර්ජනයන් හුදෙක්ම ඉල්ලීම් හරහා සිදුකරන වර්ජන කම්කරු ප්‍රමුඛ නොවේ. හොරා කෑ මහජන මුදල් වියදම් කරමින් රට අස්ථාවර කරමින් මහජනයා අපාහසු තාවයට පත්කරමින් සුළුපිරිසක් විසින් කලුසල්ලි වලට වර්ජන කරති. කම්කරුවෝ රැවටීමට බොරු සටන්පාඨ ඉදියට ගෙන කම්කරුවෝ මුලා කරති. මෙය වටහා ගත් රජය ඉතා හොද රටට හිතකර මහජනයාට වගකියන රජයක් විදිහට ඉතාමත් සුදුසු පියවරක් ලෙස වර්ජනය කලොත් සේවය අතහැර ගියාසේ සැලකේ .. යන්න ක්‍රියාත්මක කිරිමට ගත් තියනය රට ජාතිය ආගම මහජනයා වෙනුවෙන් ගත් ඉතා හොද කාලොචිත තීන්දුවක්.
හොඳ අදහසක්
වර්ජනය කලොත් සේවය අතහැර ගියාසේ සලකනු ලැබේ..
මේකේ ඉන්න කම්කරුවෙකුත් OT කරලා මාසයකට 95000 විතර ගන්නවා. එත් තව මදි වෙලා උද්ගෝෂණය කරනවා. මම විද්‍යාවේදී උපාධියක් තියෙන සංයුක්ත ගණිතය උගන්වන ගුරුවරයෙක් එත් මගේ වැටුප 35000. පුදුම රටක් මේක. මේ උද්ගෝෂණ කරන අය තරාතිරම නොබලා අයින් කරන්න තියෙන්නේ. මේවයේ ඔක්කොම ඉන්නේ දේශපාලන පත්වීම්. අඩුමගානේ අධ්‍යාපන සුදුසුකම්වත් නැතුව ඇති.
දේශපාලන අතකොලු වෙලා කළු සල්ලි වලට.. වර්ජනය කලොත් දොට්ට...
සුපිරි වැඩක්, රජයේ සියලුම දෙපාර්තමේන්තුවලට බදවාගත යුත්තේ තරග විභාග මගින් සහ සුදුසුකම් සම්පුර්ණ කල අයදුම්කරුවන් පමණයි. මෙය තමයි දියුණුවන රටක විය යුත්තේ , ආයතනයක විනය නීතිරීති වලට අනුකුලව සියලුදෙනා වැඩකලයුතුයි. මොකද රජය කලින්ම දැන්වුවා
ඇයි GMOA කට්ටිය? එයාලටත් මේ බෙහෙතම තමයි හරියන්නේ.
රටට ගැලපෙන තීන්දුවක්.
මේ අය වෙනුවට, අද සිටින රැකියා නැතිව සිටින උපාදිධාරීන් බඳවා ගන්න.
යහපාලනය ඉතාම හොඳට ක්‍රියාත්මක වෙනවා
ලංකාවට රාජ්‍ය සේවය ගැලපෙන්නේ නැහැ. ඕකට එන ඔක්කොම එන්නේ නිකන් ඉඳල පඩි සහ අල්ලස් ගන්න මිසක් සේවයක් කරන්න නෙමෙයි. මම කියන්නේ ලංකාවේ සියලුම රජයේ ආයතන පුද්ගලීකරණය කල යුතුයි. එවිට අඩුම තරමේ ජනතාවට ඉක්මන් සහ කාර්යක්ෂම සේවයක් ලැබේවි. අපේ රටේ කඩාවැටීමට ලොකුම හේතුව තමයි මේ අකාර්යක්ෂම රාජ්‍ය සේවය. ඔවුන් සියලු දෙනාම කරන්න දන්නා එකම දෙය තමයි තම අයිතිවාසිකම් ලබාගැනීමට සහ ඒවා ආරක්ෂා කරගැනීමට උද්ගෝෂණ කිරීම.
ජයවේවා! සේවකයෝ ඉන්දියාවෙන් ගෙන්වමු. එහෙ ලාබයි.
හොඳ වැඩේ. මෙහෙම තමයි කරන්න ඕන.
ඉතාමත් හොඳයි.
ඉතා හොඳ තීරණයක්. ස්ථිර අයගේ පඩි කැපුවම දඩුවම ගෙදරින්ම ලැබෙනවා. නිදහස වැඩි වෙලා නිසා තමයි මේ සේරම.
ලක්ෂ 20 ක් අපේ රටේ රැකියා නැති අය සිටියි ... ඒ අයට අවස්තාවක් දෙන්න මේවා මෙහෙයවන රට විනාසකරන්න කටයුතු කරන දේශපාලුවන්ගෙන් ඔය රටේ ආර්ථිකය කඩාකප්පල් කරන අය වර්ජකයේ ගැන බලාවි .
අන්න කොන්ද පන තියෙන වැඩකට අතගසලා තියෙනවා, හොඳ වැඩේ දොස්තරලාටත් ඔහොමම කරන්න, නැතිනම් රට හදන්න බෑ.
රජයේ අත්‍යවශ්‍ය සේවාවල බලධාරීන්ට මොලේ පෑදීගෙන එනවා වගෙයි ! සංස්ථා ඇතුළු අවශ්‍ය මහජන සේවා පාලනය කරන්නේ රජයද, සේවකයන්ද කියන ප්‍රශ්නෙට උත්තර මේ සේවකයන් "ඉල්ලන් කාලා" තිබෙනවා !! වර්ජන කර මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන දොස්තරලාටත් මින් ඉගෙනගත යුතු පාඩමක් ඇත
ඉතා හොද තීරණයක්. නිදහස වැඩිඋනාම ඔලුව උදුම්ම ගන්න පණ්ඩිතයින්ට හොද පාඩමක්.
ඕක තමයි කරන්න තියෙන්නේ.... වර්ජනය කරන මිනිසුන්ට වෙඩි තියල මරල වර්ජන නවත්වනවට වඩා සේවයෙන් ඉවත් කරලා දාන එක හොදයි...
යහ පාලකයෝ නාගන්නයි හදන්නේ.
රැකියාව කරන්න බැරි නම් ගෙදර යන්න... විමුක්ති පෙරමුණේ නායකයින්ගේ ගෙවල් වලට පදිංචි වෙන්න. වර්ජන වලට ඉඩ තියන්ඩ එපා. ඉවසුවා ඇති.
1983 දීත් මේ වගේ දෙයක් එවකට රජය කළා. පහළ තැනින්ම වතුර බහින්න කාණු කපන එක පාලකයින්ගේ ක්‍රමයයි. පුලුවන්නම් රට විනාශ කරන ලොකු ලොක්කන්ගේ වැඩ වර්ජන වලදීත් ඔය තීරණය අරන් පෙන්නමු. විෂම පාලනයේ අවිචාර වූ තීරණ කියන්නේ මේවා තමයි. ඔහොම යං පිපිරීම වැඩි ඈතක නොවෙයි.
අනේ හොඳයි... ඔයටික මීටකලින් කලානම්, ජීවිතයක්( මා දන්නාතරමින් එකය් ) බේරා ගන්න තිබුණා. බොහෝ පාඩු වළක්වාගන්න තිබුනා. මේක ඉදිරියටත් ආදර්ශයක්.......
හොඳ තීරණයක්, රජයක් වුණහම කෙලින් තීරණ ගන්න ඕනේ, හැමෝගෙම පද වලට නටන්න බෑ...
මෙන්න මේ වගේ පාලකයෝ තමයි ආයතන ප්‍රධානින් විදියට පත් කළ යුත්තේ. හරි දේ නිවැරදි වෙලාවට කළ යුතුය. එවිට සියලු දෙනා එයින් ආදර්ශයක් ගනු ඇත.
හොඳ තීරණයක්
ලොකු දෙයක් දැන්වත් ඕක කරපු එක
රටේ පාලකයෝ දැන් පටන් වත් කෙලින් තීරණ ගන්න ඕනේ නැත්නම් වෙන්නේ රට එක තැන පල්වෙන එක. දැන් සිදු වෙන්නේ ආණ්ඩුව ගන්න තීරණ වලට විරුද්ධව සුළු කණ්ඩායමක් පාරක් වහල උද්ගෝෂණයක් කල ගමන් ආණ්ඩුව තීරණය හකුලා ගැනීම.
ඔය වර්ජන කරන දොස්තරලාටත් ඔය වැඩේම කරන්න.
නියමයි.
කුමාර් , උපුල් වගේ අයගේ අදහස් දැක්කම තේරෙනවා මෙයාල ගේ මානසික මට්ටම.දොස්තරල ගෙදර යවල පත් කරන්නේ කොන්දොස්තරලද,? ඔයාල වගේ අයටනම් බෙහෙත් දෙන්න කොන්දොස්තරලත් හොඳ වැඩි අනේ..
ඉතා හොඳ තීරණයක්.
හොඳම තීරණයක්.
විදුලිබල මණ්ඩලයේ හොරුන්ට දඩුවම් දී ලයිට් බිල අඩුකරන්න කියල වර්ජනය කළාම ඒ අය ට රැකියාව නැති කිරීම හරිද?
විදුලිය කියන්නේ රටක මුලිකම අවශ්‍යතාවයක්. දියුණු රටවල මේ ආයතනවල සේවය අනිවාර්යයි. ඒත් අපේ රටේ වෘත්තිය සමිති නායකයන් කියාගන්න අය මේවා තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. මහජන සේවාව ගැන නොතකා මේ කරන අරගල නිසා රටේ කිසිම දියුණුවක් නැහැ. දැන් මේ අය වැඩි පඩි ගන්නකොට තව වෘත්තිය සමිතියක් හෙට පාරට බැහැල වැඩි පඩි ඉල්ලයි. මේකට හොදම උදාහරණය තමයි දොස්තරලගේ සංගමය. අසරණ ලෙඩ්ඩුන්ව ඇපයට තියල රජයට දෙන වදයක්. හැමදාම මහජනතාව අමාරුවේ.
ප්‍රශ්නේ විසදනවා වෙනුවට ඒක තව තවත් වැඩි කරනවා මෝඩ පාලකයෝ ඉන්නකොට. මේකත් සයිටම් හොර කඩේ සුපර් මාකට් එකක් කරා වගේ මේ ප්‍රශ්නෙත් ලොකු ප්‍රශ්නයක් කරලා තමයි නවතින්නේ.
යහපාලනයෙන් ගත්ත නිවැරදි තීරණයක්.... විදුලිබල මණ්ඩල සේවකයන් යනු ලංකාවේ ඉතාම ඉහල වැටුපක් ගන්නා රාජ්‍ය සේවකයින්. නමුත් ඔවුන්ගේ තණ්හාවේ සීමාවක් නැහැ. මහජනතාව පීඩාවට පත් කරලා හරි මොවුන්ට ඕනේ තමන්ගේ බඩ වඩා ගන්න.
සමන් මෙය සාමානය වැටුපට වඩා ආදායම් ලබන්නන්. මෙය වර්ජනය කිරීමට පෙර සහ එදින පසුව වත් නීතියට ගරු නොකළ පුද්ගලයින්... රජය ගත් තීරණයට අපි බහුතරයක් අනුමත කරමු.
මෙතන අදහස් දාලා තියෙන උදවියට ලොකු චූන් එකක් ගිහිල්ලා වගෙයි. ආණ්ඩුව, මෙතැනදීත් පහර දෙන්න හදන්නේ පොඩි මිනිහටයි. නිත්‍ය සේවකයින්ට නෙමෙයි. සමහරවිට ඔය අනියම් සේවකයින් ඔය වර්ජනේට යන්න ඇත්තේ, නිත්‍ය සේවකයින්ගේ පෙළඹවීම මත වෙන්නත් පුළුවන්. ඒ වුනත්, නිත්‍ය සේවකයින්ට අත තියන්න තරම් රජයට කොන්දක් නැහැ. මේ තීරණය ගන්න ඇත්තේ, අදාළ පුරප්පාඩු ටික පුරවන නාමයෙන් ගාන කපා ගන්නත් පුළුවන්නේ. නැතුව ජනතාවට යහපතක් කරන අදහසින් කියන එක ඉවත් කරගන්න. මොකද, මේකත් කොහෙත්ම ජනතාවාදී ආණ්ඩුවක් නෙමෙයි.
රට වෙනුවෙන් මහජනයා වෙනුවෙන් ඔය ගත්ත තීරණය ඉදිරියේදී සියලු වර්ජකයින්ට කොන්ද කෙලින් තියා ගන්න. නිදහස අයුතු ලෙස පරිහරණයේ ... මේවා පසුපස දේශපාලකයෝ ඉන්නවා. මහජනයා වෙනුවෙන් මේ ගත් තීන්දුවට... ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු රජයට ජයවේවා !!! මහජනයා රජය සමඟයි..
නියමයි ජනතාව වෙනුවෙන් රජය දැඩි තින්දුවක ..රජයට ජයවේවා ..!!
දොස්තරලා වර්ජන කරන්නේ පඩි වැඩි කරගන්න නෙමෙයි. ඔබත්, මමත් ලබන සෞඛ්‍ය සේවාව රැක ගන්නයි. නිකන් බොරු කතා කියමින් එතුමන්ලාට බනිමින් සිදුවන පහත් මානසිකත්වය නිරූපණය නොකරන්න.