(ඩයනා උදයංගනී)
යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවය පවතින බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී කේ. ශිවාජිලිංගම් ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර තිබේ.
ශ‍්‍රී ලංකා රජයේ හමුදාව යුද අපරාධ සිදු කර ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප‍්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ යැයි ශිවාජිලිංගම් එහිදී ප්‍රකාශ කර ඇත.
ජිනීවා මානව හිමිකම් කවුසලය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ පවසා ඇත.
"2015 වසරේ සැප්තැම්බර් මාසයේ ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ යෝජනාවලියට අදාළව මෙතෙක් කිසිදු සාධනීය පිළිතුරක් අනුගමනය කර නැහැ. දෙමළ ජනතාව අඛණ්ඩව බලාපොරොත්තු වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවයි. යුද අපරාධ සම්බන්ධයෙන් තමන් සතුව වැදගත් සාක්කි රැසක් ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර තිබෙන බව මෙහිදී විශේෂයෙන් කිව යුතුයි. හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු හමුදා සාමාජිකයින් 30 දෙනෙක් යුද අපරාධ සිදු කර ඇති බවට ඔහු පවසනවා.
නමුත් ඊට දින දෙකකට පසුව ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කියන්නේ යුද වීරයින්ට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වන්නේ නැහැ කියලයි. ශ්‍රී ලංකාවේ අද තත්ත්වය මෙන්න මේකයි. අවසාන වශයෙන් මගේ ඉල්ලීම වන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍යයි කියන එකයි."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියන්තර අධිකරණ අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ විනිවිධ භාවයක් සහිතව ඇති කරන දේශීය අධිකරණයක්. ජාත්‍යන්තර අධිකරණ ඉල්ලීම එන්නේ යුරෝපීය සංගමයේ ජාත්‍යන්තර (විශ්ව) ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීමේ මූලෝපාය වල තවත් එක් අංගයක් ලෙසයි. ජාත්‍යන්තර නීතියේ මෑතකාලීන ප්‍රවනතා ගැන අවබෝධයක් ඇති අය මේ ගැන දන්නවා ඇති. ජාත්‍යන්තර අධිකරණ ඉල්ලීම නව යටත් විජිත වාදයේ බලවත් රටවල් විසින් බලයක් නැති රටවල් පාලනය කිරීමෙ එක් උපායක් / අංගයක් පමණි. එනම් රූකඩ රාජ්‍යයන් බිහි කිරීමේ ප්‍රතිඵලයකි.
ඉස්සෙල්ලම කරපු අපරාධ ගැන ජාත්‍යන්තර අධිකරණයක් තියලා වැරදි කරුවන්ට දඬුවම් දීලම ඔය වැඩේ පටන්ගන්න කියන්න. එතකොට ඔය තියෙන අර්ශස් අමාරුව හොඳ වේවි.
දැන් ෆොන්සේකා මැතිතුමාට හොඳයි නේද? නපුරු මිනිසුන් හැමවේලෙම කරන්නේ නපුරු පහත් වැඩ විතරයි.
අපේ අයගේ කටවල් හොඳ නෑ නේ. ඉන්නවනං ඒ විදිහට ඉන්න... නැත්තම් තමිල්නාඩු යන්න.
ශිවාජිලිංගම් මහත්තයෝ හමුදාවේ යුද අපරාද ගැන හොයන්න ඉස්සල්ලා ඔයාගේ මස්සිනා ප්‍රභාකරන් කරපු අපරාද ගැන ජාත්‍යන්තර කොමිසමක් ඉල්ලන... ඒ අයට දඬුවන් දුන් පසු අපි බලමු මොනවද? කරන්න පුළුවන් කියල ඔයාට මතකද දන්නේ නෑ එල් ටි ටි ඊ එක කරපු අපරාද මොනවද කියල වහාම මෙයාව අත්අඩංගුවට අරන් හිරේ දාන්න රට පවා දෙනවට....
එක පාරක් සුදු කොඩි කතාවක් කියල රටම පාවලා දුන්න..මේ පාර යුද අපරාද කළා කියල සාක්ෂි දෙන්න ලෑස්ති වුණා..කඩේ යන අය ඉන්නකම් මේ රට දිගටම පාවලා දෙයි...
ප්‍රභාකරන් ගිය තැනටම තමා මෙයාටත් යන්න වෙන්නේ...ගහන්න ගහන්න වදින එකා මෝඩයා කියලා සිංහලයෝ දන්න බව තේරෙන්නේ නැද්ද?
කොටි තමයි යුද්ධය පටන්ගත්තේ..., ඉතාම අමානුෂිකව අසරණයන් ඝාතනය කළා. හමුදාවේ අයට දස වද දීලා මරල දැම්මා.. මේ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයයි කියලා කියන්න තරම් කෙනෙක් අපේ රටේ නැද්ද..? යම් කිසි හඬක් නැගුවේ සරත් වීරසේකර මහතා විතරයි..
මේ ශිවාජිලිංගම් කියන පුද්ගලයාට තස්ත්‍රවාදීන් විසින් සිදු කරන ලද යුධ අපරාධවල දඬුවම බැර කරන්න..