ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින් ශ්‍රී ලංකාවේ පිළිගනු ලබන වෛද්‍ය විශ්ව විද්‍යාල අතර මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහන් නොවෙයි.
http://www.amc.org.au/assessment/list-of-medical-schools

–022
ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින් ශ්‍රී ලංකාවේ පිළිගනු ලබන වෛද්‍ය විශ්ව විද්‍යාල අතර මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහන් නොවෙයි.
http://www.amc.org.au/assessment/list-of-medical-schools

–022
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් ලොකේ තියන හැම රටේම කවුන්සිල් ගැන පලකරාවි. අපි වැඩේ ලේසිකරගමු. සියලුදෙනාගේ දැනගනිම පිණිස මෙය පලකරමි. යම් රටක වෛද්‍ය විද්‍යාලයකින් උපාධිලත් වෛද්‍යවරයකු, යම් රටක සේවය කිරිම සදහා වන විභාගයට පෙනිසිටිම නම්, අදාල පුද්ගලයා උපාධියලත් විද්‍යාලය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලැයිස්තුගත වෛද්‍ය විද්‍යාලයක් වීම මුලික සුදුසුකම ලෙස සැලකේ. ලැයිස්තුගත විද්‍යාල ලැයිස්තුව ඔබට අන්තර්ජාලයෙන් සොයාගත හැක. ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාල මෙම ලැයිස්තුවට ඇතුලත් බැවින් විදෙස් රටවල පවත්වන විභාග සදහා පෙනිසිටිමේ අවකාශය අැත. නමුදු සයිටම් අායතනය එසේ ලැයිස්තුගත විද්‍යාලයන් නෙවේ. එබැවින් එයින් පිට වන්නන් හට අල්ලපු අත්ත හෝ පයගහපු අත්ත යන දෙකම නැත.
ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සභාව ලංකාවේ වගේ රජයට කෙලින්ම සම්බන්ධ නැහැ. එයත් පෞද්ගලික ආයතනයක්.
ලංකාවේ සයිටම් එකට ගරහන උදවියට ඔස්ට්‍රේලියාව ලොකු වුනාට, ඕස්ට්‍රේලියාවේ කිසිම වෛද්‍ය විද්‍යාලයක උපාධියක් පිළිගැනීමට බොහෝ කලකට පෙර ලංකාවේ "කලම්බු මෙඩිකල් කොලේජ්" උපාධිය එංගලන්තයේ වෛද්‍ය සභාව විසින් පිළිගත් බව කියන්න කැමතියි . 1972 ජනරජ ව්‍යවස්ථා නාඩගම වේදිකාගත කරන තෙක් ලංකාවේ වෛද්‍ය උපාධිය සහ ඉන්ටර්න්ෂිප් එක සම්පුර්ණ කල වෛද්‍යවරුන් එංගලන්තයේත් වෛද්‍යවරුන් ලෙස පිලිගැනුනා. ජාත්‍යාලය කියන්නේ තම රට තවත් රටකට සාපේක්ෂව පහත් කර සැලකීම නොව හැකි සැම විටකම තම මව් රට උසස් කොට සැලකීමයි.
මොන තරම් හොඳ දෙයක්ද? අපේ කොල්ලොන්ට, කෙල්ලොන්ට වල කැපිලා, මේකෙම ලිං මැඬියන් සේ ඔහේ ඉන්නට පුළුවන්. ඕකනේ, අපායෙත් ලංකාවේ අය ඉන්න අය තැන්වල මුර කාරයන් දමා නැත්තේ. මොකද, අපායෙනුත් අපේ කෙනෙක් එළියට එන්නට හැදුවොත්, අනික් ඉන්න අය කොහොම හරි ඔහුව කකුලෙන් ඇදලා අපායේම තියා ගන්නවා.
එංගලන්ත වෛද්‍ය සභාව පිලි නොගන්නා බවට ප්‍රසිද්ධ කර ඇති ඉන්දියාවේ රාන්චි විශ්ව විද්‍යාලයේ මහත්මා ගාන්ධි මෙමොරියල් මෙඩිකල් කොලේජ් එකේ ඉගෙනගත් දොස්තරලා කී දෙනෙකුට ලංකාවේ වෛද්‍ය සභාවෙන් අනුමැතිය දී තිබෙනවාද?
හැබැයි කියන්නේ කොළඹ වෛද්‍ය පිඨයට වඩා හොඳයි කියලා.. මෙහේ සල්ලි බලෙන් ගත්තට එහේ බෑ..
සෑම්, පොඩ්ඩක් හොයලා බලන්න. ඔය කියන ඔය කැම්පස් එක වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලයිස්තුවේ තියනවද කියලා.. ඉන්දියවේ මෙඩිකල් ෆැකල්ටි 9 ක් විතරයි පිලිගන්නේ.. දන්නේ නැත්තම් කරුණාකරල වෙබ් සයිට් එකට ගිහිල්ලා බලන්න...
ඉතියෝපියානු වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී තිබේද කියාත් සොයාබැලිය යුතුයි.
අපොයි.. බැලින්නම් සයිටම් කියන්නේ හොර ගුහාවක්නේ..
මේවා විකාර කතා - ඔය පිටරට ගිහින් ඉගෙනගෙන ලංකාවේ විභාග පාස්වෙලා වැඩ කරන දොස්තරලා ඔක්කොම ඉගෙන ගෙන තියෙන්නේ ඔය කියන රටවල පිළිගත්ත විශ්ව විද්‍යාලවල විතරද?
අසරණ රෝගීන්ගෙන් මුදල් ගසාකන, රෝගීන්ගේ ජීවිතය මුදල මත තීරණය කරන ලංකාවේ කළුකඩ දොස්තරලා ඔය ලිස්ට් එකෙන් ඉවත් කරන්නේ කවදද කියලා අපි නොඉවසිල්ලෙන් බලා සිටිනවා.
නියම ක්‍රමවේදයට ඉල්ලුම් කලොත් සයිටම් දොස්තරලටත් පිළිගැනීම ලැබෙයි. ඇමෙරිකාවේ කැනඩාවේ වගේ රටවල් වල ලංකාවේ වෛද්‍ය සභාව පිළිගන්නේ නැහැ. එහෙ විභාග කරලා පාස් වෙන්නේ නැතුව. ඒක එක එක රටවල් අනුව සිදුවෙන දෙයක් මිස කාගෙවත් අමුතු හැකියාවක් නෙවෙයි.
ලෝකේ කොහෙවත් අලුතෙන් වෛද්‍ය විද්‍යාල පටන්ගත්තු හැටියේම ලෝකේ පුරාම තියෙන අනිකුත් වෛද්‍ය විද්‍යාල වලින් ඒක පිළිගන්නේ නෑ. එ්කට කලක් යනවා... පිටරටක ඇති ලුමුම්බා වෛද්‍ය විද්‍යාලය පවා ලංකාවේ හා බටහිර රටවල පිළිගත්තේ සැහෙන කල් ගිහිල්ලා.
කොතලාවල වෛද්‍ය පීඨයත් මේකට අතුලත් නැහැනේ...
කොහේ ඉගෙනගත්තත් මොකද ? උන්හිටි ගමන් වැඩ වර්ජන කරමින්, මහජනයා අපහසුවට පත් කර වෘත්තීය ගරුත්වය කෙළෙසා දොස්තර වෙන්න ඉන්න කෙනා හාවඩ් වලින් ඉගෙනගෙන ආවත් වැඩක් නැහැ.
හිස් වචන කියන්න එපා
ලංකාවේ හොර උපාධි කඩවලට පිළිගැනීමක් තිබුනට, ලෝකයාගෙන් පිළිගැනීමක් නැති බව පේනවා නේද?
අපේ අයට දැන්වත් ඇස් ඇරෙන්න ඕනේ.
සයිටම් පටන් ගන්න කලින් අපේ කොල්ලො,කෙල්ලො ලිං මැඩියො විතරයි, ඒ අයට කරන්න වෙන කිසිම දෙයක් ලංකාවෙ තිබුනෙ නෑනෙ. සයිටම් පටන්ගත්ත ගමන් නෙවිල් මහත්තය අපේ කොල්ලො,කෙල්ලො ටික ලිං මැඩි තත්වෙන් මුදව ගත්තා. දැන් සයිටම් එක හොද නෑ කියලා ඒක වැහුනොත් ඒ ගොල්ලො ආයෙ ලිං මැඩියො වෙනවා, ආයෙ ඒ අයට කරන්න කිසිම දෙයක් ලංකාවෙ ඉතිරි වෙන්නෙ නෑනෙ. අනේ අනිච්ඡං
ලංකාවේ වංචනික දේශපාලකයින් හිරගෙදරට ගියහම ඔවුන්ව රෝගීන් බවට පත් කරන අරුම පුදුම දොස්තරලා ලංකාවේ ඉන්නවා කියලා ඕස්ට්‍රේලියන් ජාතිකයෝ දන්නවද?
එතකොට කොතලාවල... එ්ක තියෙනවද? මොකද එ්ක ගැන සද්ද දාන්නේ නැත්තේ?
ප්‍රසාද් මහතා, ඉන්දියාවේ වෛද්‍ය පීඨ 09 ට වැඩියෙන් පිළිගෙන තිබෙනවා. අදාළ වෙබ් එකට ගිහිල්ල බලන්න වෛද්‍ය පීඨ 100 කට ආසන්න වැඩිය පිළිගෙන තිබෙනවා. මෙම ලිපියේ මුල තිබෙන වෙබ් පිටුවට පිවිසී රට ඉන්දියාව ලෙස ටයිප් කර බලන්න. තවද වෛද්‍ය පීඨ පිටයක් පිළිගැනීමට අවශ්‍ය සායනික පුහුණු වීම පමණක් අවම වසයෙන් අවුරුදු 02 වත් තිබිය යුතු කියා තිබෙනවා. එම වෙබ් එකට හොඳට කියවා බලන්න. මෙම සායනික පුහුණු කාලයේදී රෝගීන් සමඟ කාලය ගෙවීම ඉතා අවශ්‍ය කරුණක් බවත් කියා තිබෙනවා .සයිටම් එකට මෙම පුහුණු වීම තිබෙනවද ?
අපේ රටේ සෞඛ්‍ය සේවයට තිබෙන ලොකුම ප්‍රශ්නය මේ සියිටම් එකද ? ගොඩක් රජයේ රෝහල් පිරිලා.ලෙඩ්ඩු ඉන්නේ බිම.සමහර ඇදන්වල වල මකුණෝ පිරිලා.වසිකිලිවල තත්වය ගැන කියල වැඩක් නැහැ. දොස්තරලගේ,නර්ස්ලගේ, සාත්තු සේවිකාවන්ගේ රැවුම් ගෙරවුම් වල ඉවරයක් නැහැ. බෙහෙත් ගෙනෙන්න වෙලා තිබෙන්නේ ෆාමසියෙන්. රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්න එක හරියට අපායට යනවා වගේ විශාල මානසික සහ ශාරීරික පිඩාවක් .
අනේ 1972 ජනරජ ව්‍යවස්ථාව කොහොමද? නාඩගමක් උනේ! මහා රැජිණගේ ආණ්ඩුව කිය කියා 1972 ට පෙර නාඩගම් කෙරුවේ! ලංකාවේ උපාධි දෙන උසස් අධ්‍යාපන ආයතන එදත් අදත් ලෝකයේ හුගක් රටවල් පිළිගන්නවා! එම විශ්ව විද්‍යාල වලින් සමත් අය හුගක් රටවලට පශ්චාත් උපාධිය ලබා ගැනීමට එනවා කිසිම ගැටළුවක් නැතිව! ඔය අලුතින් පටන් ගත්ත නාඩගම් ආයතන වලට තමා ඔය පිළිගැනීමේ ගැටළු ඇති වෙලා තියෙන්නේ!