රංජන් කස්තුරි
සයිටම් ආයතනයේ වර්තමාන කොටස් හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කළ යුතු බව සයිටම් ආයතනය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පත් කළ කමිටුව යෝජනා කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු නියෝජිතයන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුව මගින් ඉකුත්දා (11) ජනාධිපතිවරයා වෙත බාරදී තිබෙන සයිටම් ගැටළුවට විසඳුම් සහිත වාර්තාවෙන් එම යෝජනා ඉදිරිපත් කර ඇත.
ඒ අනුව දැනට ලාභ ලබන චේතනාවෙන් යුතුව පාලනය කරන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පවුලේ හිමිකාරිත්වයෙන් හා කළමනාකරණ ව්‍යූහයෙන් සයිටම් ආයතනය ඉවත් කළ යුතු අතර ඒ වෙනුවට පුළුල් පදනමක ව්‍යූහයක් සහිත ලාභ නොලබන නව ඒකකයක් නිර්මාණය කළ යුතු බවද එම යෝජනා මාලාවේ සඳහන් කර ඇත.
මීට අමතරව වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවම ප්‍රමිතීන් ගැසට් කළ යුතු අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කරන ලද කෙටුම්පත ඒ සඳහා පාදක කර ගත යුතු බවද එම යෝජනාවේ සඳහන්වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.