රංජන් කස්තුරි
සයිටම් ආයතනයේ වර්තමාන කොටස් හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කළ යුතු බව සයිටම් ආයතනය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පත් කළ කමිටුව යෝජනා කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු නියෝජිතයන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුව මගින් ඉකුත්දා (11) ජනාධිපතිවරයා වෙත බාරදී තිබෙන සයිටම් ගැටළුවට විසඳුම් සහිත වාර්තාවෙන් එම යෝජනා ඉදිරිපත් කර ඇත.
ඒ අනුව දැනට ලාභ ලබන චේතනාවෙන් යුතුව පාලනය කරන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පවුලේ හිමිකාරිත්වයෙන් හා කළමනාකරණ ව්‍යූහයෙන් සයිටම් ආයතනය ඉවත් කළ යුතු අතර ඒ වෙනුවට පුළුල් පදනමක ව්‍යූහයක් සහිත ලාභ නොලබන නව ඒකකයක් නිර්මාණය කළ යුතු බවද එම යෝජනා මාලාවේ සඳහන් කර ඇත.
මීට අමතරව වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවම ප්‍රමිතීන් ගැසට් කළ යුතු අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කරන ලද කෙටුම්පත ඒ සඳහා පාදක කර ගත යුතු බවද එම යෝජනාවේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉස්සෙල්ලා කරන්නයි තිබුණේ...
අපේ භාෂාව මාරයි. මේකටත් කියන්න එකක් තියනවා "කැලේ මාරු කළාට කොටියාගේ පුල්ලි මාරු වෙන් නෑ"
ප්‍රශ්නේ තියෙන්නේ හිමිකාරීත්වයට වඩා ප්‍රමිතිය... වෛද්‍ය සභාවේ යෝජනා, ඇක්ට් 16 වගේ විභාගයට පෙනිසිටිම ප්‍රතික්ෂේප කරලා තිබේ. ඉතින් කොහොමද විසඳුමකට එන්නේ?
මෙතන ප්‍රශ්නය දන්නා අයට වැඩිය නොදන්නා පුද්ගලයන් ඉන්න එකයි. සෑම් වගේ ඉංග්‍රීසි නම් තියෙන අය...
සයිටම් එකේ දේශපාලකයින්ගේ ළමයින්ට පන්ති සාමාර්ථ අනිත් ළමයින්ට වඩා වැඩි බවක් සයිටම් ළමයින්ම කියනවා. එහෙම තැනක ප්‍රමිතිය ගැන ලොකු ප්‍රශ්නයක් නෙමෙයිද ඇතිවෙන්නේ්?
මේක මගඩියක් ජනතාව රවටා කැරකෙන් හෝ කෙමනෙන් අජිත්ගේ අබිප්‍රාය ඉස්ට කරන්න යාමට මගක් ,,කළමනාකාරිත්වය සියල්ල රජයට ගෙන ක්‍රියා කරන්න ,,,සෛටෙම් නම කතාවෙලා අසාදු ලේඛන ගත වෙලා මේකට ගැටයක් විදියට මේක කරන්නේ සෛටෙම් වහන්න ,,බොරුවැඩ කරලා ජනතාව රවටා ගොනාට අන්දන්න එපා මොකක්ක්ද සෛටෙම් වහන්න බැරි හේතුව ජනාධිපතිට මිනිහෙක් ගෑනියක් කරන්න ගැහැනියක් පිරිමියෙක් කරන්න විතරයි බැරි විධායක ජනාදිපති විදියට ,,මෙහි නිර්මාතෘ මැතිතුමා මේක ප්‍රකාශ කලා ,,,ඉතින් සෛටෙම් වහන්න ,,,සෛටෙම් වහන්න ,,ජනතාව ගොනාට අන්දන්න එපා ,,අපේ අහිංසක දුප්පත් දරුවන් ගේ දොස්තර සිනිහය බොද කරන්න එපා ,,,
ප්‍රශ්නය තිබුනේ සයිටම් ආයතනයට ප්‍රමිතියක් නැහැ කියලා නේද? දැන් නෙවිල් ප්‍රනාන්දු මහතා ඉවත් කලාම සයිටම් ආයතනයට ප්‍රමිතිය එනවාද? නෙවිල් ප්‍රනාන්දු මහතා කෝටි ගණන් වියදම් කලේ සේවයක් සමග යම්කිසි ලාබයක් ලැබීමටයි. මේකට තමයි සිංහලෙන් කියන්නේ හිසේ ඇම්මට කෝට්ටේ මාරුකරනවා කියලා. මත්පැන් නිෂ්පාදනය කර කෝටි ගණන් ලාභ ලබනවාට විරුද්ද නැතිනම් අධ්‍යාපනයෙන් ලාබ ලැබුවම මොකද වෙන්නේ. පිනට ඉගෙන ගෙන දොස්තරලා වෙන අය පිනට බෙහෙත් දෙනවාද? මේ ගොල්ලන්ගේ වැදි බණ
මත්පැන් නිෂ්පාදනය කර කෝටි ගණන් ලාභ ලබනවාට විරුද්ද නැතිනම් අදයාපනයෙන් ලාබ ලැබුවම මොකද වෙන්නේ. පිනට ඉගෙන ගෙන දොස්තරලා වෙන අය පිනට බෙහෙත් දෙනවාද
සයිටම් එකේ ළමයි ගැන මිට වඩා පුළුල් ලෙස බලන්න. දෙමවුපියන් විසින් සමහර ළමයින්ව ඇද දමන ලද වලක්. සල්ලි වලට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා ළමයින්ට පෙන්නුවම වෙනදේ. සමහර ළමයි කලා විෂයන්ගෙන් සමත් ළමයි ලු. කරන්න පුළුවන් එක දෙයක් තමයි දැනට පාඨමාලා ඉවර කරපු ළමයින්ට මුලසිට ප්‍රමිතියානුකූල විභාග වලට නැවත වරක් පෙනීසිටින්න සැලසීම. මාස හයෙන්, හයට වගේ. එතකොට තව අවුරුදු දෙකක්, තුනක් යනකොට ඒ ළමයි සුදුසුකම් සපුරාවි. දැනට පාඨමාලා ඉවර කරගෙනයන ළමයින්ගේ මූලික අධ්‍යාපන හා ප්‍රමිතීන් දැඩිලෙස පරික්ෂාකර එම ළමයින්ගේ සුදුසුකම් අනුව වර්ගීකරණය කර එම ළමයින්ටත් සහන ක්‍රමයක් සැලසීමයි. ප්‍රමිතිකරණයට අවශ්‍ය උපදෙස් ලෝකයේ පිළිගත් වෛද්‍ය සභා හා ආයතන වලින් ලබාගත යුතුයි.
ඉතාම හොඳ සාධනීය යෝජනා. තමන්ගේ අධ්‍යාපනය හොඳනම් ඇක්ට් 16 විභාගයට සිසුන් සහභාගි කරවීම පාරාජිකාවක් නොවේ.. එය පුද්ගලික අධ්‍යාපන ආයතන වල ප්‍රමිතිය තහවුරු කිරීමට රජය ගන්නා පියවරක් ලෙස ගත හැකියි. අනෙකුත් වෘත්තීය ආයතන වල තම වරලත් සුදුසුකම් දීමට එවැනි විභාග පවත්වනවා. මේ කමිටුවේ යෝජනා හොඳයි සාධනියයි.
තවත් දහන් ගැටයක් තමයි. මේක වහල දාලා රාගම හැදුවා වගේ රජයේ විශ්ව විද්‍යාලයක් කළානම් ඉවරයිනේ. මේවා ඔක්කොම අර රාජිත කියන කෙනාගේ වැඩ. දැන් මේක පිළිගන්නෙම නැති තත්වෙට ආවට පස්සේ තවත් මොකක්හරි ගැටයක් ගහනවා එ්කෙන් බේරෙන්න. රටටම ලැජ්ජයි මෙහෙම අය හින්දා.
වන් ශ්‍රී ලංකන් මහත්තයෝ පිස්සො එක්ක ගණන් හදන්න යන්න එපා කියලා කථාවක් තියෙනවා.. ඉගෙනගන්න කාලෙ ළමයව හරි මග යවන් නැතුව පස්සෙ සල්ලි බලෙන් කොහොමහරි වෙද නලාවක් දමනවයි කියලා හිතාගෙන හොර ගුහාවකට දාල ඒකෙ එක එක මගඩි අහුවෙනකොට හිතේ දුක වාවගන්න බැරුව කියන කථා සමහරු ඔය.. ඒවට කරන්න දෙයක් නැත