(නිමන්ති රණසිංහ,මනෝප්‍රිය ගුණසේකර)
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු අද(14) කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයදුම් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළහ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ලබන 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ දෙන්නට ඇප ලැබුනොත් හෝ නිදහස් වුනොත් , අර එකතු කරන රුපියල රුපියල කාටද දෙන්නේ . අනික අභියාචනයක් අයදුම් කරමින් සිටින වෙලාවක ඇයි කලබලෙනේ මහජනතාවගෙන් මුදල් ඉල්ලන්නේ . අනිත් කාරණාව මෙම නඩු තීන්දුව ගැන සමහර උදවිය ප්‍රසිද්දියේ විවේචනය කිරීම උසාවියට කරන අපහාසයක් නොවේද ?
කාටහරි මේ සිල් රෙදි ගැන සාක්කියක් ඕන නම් මට ලැබුන මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත සිල් රෙදි පැකට්ටුව සහ බිත්ති ඔරලෝසුව තවම මා ළඟ තියෙනවා, මේවා ලැබුනේ පන්සලකින් නොවේ , චන්ද කැම්පේන් කල කට්ටියක් ගෙදරට ඇවිත් දුන්නා , සත්‍යය එයයි.
මේ දෙදෙනා මේ සිල් රෙදි මුදල් වංචාව නොදැන කලා නෙමෙය්.රජා අගමෙති කාලේ ඉදන් මේ අය මහජන මුදල් හොරකම් කලා.හොර ලෙඩ සහතික පෙන්නලා දැන් බන්දනාගාර රෝහලේ ඉන්නේ.මහජනතාවගේ ඇස් වහල මේ කරන හොර පාර නවත්තල බරපතල වැඩ සහිත සිරකුටියට දාන්න.මොකද මේක ලෝක විහිළුවක්.
සාමාන්‍ය පුරවැසියෙකුට ඉක්මනින් මේවගේ අැප ගන්න පුලුවන්ද?
රුපියල් මිලියන 600 ටයම සිල්රෙදි බෙදුවද කියලා කවුද දන්නේ? රටටම බෙදුවහැකි නේ.
මහජන මුදල් රුපියල් මිලියන 600ක් සිලිරෙදි බෙදන්න කිව්වම කියන්න කලින් පැනලා බෙදලා. මෙයාලගෙ පුද්ගලික ධනයෙන් රු.60 ක රෙද්දක් බෙදන්න කියන්නකෝ බලන්න
දැන් මේ දෙන්නට ඇප ලැබුනොත්, එකතු කරන රුපියල රුපියල කාටද දෙන්නේ
ලංකාවේ ජනගහනය මිලියන 20 යි. එයින් බෞද්ධ අය 70% ක් පමණ. එයිනුත් ළමයි, තරුණ ඉතා මහළු අය ඇරුනම සිල් ගන්න අය අතලොස්සයි. ඒ සිල් ඇත්තන්ටනේ මේ මිලියන 600 ක රෙදි අපේම මුදලින් බෙදුවයි කියන්නේ. මාර ගනන් රෙද්දක් වෙන්න ඹ්නේ
සාමාන්‍යයෙන් පෝයදාට මුළු ලංකාවෙම කිදෙනෙක් සිල් ගන්නවද කියලා දත්ත තියෙනවද? ඒ ටික දෙනාටනේ මිලියන 600 රෙදි බෙදලා තියෙන්නේ
මේ අවුරුද්දට ඉස්කෝලේ ළමයි ලක්ෂ 43 කට නිළ ඇඳුම් වලට වියදම ලක්ෂ 24500 යි. සිල් රෙදි වලට 2014 දී ලක්ෂ 6000 ක් වියදම් කරලා තියෙනවා. ඒ අනුව අඩුම වශයෙන් ලක්ෂ 10 කට සිල් රෙදි බෙදන්න ඇති ඒ නිසාම 2015 ජනාධිපතිවරණයේදී චන්ද දායකයින් ලක්ෂ 10 ක් සහ ඔවුන්ගේ සමහර ඥාති මිත්‍රාදියන්ගේ චන්ද වලට බලපෑමක් වෙන්න ඇති.