එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරය අද (19) නිව්යොර්ක් නුවරදී ආරම්භ කෙරෙන අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය ඊයේ (18) පස්වරුවේ නිව්යොර්ක් නුවර එක්සත් ජාතීන්ගෙ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි.
රාජ්‍ය නායකයින් පමණක් සහභාගී වූ මෙම සැසිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී විය.
ලෝක රාජ්‍යයන්ගේ සාමුහික සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරි ගමනෙ කෙසේ විය යුතු ද යන්න පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩිකර ගැනීම, සහයෝගිතාවය ප‍්‍රවර්ධනය මෙන්ම පරිපාලන වියදම් අඩුකර ගනිමින් සාමාජික රටවලට වැඩි ප‍්‍රතිලාභ හිමිවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව ද පුළුල් අවධානයක් යොමු කැරිණි.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින් මෙමසැසියට එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට කීර්තියක් ගැන කීමට ඔබතුමාට හැකිවේවා! ට්‍රම්ප් කැමති නෑ නොවැ වෙන මිනිස්සු ඒ රටේ ආර්ථිකය කනවට. ඔබතුමාත් අපිත් කැමති නෑ කියල. එහෙම කියල ට්‍රම්ප් ගෙන් අහන්න පිට දෙසක්කාරයින්ගෙන් අපට හරි කරදරයි, අපේ ගොයියලත් උන්ව පුළුවන් තරම් ගෙන්න ගන්න හදනවා. බැරිද එකෙන් ගැලවෙන්න උපදේසයක් දෙන්න කියල.