ආරියරත්න රණබාහු
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම සඳහා එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.
මෙය නොගෙනේම ආණ්ඩුව මීට දින කිහිපයකට පෙර තීරණයක් ගත් බව රජයේ ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමත විචාරණ අවශ්‍ය වන වගන්ති හැර සෙසු ඒවා තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කරගන්න පුළුවන්. මට තියෙන ගැටලුව ආණ්ඩුව මේක නොගෙන ඒමට තීරණය කළා නම් ඇයි අද මධ්‍යම පළාතේ සම්මත කරගත්තේ?
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක තියනවා .සම්මුතිවාදී ආණ්ඩුව නිසා ජනමත විචාරණේ ජය ගත හැකිය .
මේ පනත පළාත් සභා ඡන්ද එකම දිනක පැවැත්වීමට නොව ඡන්දය කල් දැමීමටයි.
පුදුම බයක් තියෙන්නේ, මහා මැතිවරණයත් කල් දාන්න 21 ත් ගෙනෙයි.