මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නවක සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව රජයේ ආරංචි කියයි.
දෙසැම්බර් 31 වැනිදා තෙක් හෝ වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතිය ගැසට් කරන තුරු සිසුන් ගැනීම තාවකාලිකව නැවැත්වීමට නියමිත බව ද එම ආරංචි සඳහන් කරයි.
සයිටම් ගැටළුව ගැන සොයා බැලීමට නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවේ තීරණයක් අනුව මෙම තීරණය ගෙන තිබේ. එම කමිටු වාර්තාව පසුගිය 11 වැනි දා ජනාධිපතිවරයාට බාර දුන්නේය.
අදාල පාර්ශ්ව සමඟ දීර්ඝ ලෙස කළ සාකච්ඡාවලින් පසු කමිටුව ලබා දුන් නිර්දේශය අනුව සිසුන් ගැනීම තාවකාලිකව නතර කරන ලෙස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා අද (15) සයිටම් ආයතනයට දැනුම් දුන්නේය. ලේකම්වරයා එය දැනුම් දී ඇත්තේ විශ්ව විද්‍යාල පනතේ 70 වැනි වගන්තිය යටතේය.
022

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.