සිල් රෙදි නඩුවෙන් වැරදිකරුවන් වී සිර ගත කරනු ලැබූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහත්වරුන් වෙනුවෙන් අධිකරණයෙන් නියම කළ වන්දිය ගෙවීමට මැදිහත්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ද, ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකුගෙන් රුපියල් පනස් දහසක් ද, පළාත් පාලන ආයතන සභිකයකුගෙන් රුපියල් 25000ක මුදලක් ද එකතු කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග කියයි.
පරිත්‍යාග ශිලීන්ගෙන් ද ඒ සඳහා මුදල් ලබා ගැනීමට අපේක්ෂ කරන බව ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ශෝක්! මාරු ආදර්ශයක්නේ කට්ටිය දෙන්නේ! ඒ ගොල්ලන්ගේ අනාගත ආණ්ඩුව වැඩ කරන හැටි පෙන්නනනවා! හොරකම් සහ ජඩකම් කරන අයට නීති ආධාර සහ වන්දි ආධාර ඒගොල්ලන්ගේ ගානේ මීට පස්සේ !
රජතුමා ගහපු ඒවා වලින්ම දෙන්න පුළුවන්නේ, මොකටද එක එකාගෙන් හිඟාකන්නේ.
සිල් රෙදි සමග තිබුනු පින්තූරයේ ඉන්න කෙනාට ඔය මුලු දඩයම ගෙවන්න පුලුවනි, සුනාමි සල්ලිත් තියෙනවනෙ.
ඔය විදිහට ලෝක දෙමළ සංසදයක් එකතු වෙලා අර්ජුන මහේන්ද්‍රන්ලගේ බැඳුම්කර වංචාවට මුදල් එකතු කරලා දුන්නොත් සිංහලයෝ විශේසයෙන්ම ඒකාබද්ධ විපක්ෂේ කැමතිවෙයිද.මොකද දෙකම සාපරාධි වංචා.
මහජන මුදල් මිලියන 600ක් කු පා ම මහින්ද වංචා සහගතව වියදම් කලේ තම සේවාකාලයෙන් අවුරුදු දෙකක් ලංසුවට තබා තවත් නව සේවා කාලයක් ලබා ගැනීමට අහිංසක සිල් මෑණීවරුන්ට ඔවුන්ගේ චන්දය ලබාගැනීමේ අරමුණින් දෙන අල්ලසක් වශයෙනි. ඒ නිසා ඔය නඩයෙන් අපට අහිමි වූ මිලියන 600 එකතුකර රටට දෙන්න. ඔන්න රටට ආදරේ 'එලිය' සංවිධානයට කරන්න ඕනේ නම් වැඩක්. ජාතී දේශ හිතය්ශී නම් කරලා පෙන්වන්න.
ඉතාම සාධාරණ ක්‍රමයක්. කට්ටිය හොරකම් කරපු, මහජන මුදල් ගසා කාපු අනුපාතයට අනුව, ඒවායින් සීයට දෂම එකක් මේ විදිහට අය කරලා මහා හොරාගේ හොරකම පියවල දාන එක ඉතාම සාධාරණයි.
රටක පාලනය සඳහා දායකවන දේශපාලකයන් මෙවැනි පහත් තත්ත්වයකට වැටිම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. ජනතාව මොවුන් ජනතා නියෝජිතයන් වශයෙන් පත්කරගෙන ඇත්තේ දුෂිතයන්, අපරාධකරුවන් වෙනුවෙන් පෙනීසිටීමට නොවන බවට මොවුන් කවදා තේරුම් ගනීවිද? අධිකරණ තීන්දුවක් අපහාසයට ලක්කිරීමක් මෙයින් සිදුවන බවක් නොසිතන මේ කණ්ඩායම, අනාගතයේ රට මොන දිසාවකට ගෙන යාමට උත්සාහ ගන්නේද යන්න ජනතාව තේරුම් ගතයුතුය.
ඒ කියන්නේ, මේ සිල් රෙද්දෙන් චන්ද වාසි ගත්තු එක්කෙනා කියනවද මගේ සල්ලි නම් දෙන්න බෑ, උඹල අනික් හොරුන්ගෙනුත් එකතු කරලා ගෙවන්න බලපල්ලා, මදි පාඩුව විතරක් මං දාන්නම් කියල.
හරියට හරි, හොරා කාපු එවුන් උන්ගෙ සල්ලි වියදම්කරලා බේරගත්තුදෙන්.
දඩ ගෙවන්න යන්නේ වැරැද්ද පිළි අරගෙන නිසාද? කලින් අභියාචනා කරනවා කියල නේද කිව්වේ? එතකොට චන්දය නිවේදනය කලාට පස්සේ දන්සැල් දීපුවට ලිත් බෙදපුවට හිරේ යන්නේ කෑම උයපු ලිත් අච්චු ගහපු මිනිස්සුද?
දැන් එතකොට් සිල් රෙදිවලට වියදම් කරපු මිලියන 600 රටේ ජනතාවගේ සල්ලි නෙවෙයිද? ඒවා මහින්දගෙද ? අපේ සල්ලි වැරදි විදිහට වියදම් කරලා නීතියෙන් දඬුවම් දුන්නහම ඒ දඩ ගෙවන්ඩ් වෙන්නෙත් අපිටමයි. ජනතාවනි පුළුවන් තරම් රුපියලේ කාසි එකතු කරලා තියාගන්ඩ. තව ඉස්සරහට මේ හොරුන්ට දෙන්ඩ.
දඩය ගෙවා නිම වූ පසු රජයට පාඩු වූ රුපියල් මිලියන 600 මුදලේ ඉතුරු ටිකත් රට වෙනුවෙන් ගෙවල දමන්න. එය ඒකාබද්ධෙට පහසුවෙන් කල හැක.
ඉදිරියේදී මීටත් වඩා ගෙවන්න වෙයි ඒවාටත් සුදනම්වන්න.
සිල්රෙදි නැතුව රටේ උද්ඝෝෂණ මොනතරම් කළාද? ඒකනේ මේ මිලියන 600 ක සිල්රෙදි බෙදුවේ ඡන්දෙ ලංවෙලා.
ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න වාහන පමිට් එක විකුණපු දෙන්නෙක් එකතු වුණා නම් ඕක ගෙවන එක සුළු දෙයක්. කිසිම සාමාන්‍ය පුරවැසියකු ආධාර කරන්න එපා. අපේ සල්ලි වංචා කරලා අපෙන්ම දඩය ගෙවාගන්න තමා කල්පනාව
අපේ බදු මුලද් වලින් ඡන්ද කාලේ පිං කරගන්න කලින්, ඇමතිලාගෙන්ම එකතු කරලා ඕක මුලිනම් කලානම් අද හිරේ නෙමෙයිනේ
පල හොරුන්ගේ දඩමුදල් ගෙවන්න මිනිස්සුන්ට පිස්සුද....මේවා ගොන් කතා....මල බද්දේ ඉන්නේ හොර කල්ලියක් බව මෙයින් ඔප්පු වෙනවා..
මේ අය හොරකම් කරපු සල්ලිවලින් ගෙවයි. රටේ මහජනතාව ගෙවනව නම් ඒ අය තමයි බත් කන හරක්
නඩුවට ඇපැල් කරනවන් දැන් දඩ ගෙවන්න මොකටද. ඒකාබද්ද නඩේ නිකන් බොරු ෂෝ
අන්තිමට ටෙලෙකොම් ලොක්කෝ එයාව බේරගන්ඩ කියල අපේ ටෙලෙකොම් ගාස්තු සිකුරටම ඉහල දානවා.
මූල්‍ය වංචාවක් සදහා උසාවිය දඩුවමක් දුන්නම එම දඩමුදල වෙනත් පාර්ෂවයක් ගෙවන්න සූදානම් වෙනවානම් එය උසාවි නියෝගයයට අභියෝග කිරීමක් සය උසාවියට කරන අපහාසයක්. ඇයි මොවුන් වංචාවෙන් උපයාගත් දේපල ඇතිනේ ඔින තරමි. නියෝග දුන්න දේශපාලකයින්ටත් දඩුවමක් ලැබුනොත් තමයි මහජනතාවට සාධාරණය ඉටු වන්නේ. මෙවැනි සිද්ධි තාම.ත් සිදුවන නිසා ඒවාටත් නියම තීන්දු ලැබෙයි කියා ජනතාව අපේක්ෂාවෙන් ඉන්නවා. සාධාරණ සමාජයට හා නීතියට ජය වේවා!
සිල් රෙදි ඕනේ වෙන්නේ පොහොය දාට පන්සලේ සිල් ගන්න කොට අඳින්න. දේශපාලකයාගේ අවලම් සෙළුව සිල් රෙද්දෙන් වසන්න කළ උත්සාහය ආසන්න කර්මයක් ලෙසින් හොඳ ගුණ යහපත් පුද්ගලයෙකුවූ ලලිත් වීරතුංග මහත්මයාගේ කර පිටින් ගියා. උසාවියේ දඩ මුදල් ගෙවන්න අනික් අයගේ මුදල් ගන්න ඕනේ නැහැ. ඔය ඕන දේකට වියදම් කරන්න සල්ලි කොන්ත්‍රාත් එක දුන්න එක්කෙනා ගාව තියෙනවා, එයා ඕනේ ඉස්සරහට ඇවිල්ල තමන්ගේ සහයකයින් බේර ගන්න. එහෙම වැදගත් කමක් ඉබ්බාගේ පිහාටු වගෙයි.
අපේ මිලියන 600 අපට ඕනෑ. ඒ මුදල වහාම මහා භාණ්ඩාගාරයට යවන්න.
එකා බද්දෙට එකෙකුගෙන් ලක්ෂ 10 ගැනේ වත් එකතුකරන්නවෙවී මොකද ඉදිරියට සෙට් එකක්ම ඉන්නවා ඇතුලට යන්න සුදානමින් ඉන්නවා...
මොවුන් කරන්නේ අධිකරණයට අපහාසයක් නොවේද? නඩු පවරා දඬුවම් කොට එකාට රුපියල් ලක්ෂය බැගින් දඩ ගසා ප්‍රජා අයිතියද තහනම් කිරීම සුදුසුය!
මේ ඒකාබද්ද මැරාටි කන්ඩායම උත්සාහකරන්නේ රටේ අධිකරණ තීන්දුවක් හා රාජ්‍ය සේවයේ ගෞරවය සමගින් ඔවුන් තාමත් හිතාන ඉන්නේ තම පාලනකාලය තුල තිබු කැලෑ නිතිය ඔවුනට පමනක් ක්‍රියාත්මක වියයුතු බවයි.අවාසනාවකට හරි යලි මොවුන් බලයට ආවොත් රටේ නීතියට අඹ සරනයි.
ලොකු පල් හොරුන් වෙනුවෙන් සිල් රෙදි බෙදුවේ චන්දය ගන්න නේද බන්දුල කියන කතාව නඩුවේදී පෙන්වා දුන්නේ නෙත්තෙ මොකද ජනතාව තවමත් රවටන පල්හොරු තවම නිදෙල්ලේ
බන්දුලගේ ගානෙම ඕක ගෙවන්න පුළුවන්නේ. සල්ලි වැහිවහල
ඒ කියන්නේ දැන් හැමෝම පිලිගන්නවා මේක හොරාකාපු එකක් බව.අනේ අප්පේ මෙවුන්ටනේ තව තවත් අපේ මෝඩ මිනිස්සු රැවටෙන්නේ.
ආයේ එකතු කරන්න ඕනෙද? කලින් ආණ්ඩුවේ හොරකම් කල රටේ ජනතාවගේ මුදල් වලින් 00.1 % යන්නෙත් නෑ ඕක ගෙවන්න... මේකෙන් හොඳට පැහැදිලියි. රටේ ධනය අවභාවිතා කරලා තියෙනවා... වහාම ඔහුවද සිරගත කරන්න.
කලින් ආණ්ඩුව කාලේ දීපු නඩු තීන්දු කලින් විපක්ෂේ අය පිළිගත්තේ නැහැ. මේ ආණ්ඩුව කාලේ දෙන නඩු තීන්දු දැන් විපක්ෂය පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේ රටේ ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම ලංකාවේ අධිකරණ තීන්දු පිළිගන්නේ නැහැ. එහෙමනම් සාමාන්‍ය ජනතාවට ලැබෙන අධිකරණ තීන්දු ඇයි සාමාන්‍ය ජනතාව පිළිගන්නේ .. ?
මුන් වගේ ජාතියක් අම්මපා... ඔහොම සල්ලි එකතුකරලා නැති බැරි පව්ලකට ගෙයක් දොරක් හදල දෙන්න බැරිද ?
හිරේ ඉන්න අවුරුදු තුන කොහොමද බෙදා ගන්නේ. එකත් අඩුම තරමේ මාසේ ගානේවත් බෙදාගත්තනම් තමයි යුතුකම.
මගේ නම් මේ නඩු තීන්දුව ගැන ඇත්තේ පැහැදිලි කැමැත්තක් .. ලංකාවේ අංක එකේ හිටපු රාජ්‍ය සේවකයා කරලා තියෙන්නේ බරපතල වරදක් . නීතියට සහ සදාචාරයට පිටින් ගොස් රජයේ මුදල් [ ජනතා මුදල් ] දේශාපාලන අරමුණක් සඳහා පුද්ගලිකව වියදම් කිරීම බරපතල වරදක්. රුපියල් කෝටි 60 ක සිල් රෙදි දේශපාලන අරමුණක් වෙනුවෙන් බෙදීමක් යනු බරපතල වංචාවකි . මගේ හැඟීමට අනුව මාද්‍ය මෙම ප්‍රශ්නය සාර්ථකව ජනතාව අතරට ගෙන යන බවක් නොපෙනේ .. බෙදාදෙනු ලැබූ සිල්රෙදි වල එකදු පින්තුරයක්වත් ඉදිරිපත් කිරීමට සියලු මාද්‍ය ඉදිරිපත් නොවේ .. එසේ ඉදිරිපත් කළහොත් නියම වන්චාකාරයා කවුද යන බව රටේ සියලුම ජනතාව මොහොතකින් වටහාගනු ඇත.
අපි හැමෝම මේ රටේ පුරවැසියෝ. භාණ්ඩාගාරයේ තියෙන්නේ අපි හැමෝගෙම සල්ලි. ඒවා වලින් මුස්ලිම් ජනයා වෙනුවෙනුත් කුමක් හෝ කල යුතුයි.
හොඳ නැද්ද අදිකරණයට විරුද්ධව පොල් ටිකක් ගැහුවානම්?
මේක තව හොර මගඩියක් වේවි .ඉතුරු හොරුන්ට ඉදිරියට ගෙවන්න පටන් ගත්තම වෙනදේ බලමු. " අනේ අපට උන දේ "කියල ගිණුමක් පටන් ගත්ත නම් හොදා. එකතු කරන සල්ලිත් හොරකම් නොකලොත් තමා පුදුම. . . .
කියමු "ශී ෂෙල්ස්" වලින් වත් ගෙනත් දෙන්න කියාලා.
ගම්මන්පිල එකතු කරපු රුපියල් 100 වගෙයි.
මේ දෙපල මෙසේ සිල් රෙදි බෙදුවේ තමන්ගේ ගෙදරින් ගෙනත් නෙවෙයි. මහජනගේ සුබසිද්ධිය සඳහා වෙන්කරන ලද මුදල් තමන්ගේ මුදල් මෙන් වෙනයම් කටයුත්තක් සඳහා වියදම් කිරීම පළමුවන යොජනාවයි. දෙවැන්න, මේ ඒකාබද්ධයේ අනාගත පැවැත්ම උදෙසා මෙම වියදම කිරීමයි. සිල් රෙදි වැනි හොඳ කාරණාවකට යෙදුවත් එහි චේතනාව වංචාවයි. ඒ සඳහා තමයි නීතිය ක්‍රියාත්මක වී ඇත්තේ. එයයි මෙතන ප්‍රයත්නය. එම නිසා එකබද්ධය ද වක්‍රව මෙම පාපයට හවුල් වී ඇත. එම නිසා ඔවුන්ද වන්දි ගෙවිය යුතුය. අපේ ඇතැම් හාමුදුරුවරුද මෙය හොඳින් වටහා ගත යුතුය.
සිල් රෙදි තීන්දුව නිසා අධිකරණ ඇමති තුමියගේ ගමේ තියන්න සිටිය සංවත්සරය වන්දි ගෙවලා තියෙන්නේ.
එතනිනුත් ගහන්නයි කට්ටිය හදන්නේ
තීන්දුවට එරෙහිව නැවත අභියාචනාධිකරණයට යනවනම් මොකටද සල්ලි එකතු කරන්නේ ආධාර එකතු කරනවා කියන්නේ තීන්දුව පිලිගන්න නිසයි. ඔය හදන්නේ වීරතුංග හිරේ ගිය එකෙනුත් ප්‍රයෝජන අරගෙන ගාන කඩා ගන්න.
ගමේ සුළු අපරාධවලට හසුවී දඩ ගෙවීමට බැරිව හිරබත් කෑමට සිදුවන අයටත් මෙය සුබ ආරංචියක් වෙන්න පුළුවන්. නීතියෙන් අපරාධ කරලා හිරේට නියම වෙන අයට මේ විදියට පිහිට වෙන සුදනන් ඉන්නේ "සකල සිරින් පිරි සිරි ලංකාවේ" පමණකි.... පහුගිය ඡන්ද කාලේ අපේක්ෂකයෙක් ඡන්ද වැඩ කරන්න සීයේ කොල හිඟා කාලා පාර්ලිමේන්තුවට ගිය හැටි අපට තවමත් අමතක වී නැත. ඒ අයටම උදව්කරලා හිරබත් කෑමට සූදානම් වෙන අයට දඩ ගෙවන්න හිඟා කන එක ජාති ජාති නරකයේ පෑහෙන පවක් බව සීයා කියනවා !
බලාගෙන, ඔය එකතු කරන සල්ලිත් ඔතන ඉන්න කෙනෙක්ම අනිත් අයට නොදැනීම පිල්ලි ගහයි!
ලලිත්, මේවා බෙදුවේ ලොක්කගේ බූදලයෙන් වගේ....නේ.